Advertisement

බණ්ඩක්ක කරල් එක දෙක තෝරන ගෑනු
අත පය හැලිච්ච හිඟා කන මිනිස්සු
තුන් වරක් ඉල්ලන පෝස්ටර් ජනාධිපති
ඇස් පියාගෙන බුදුන්ට පාන තියන මුදලාලි
රාබු කරවල එකට දාපු බත් පාර්සල්
කුණු ඇල ගාව තියෙන කොළ කැඳ
පයින්ම ඉස්පිරිතාලේ යන ගැබිණි මාතාවෝ
කොළඹට විනෝද චාරිකා යන බස් රථ
ටිකට් එකකුත් ඕනෙ දැයි අහන කොන්දොස්තර
භූමිතෙල් රස කඩල විකුණන අන්කල්
වතු සුද්ද , වද රෝස පිරුණු කාර්යාල
කහ දියර ඉහින වී අයි පී මල් සාලා
ගස් යටත් පත්තර කියවන නූගත්තු
පාර දිගටම වැටි වැටී ඇති බලු බෙටි
ඒ අතරින් හිනා වෙවි දුකින් යන මම...
No comments:
Post a Comment