Tuesday, September 22, 2015

පෙම් කුරුල්ලෝ The Sweethearts by Hans Christian Andersen

Advertisement



බඹරයකුයි   බෝලයකුයි අනිත්  සෙල්ලම් බඩු  එක්ක  එකම පෙට්ටගමේ ජීවත් වුණා. දවසක් බඹරය බෝලයට මෙහෙම කිව්වා.

අපි දෙන්න මේ පෙට්ටගමේ එකටනේ ඉන්නේ , ඉතින් ඇයි  අපි දෙන්න  යාළු වෙන්නේ නැත්තේ ?

තමන් හරි උසස් යැයි නිතරම හිතන ආඩම්බර නෝනා කෙනෙක් වගේ හිටපු මොරොක්කෝ රටේ පදම් කරපු හම් වලින් හදපු  බෝලය  මේ යෝජනාව තුට්ටුවකටත්  ගණන් ගත්තේ නැහැ.

පහුවෙනිදා මේ සෙල්ලම් බඩු වල අයිතිකාර පොඩි ළමයා ඇවිල්ලා  බඹරය රතු පාටිනුයි කහ පාටිනුයි පාට කරලා  මැද්දට පිත්තල ඇණයක් හයි කළා.  බඹරය කරකවද්දී දැන් හරි ලස්සනයි.

" මේ බලන්නකෝ මෙයා!  දැන් කොහොමද මං අපි දෙන්නා නියමෙටම ගැලපෙනවා . අපි ලව් කරමුද ඔය උඩ පනින්න මන් නටන්නම් . අපි දෙන්න තරම සතුටින් ඉන්න දෙන්නෙක්  මේ ලෝකෙම නැතිව ඇති " බඹරය බෝලයට කිව්වා.

" ආ එහෙමද ඔයා  හිතන් ඉන්නේ ? බෝලේ කිව්වා. " අපේ අම්මයි තාත්තයි මොරොක්කෝ ලෙදර් සෙරප්පු , මගේ ඇඟ මැද්දේ රබර් කෑල්ලකුත් තියෙනවා , ඔයාට මේවා තේරෙන්නේ නැති පාටයි. "

"ඔව් මට තේරෙනවා. ඒවුනාට මාව හදලා තියෙන්නේ මැහෝගනී වලින්!   බඹරය කිව්වා. විනිසුරු තුමා මාව හැදුවේ එයාගෙම ලියන පට්ටලේ දී . එයා හරි ආශාවෙන් තමා මාව හැදුවේ."

" මන් මේවා ඇත්තටම විශ්වාස කරන්න ඕනේ ?   බෝලේ කිව්වා.

" මන් බොරු කියනවානම්  ආපහු  කවදාවත් මට කැරකෙන්න බැරිවෙන්න ඕනේ" බඹරේ දිව්රලා කිව්වා. 

" ඔයා හොඳට කතා කරන්න නම් දන්නවා වගේ  . ඒ වූනාට මට බැහැ ඔයාට ලව් කරන්න. මම මුහුදු ලිහිණියෙක් එක්ක විවාහ ගිවිස ගන්න තරමට සුදුසුයි. 
මම උඩ යන හැම වෙලේම එයා  කූඩුවෙන් ඔලුව එලියට දාල අහනවා 
"කැමතිද ?" කියල.   මම හිතින් ඔව් කියලා කියල තියෙන නිසා විවාහ ගිවිස ගත්ත වගේ තමයි .  ඒත් මන් පොරොන්දු වෙනව ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියල. " බෝලේ කිව්වා. 

" , ලොකු උදව්වක්! "     බඹරේ කිව්වා.

ඊට පස්සේ ඒගොල්ලන් තවත් කතා කලේ නැහැ.


පහුවෙනිදා බෝලේ සෙල්ලම් කරන්න එලියට  ගෙනිච්චා.  බෝලේ කුරුල්ලෙක් වගේ දුර ඈත ආකාසේ උඩින් ගිහින් නොපෙනී යනවා  බඹරේ බලන් හිටියා. පොළොවට වැටෙන හැම වෙලේකම තවත් වේගෙන් බෝලේ උඩ  ගියා . එහෙම උනේ එයාගේ ඇඟ ඇතුළේ රබර් කෑල්ලක් තිබ්බ හින්දා.   නව වෙනි පාර බෝලේ අතුරුදහන් උණා. ආපහු ආවේ නැහැ. පොඩි ළමය හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.




" මන් දන්නවා එයා කොහෙද ඉන්නේ කියල ,එයා මුහුදු ලිහිණියාව කසාද බැඳලා එයාගේ  කූඩුවට වෙලා  ඇති " බඹරේ සුසුම් ලෑවා.   

