තුලනාත්මක සාහිත්‍යය යනු, එක් දේශයකට, එක් ජාතියකට, එක භාෂාවකට සීමා නො වී, විවිධ භාෂා වලින් නිර්මාණය වූ ලෝක සාහිත්‍යයන් වල ඇති අන්තර් සම්බන්ධතා පිළිබඳ
කරන විචාරාත්මක අධ්‍යනයකි. තුලනාත්මක
සාහිත්‍යය, සාහිත්‍ය විචාරයේ එක් න්‍යායක්
වන අතර එහි ක්‍රමවේදය විකාශනය වෙමින් පවතී. එහි දී සාහිත්‍යය සහ අනිකුත් කලාත්මක හා සංස්කෘතික මානව ප්‍රකාශන වන චිත්‍ර කලාව , සංගීතය හා නර්තනය, මූර්ති කලාව, ගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම ශාස්ත්‍රීය හා සමාජ විද්‍යාත්මක විෂයයෙන් වන
දේශපාලන විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව හෝ ආගම් විශ්වාස සහ ඇදහිලි වැනි විවිධ විෂය පථ වල
ඇති අන්තර් සබඳතා ද තුලනාත්මක ව විශ්ලේෂණය කෙරේ.
තුලනාත්මක සාහිත්‍යකරුවාගේ කාර්ය භාරය
වනු යේ හුදෙක් ලෝක සාහිත්‍ය නිර්මාණ අතර ඇති සමානතා හා විෂමතා හැදෑරීම නොව, එක නිර්මාණයක් තව නිර්මාණයක් කෙරෙහි සෘජු ව හෝ වක්‍ර ව බලපෑ ඇත් ද, එසේ වී නම් ඒ සඳහා හේතු
සාධක නිශ්චය කිරීම, විදේශීය බසකින් ජාතික භාෂාවකට
පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයා මුහුණ දෙන
භාෂාත්මක සහ සංස්කෘතික අභියෝග අධ්‍යනය මෙන් ම සාහිත්‍ය
කෘතියක් වෙනත් කලාත්මක ප්‍රකාශනයකට අනුවර්තනය කිරීමේදී නිදසුනක් ලෙස නවකතාවක් සිනමාවට අනුවර්තනය කිරීමේ දී අනුගමනය කරන ලද ශාස්ත්‍රීය ශිල්ප ක්‍රම, සාහිත්‍යය රසය සහ සිනමාත්මක රසය අතර ඇති පරස්පරතා වැනි දෑ පිළිබඳ විචාරාත්මක
ව විග්‍රහ කිරීමයි.
තුලනාත්මක සාහිත්‍යයේ ආරම්භය
බොහෝ සාහිත්‍ය කරුවන් ග්‍රීක සහ රෝම වැනි සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනය කිරීමට අතීතයේ සිටීම පුරුදු වී සිටි අතර, තුලනාත්මක සාහිත්‍ය පිළිබඳ යුරෝපයේ
කතිකාවත ඇරඹෙන්නේ 19 වැනි ශතවර්ෂයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ යටත් විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතෙක් ජාතික භාෂා සහ සාහිත්‍ය වලට මෙන්
ම එක රටකට නැඹුරුව සිටි ජනතාව, දැනුම සොයා සංචාරය කිරීමටත්, විවිධ ජනවාර්ගික කලා ප්‍රකාශන කෙරෙහි උනන්දුවක් දක්වන්නට පටන් ගත්හ. එම නිසා යුරෝපය
තුල රෝමෑන්ටික වාදය, යථාර්ථවාදය , ස්වාභාවවාදය, උපස්ථිතිවාදය වැනි පොදු
සාහිත්‍ය සහ කලා ප්‍රකාශන බිහි වූ අතර පෙරදිග සංචාර
වලින් ආභාෂය ලැබ එම සමාජ වල චරිත සහ සිදුවීම් ද තම නිර්මාණවලට ඇතුළත් කළහ. එම නිසා
සාහිත්‍ය කෘතිවලට බහුරූපී අර්ථකතන ලබා දිය
හැකි විය.
ප්‍රධාන ගුරුකුල
තුලනාත්මක සාහිත්‍ය විචාරයේ දී ප්‍රධාන ගුරුකුල දෙකකි. සෝබෝන් සරසවිය මූලික කරගෙන ප්‍රංශ ගුරු කුලය බිහිවීමට
ක්ලෝද් ෆොරිඑල් ( (Claude Fauriel , 1772-1844) හා රෙනේ එතිඔම්බ්ල් (Réné etiemble, 1909-2002) වැනි උගතුන් දායක වී ඇත. ප්‍රංශ ගුරු කුලය අනුව, තුලනාත්මක අධ්‍යනය කරනුයේ සම්ප්‍රදායික සාහිත්‍ය විචාර ක්‍රමය අනුවය. එහිදී සාහිත්‍ය කෘතියක් හා බැදී
පවතින බාහිර සාධක වන නිර්මාණ කරුවාගේ චරිතාපදානය, සමාජ සන්දර්භය, සාහිත්‍ය සම්ප්‍රදායින් අධ්‍යනය කරන අතරතුර, සාහිත්‍ය කෘති හරහා විවිධ දෘෂ්ටිවාදයන් සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය නිදසුනක් ලෙස අනුකරණ, අනුවර්තන, උපහරණ, පරිවර්තන කෙරෙහි අවධානය
යොමු කරනු ලැබේ.
රෙනේ
වෙලෙක් (René
Wellek, 1903 - 1995) හා එච්. එච්. රේමක් ( H.
H. Remak, 1916-2010) වැනි වියතුන්ගේ ආභාෂයෙන් බිහි වූ
ඇමෙරිකානු ගුරුකුලය අනුව, සාහිත්‍ය කෘති නිර්මාණයේ දී එකිනෙකකට
ඇති බලපෑම වැදගත් නොවේ. ඔවුහු සාහිත්‍යය අනිකුත් කලාත්මක ප්‍රකාශනවලට සැසඳීමට
ආරම්භ කළහ. බාහිර සාධක ගැන නො සලකා කෘතියක
ඇතුලාන්තයේ අඩංගු සෞන්දර්යාත්මක කරුණු සහ ස්වරූපය
නිදසුනක් ලෙස තේමාවෙන්, සාහිත්‍ය න්‍යායන් වලට ඇති සම්බන්ධතාව අධ්‍යනය කළහ.
බල්ගේරියානු- ප්‍රංශ ජාතික විද්‍යා
සාහිත්‍ය විචාරක ජූලියා ක්රිස්ටේවා ට අනුව
සෑම කෘතියකම , සෑම වාක්‍යයකම අර්ථය මතු වන්නේ තවත් කෘතියක ආභාෂයෙනි. කිසිවිටෙක කෘතියක් හුදකලාව නොපවතින අතර පාඨකයා අර්ථය මතු කරගන්නේ පෙර නිර්මාණය වූ
කෘති වලිනි. අන්තර්භාෂිකත්වය හෙවත්
Intertextuality යනුවෙන් මෙය හැදින්වේ.
කාලීන
වැදගත්කම
වර්තමානයේ තුලනාත්මක සාහිත්‍යයේ
වැදගත්කම වන්නේ, විවිධ රටවල විවිධ භාෂාවලින් බිහි වූ
සාහිත්‍ය නිර්මාණ සියල්ලට ම එක සමාන
තත්වයක් ලබා දීමට ඇති හැකියාවයි. එමගින් අන්තර් සංස්කෘතික (Intercultural)
සංවාදයකට මුල පිරිය හැක. නිර්මාණයක සාහිත්‍ය වටිනාකම තීරණය වන්නේ එහි බාහිර
සාධක වන කතුවරයාගේ ජනප්‍රියතාවය හෝ ප්‍රධාන ධාරාවේ බසින් ලියූ කෘති නිසා නොව, හුදෙක් එහි
අන්තර්ගත විශ්වීය තේමාවන් හා හරයන්
නිසාවෙනි. ඊට අමතරව තුලනාත්මක සාහිත්‍ය කරුවන්ගේ පර්යේෂණවලින් වලින් එක් සාහිත්‍ය ආකෘතියක සිට විවිධ ආකෘති වලට
පරිවර්තනය හා අනුවර්තනය වෙමින් තව තවත් නිර්මාණ බිහි වීම තුල කලාවේ ඇති උත්පාදන ශක්තිය තවදුරටත් පෙන්නුම් කෙරේ.
By Jahooli Devi
මූලාශ්‍ර නාමාවලිය
Bassnett, S., 1993.
Comparative Literature: A Critical Introduction. Wiley, John & Sons,
Incorporated.
Guyard, M., 1965. La littérature comparée. Presses Universitaires De
France.
Pageaux, D., 1994. La Litterature Génerale et Comparée. A. Colin.
Saussy, H., 2006. Comparative
Literature in an Age of Globalization. Johns Hopkins University Press.