Advertisement
බිත්තරයක් විතර
පොඩි ගෙම්බියෙක්
දැක්කා දවසක්
හැඩි දැඩි ගොන් නාම්බෙක් ...
මටත් ඕනෑ වෙන්න
ඒවගේ ලොක්කෙක්
හිතුවා ඉරිසියාවෙන් පැලෙමින් ...
දිවා රෑ වෙහෙසුණා ඈ
පුම්බමින්, උඩ පනිමින්
හරිහරියට වැඩ කරමින් ....
"මේ බලන්නකෝ
දැන් මන් ලොක්කෙක්ද ?"
ඇහුවා ඈ ආසාවෙන්
"නෑ නෑ තවම නෑ "
"දැන්වත් ඇතිද ?"
"තාම මදි"
"දැන් නම් ඇති නේද ?"
"තාම ළඟින්වත් නෑ "
මෙන්න බලාපන්
පිම්බුවා හයියෙන් මෝඩ ගෙම්බි දවසක්
අන්තිමේදී මැරී වැටුණා එතනම පිපිරී ....
හැමෝටම උවමනා අහසේ මාලිගා තනන්නයි
ධනය බලය ලැබූ පමණින්
පිරිවර සේනා වටකරන් රජ වෙන්නයි.
ඉතින් අප වටා සිටින්නේ
මෝඩ නූගත් මිනිසුන් නොවේදැයි?
Translated by Jahooli Devi

No comments:
Post a Comment