බඹරේ මේ ගැන  හිතන  වාරයක් පාසා තව තවත් බෝලේ ගැන ආදරේ වැඩිවුණා. එහෙම උනේ කව දාවත් ඈව  ලබාගන්න බැරි වෙන නිසයි.  තව කෙනෙක් ඈව ලබාගෙන තියෙන නිසා මේ පිස්සුව තවත් වැඩි වුණා.

බඹරේ වෙනදා වගේ නැටුවත් කැරකුණත් බෝලේ ගැන නිතර හිතුව. එයාගේ හිතේ බෝලේ තව තවත් ලස්සනට  මැවිලා පෙනුණ. මේ විදිහට  අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ල මේක තවත් එක පරණ ආදරයක් බවට පත් වුනා.

බඹරේ තවදුරටත් තරුණයෙක් නෙමේ.

දවසක්  කට්ටිය  එයාව රත්තරන් පාටින්  පාට කලා. මෙයා සින්දු කියා කියා උඩ පැන පැන නැටුවා.

"මාත් දැන් ලොක්කෙක් ! "

බඹරේ එක පාරම පැන්න පාර උඩ වැඩිවෙලා ඈතට වීසි වෙලා ගිහින් නොපෙනී ගියා.

කටිටිය මෙයව හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.

මෙයා   හිටියේ කොහේද ?

මෙයා  වැටිලා හිටියේ පල්ලෙහා ගඳ ගහන කුණු බක්කියට !  කුණු වෙච්ච එලවලු පලතුරු , ඉරුණු කඩ මලු පිරුණු අත ඇරලා දාපු ලට්ට ලොට්ට මැද්දට.

" මෙන්න ජීවත්වෙන්න  කියාපුම  තැන! " මගේ රත්තරන් ආලේපේ ඉක්මනට ගැලවිලා යයි! මේ මොන අපායක්ද ?  "

එයා අප්පිරියාවෙන් බාගෙට කුණු වෙච්ච ගෝවා ගෙඩියක් දිහාවේ බලද්දී  පරණ වෙච්ච ඇපල් ගෙඩියක් වගේ රවුම් දෙයක් දැක්ක. ඒ වුනාට එක ඇපල් ගෙඩියක් නෙමේ. අවුරුදු ගානක් වතුරේ පල් වෙවී තිබ්බ පරණ බෝලයක්.

" අනේ  දෙය්යනේ ලොකු උදව්වක් අන්තිමේ දී  මට ගැලපෙන කෙනෙක් හම්බ වුණා.  අඩුම ගානේ කතා කර කර ඉන්නවත්. " බෝලේ  දිලිසෙන බඹරේ   දිහා බලල  කිව්වා.

" ඇත්තටම මාව හදල තියෙන්න මොරොක්කෝ ලෙදර් වලින් , කැටයම් දාල දක්ෂ කෙනෙක් තමා  හදල තියෙන්න.  මගේ ඇතුලේ රබර් කෑල්ලකුත්  තියෙනව. බැලුවට කාටවත් පිටින් කියන්න බැහැ. මන් මුහුදු ලිහිණියව කසාද බඳින්න තමා  හිටියේ. එවුණා ට මාව මේ පල් වෙච්ච කුණු බක්කියට වැටුණා අවුරු පහකට විතර ඉස්සෙල්ල  . කොච්චර කාලයක්ද තරුණ ගෑනු ළමයෙකුට !"

බඹරේ වචනයක්වත් කිව්වේ නැහැ.  එයා හිත හිත හිටියේ පරණ ලව් එක ගැන. තව කතාව අහගෙන යනකොට එයට තේරුණා මේ  එයාගේ පරණ ආදරවන්තිය බව.

එක පාරටම කුස්සි අම්මා කුණු බක්කිය සුද්ද කරන්න ආව.

"මේ බලන්න කෝ රත්තරන් බඹරයක් ! "

කට්ටිය උත්සවශ්‍රීයෙන් බඹරය එයා හිටිය තැනට වඩම්මවාගෙන ආව.  බෝලේ ගැන වගක්වත් නැහැ. බඹරේ එයාගේ පරණ  ආදරේ ගැන වචනයක්වත් ආපහු කතා කලේ නැහැ.  අවුරුදු  ගානක් තිස්සේ කුණු බක්කියේ පල් වතුරේ තැම්බි තැම්බී හිටිය  ආදර වන්තිය එයාට  අමතක වෙලා ගියා.

ඇයි ?

කුණු බක්කියකදී හම්බ වුනොත් ඔය කට්ටියටත්  ඈව අඳුරගන්න බැරිවෙන හින්දයි.   



Translated by Jahooli Devi

No comments: