Friday, August 4, 2017

The divorce by Guy de Maupassant දික්කසාදය


පැරීසීයේ අවුරුදු දහයකටත් වඩා කාලයක් තිස්සේ ගැළපෙන්නෙ නැති ජෝඩු හැමෝගෙම දික්කසාද නඩු වලට පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥ බොන්ත්‍රොන් මහතා,  කාර්යාලයේ දොර විවෘත කරලා එයාගෙ අලුත්ම සේවාදායකයාට ඇතුළට එන්න පැත්තකට වුනා.
Image result for the divorce by maupassant
හැඩි දැඩි , ටිකක් තරබාරු , රත් පැහැ මක් හා තඹ හිසකේ ඇති ඔහු උද්යෝගයෙන් ආචාර කලා. 

"මෙහෙන් ඉඳ ගන්න". නීතිඥ මහතා කිව්වා.

පොඩ්ඩක් කැහල උගුර පාදලා  තරුණයා ඇහුවා.

"සර් මං මේ ආවේ සර්ට මගෙ දික්කසාද නඩුවට පෙනී ඉන්න පුළුවන් ද කියල දැන ගන්න. "

"ඔව් කියන්න බලන්න විස්තරේ."

"සර් , මම ඉස්සර නොතාරිස් කෙනෙක්."

"ඉස්සර!"

"ඔව් ඉස්සර. දැන් මට වයස තිස් හතයි."

"හ්ම්ම්"

"සර්, මං මහ කරුම කසාදයක් කර ගත්තේ, පුදුම කරුමයක්."

"ඔයා විතරක් නෙමේනේ මේ ලෝකේ!"

"මං ඒක දන්නවා, අනිත් කට්ටිය ගැනත් දුකයි. ඒ වුනාට  මගේ කේස් එක හරිම වෙනස්, මම දුක් විදින්නේ අමුතුම කාරණයක් හින්දා. මං මුලක ඉන්ම කතාව කියන්නම් කෝ."

"මං කසාද බැන්දේ කවුරුත් හිතන්නේ නැති විදිහකට. ඔබතුමා විස්වාස කරනවද  භයානක දේවල්?"

"මොන වගේ දේවල්ද?"

"සමහර භයානක අදහස් ඇඟට විස වගේ හිතටත් විසයි.  ඇයි නැද්ද?"

"ඔව්, සමහර විට."  

"ඇත්තටම, සමහර අදහස් අපේ ඔලුවට ගියාම  එවා නතර කර ගන්න බැරි වුනොත් අපේ ඔලුව විකාර කරලා පිස්සු වට්ටලා මරන්න හදනවා.  ඒක නිකන් ආත්මය වහ බොනව වගේ වැඩක්. අපේ වෙලාව අනුව මේ වගේ කරුම අදහසක් අපේ ඔලුවට වැටුනොත්, මුලදිම තේරුම් නොගත්තොත් ඒ අදහස අපිව ගිල ගන්න ඉන්න යකෙක් කියලා, පැයෙන් පැය, දවසින් දවස ඒ දේම මතක් වෙලා, වෙන වැඩක් පලක් ගැන නොහිතා ඒක ගැනම හිතලා හිතලා, තැවිලා ලතවෙලා , අපිව කල්පනා සාගරයක අතරමං කරනවා."

"සර් මෙන්න මේකයි මට වුනේ.  මුලදි කීව්ව විදිහට , රුඔන් වල මං නොතාරිස් කෙනෙක් විදිහට තමා වැඩ කලේ. අපි දුප්පත් නොවුණට හරි අරපරිස්සසමෙන් තමා සල්ලි වියපැහදම් කලේ. මගේ වයසට  කැමති දේවල් කරද්ද්දී  හැම දේටම සතේට ගණන් බලලා වියදම් කරන එක හරි අමාරු වැඩක්."

"නොතාරිස් කෙනෙක් විදිහට මං හෑමදාම පත්තරේ ලුහුඬු දැන්වීම් ඉඩම් කඩම් විකුනණ දැන්වීම් , මංගල යෝජනා පවා එකක් නෑරම කියවනවා. මේ විදිහට මං සමහරුන්ට හොඳ කසාදත් කරගන්න උදව් කරල තියෙනවා."

දවසක් මට මෙහෙම දැන්වීමක් හම්බවුනා.

"පියකරු, චරිතවත්  මෙනෙවියක් විවාහයට ගුණ ගරුක මහතෙක් සොයයි. දෑවැද්ද ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරයි. බ්‍රොකර්වරු අනවශ්‍යයි. "

එදා හවසම මම යාලුවො දෙන්නෙක් එක්ක රෑ කෑමට සෙට් වෙලා කතා කර කර ඉද්දී , කසාද බඳින මාතෘකාවත් ඉබේම මතුවුනා. මම විහුළුවට වගේ ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරේ කෙල්ල ගැන කට්ටියට කිව්වා.

මෝල් අයිති කාර යාලුවා කිව්වා " ඔය මොන වගේ ගෑනුද  කියල අපි නම් දන්නේ නෑ"

අනිත් පෙරකදාරු යාලුවා නම් මේ වගේ හරි ගිය කසාද අනන්තවත් දැකලා තියෙනවා කියල කියන ගමන් මට කිව්වා

"ඇයි යකෝ උඹ ඒකිව සෙට් කරගන්න හදන්නේ නැත්තේ?  නිකම් නෙමේ බන් ෆ්‍රෑන්ක් මිලියන් දෙකහමාරකුත් එක්ක! උඹේ ප්‍රශ්න ඔක්කොමත් ඉවර වෙයී!"

අපි කට්ටියම මහ හයියෙන් හිනාවෙලා වෙන දෙයක් ගැන කතා කරන්න ගත්තා.

පැයකට පස්සේ මං ගෙදර ආවා.

එදා රෑ හරිම සීතලයි.  ඒ කාලේ මං පදිංචි වෙලා හිටියේ ගමේ පරණ ගෙයක, ගෙදර නිකන් පුස් ගඳ ගහන හතු පිපිච්ච මඩුවක් වගේ.
පඩි පෙලේ යකඩ අත්වාරුව අල්ලපු ගමන් මගේ අත සීතල වෙලා ගියා. අනිත් අතින් ටිකක් ඉස්සරහ බිත්තිය අල්ලන්න හදද්දී  තවත් ඇඟ සීතල වෙල ගියා.  එත් එක්කම පපුව නිකම් දුකකිනු යි තරහකිනුයි හිරවෙන්න ගත්තා.  මම මටම මුමුණන්න ගත්තා. 

"දෙය්යනේ, මට ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරක් තිබ්බ නම්!"

මගේ කාමරේ හරිම කලුවරයි. කුස්සියයි කාමරයයි  දෙකම තිබුණෙ එකට . ඇද ඇතිරිලි  නොදාපු ලොකු ඇඳකුයි, අල්මාරියයි , කබඩ්  එකයි , ටොයිලට්  එකයි   විතරයි තිබ්බේ.  ගිනි උදුනක් නැහැ . ඇඳුම් පුටු උඩ . පත්තර බිම හැමතැනම ... 
 
මං හිමීට සිංදුවක්  මුමුණන්න ගත්තා.

මිලියන දෙකා යි
මිලියන දෙකා යි
ෂා   නියමා     යි
ලක්ෂ පහා     යි
සීදේවි  කෙල්ල යි 

සත්තකින්ම මම ඒ වෙනකොට කෙල්ල  ගැන හිතල  නැහැ. ඇඳට වැටිච්ච මං   එයා ගැන කල්පනා කරන්න ගත්තා .කොච්චර  කල්පනා කලාද කිව්වොත් නිදා ගන්නත් පරක්කු වුණා . පහුවෙනිදා උදේ 8 ට වැදගත් වැඩකුත් තිබ්බ.

දෙවියනේ ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරක්. මම දහයට විතර ආපහු ඔෆිස් එකට ආවා. කාමරය ඇතුලේ  ගඳ  ඉවසන්න බැහැ . පරණ නඩු හබ වල කොළ කෑලි, නොතාරිස් කෝට් එකේ ගඳ , සපත්තු තැම්බිච්ච ගඳ ,  හැම දේම  කලවම් වෙලා .  

දවල් කෑමට මං වෙනදා වගේ බැදපු  ඌරු මස් කෑල්ලකුයි චීස් කෑල්ලකුයි කාල වැඩ කරන්න පටන් ගත්තා. අන්න ඒ වෙලේ තමා මං පලවෙනි වතාවට මිලියන දෙකහමාරේ මෙනෙවිය ගැන හරියටම හිතන්න ගත්තේ. 

ඒ කවුද ? ඇයි මං එයාට ලියන්නේ නැත්තේ ? ඇයි මං මේ ගැන දැන ගන්නේ  නැත්තේ.
සර් , අන්තිමට මං මේ වේදනාව ඉවරයක් කලා. දවස් පහළොවක් තිස්සේ මේ අදහස මගේ  ඔලුවේ හොල්මන් කළා. මට කරදර කර කර දුක් දුන්නා. මෙච්චර කාලයකට මට වද නොදුන් ප්‍රශ්නත් ඉඳි කටු අනිනවා වගේ මට වද දෙන්න පටන් ගත්තා.

අන්තිමට මං එයාගේ ජීවිත කතාව ගැනම හිතන්න ගත්තා. 

සර්,  අපි දේකට  කැමති  උනොත්  ඒක ගැන හිතන එක නතර කරන්න බැහැ."

ඇත්තටම ඒවගේ වැදගත් පවුලක ගෑනු ළමයෙක්  එච්චර  දෑ වද්දකුත් එක්ක පත්තරේ දැන්වීමක් දාල කසාදයක් හොයන එක එක ගැන හිතා ගන්නත් අමාරුයි.      
ඒ වුණාට එයා වැදගත් පවුලක කෙනෙක් වෙන්න ඇති. මොකක් හරි ප්‍රශ්නයක්  වෙලා ඇති.   
මුලදී මම මේ මිලියන දෙකහමාර ලොකු දෙයක් කියල හිතුවේ නැහැ. 
මිලියන 6, 8,10,12 දෑ වැදි  දෙන යෝජනා මං  අනන්තවත්  දැකල තියෙනවා. මිලියන 12ත් ලොකු ගාණක් නෙමේ .   
මේ තරුණ ගෑනු ළමය කාගේ හරි අනියම් සම්බන්ධයක ප්‍රතිපලයක් වෙන්න ඇති.  වැරද්ද හංගන්න මේ වගේ දෑ වැද්දක් දීල දේකට වෙන්නැති .
ඒක මෝඩ අදහසක්. නොතරිස්ලා කවදාවත්  නවකතා කියවන්න හොඳ නැහැ. ඒත්  සර් මං ඒවා කියෙව්වානේ . 

ඉතින් මං එයා ලියුමක් යැව්වා. 

සතියකට පස්සේ හවස පහට විතර මම කාර්යාලයේ වැඩක් කර කර ඉද්දී ක්ලාක් මහත්තයා කිව්වා.

 "මිස් ශෝන්ත්ෆ්‍රීස්"  

"එන්න කියන්න ඇතුළට "

අවුරුදු තිහක විතර පෙනුමක් තියෙන, ටිකක් විතර මහතදුඹුරු පැහැ හමක් තියෙන තරුණ කාන්තාවක් ලජ්ජාවෙන් ඇතුලට ආවා.

"ගන්න මිස්"

 එයා ඉඳගෙන  මිමිණුවා.

 "සර් , මම තම ඒ කෙනා"

"සමාවෙන්න මිස්  මං ඔයාව අඳුරන්නේ නැහැ."

"සර් ලියුමක් එවල තිබ්බේ "

"කසාදයකට ?"

"ඔව් සර්"

"ආ ! හොඳයි

"මම තනියෙන්ම ආවා. තනියෙන් ආවම ලේසියි ."

"මාත් එකඟයි . ඉතින් මිස් බඳින්න කෙනෙක් හොයනවද ?"

"ඔව් සර් ".

"ඔයාගේ පවුලේ කට්ටිය ඉන්නවද ?"

 එයා බිම බලාගෙන ගොත ගහන්න ගත්තා .

"නෑ  සර් අම්ම තාත්තා  නැතිවෙලා ගොඩක් කල්."

එහෙනම් මං හිතුවා හරියටම හරි . එක පාරටම මගේ පපුව හෝස් ගාල පත්තු වුණා.  මට තව හාර අවුස්සලා හිත් රිද්දන්න ඕනේ වුනේ නැහැ .

 "ඔයාගේ දෑවැද්ද සල්ලි  වලින්ද?"

මේ පාර එයා පොඩ්ඩක්වත් පැකිල්ලෙන්නේ  නැතිව කිව්වා.

"ඔව් ඔව් සර් ."

මං හොදට එයා දිහා බැලුවා . කