නුවර වැව ඉස්මත්තේ
විසල් තුරු වියන යට
ගල් බැම්මේ වාඩි වී
නුඹ සිටිය අපුරුව...
වැව් තලය සිප නිතින
හමා එන පවන් රැලි
වැදී නුඹේ කෙහෙ රැළිති
කරන දඟ මුව දැවටී...
විඩා බර මුව මඬලේ
නැගෙන ඩා දිය බිඳිති
පිසලමින් හිනැහෙමින්
දොඩමලු වූ නුඹේ දෙස...
බලා සිටියෙමි මම,
ගිනියම් වු මද්දහනේ!
By Manu Fernando.
By Manu Fernando.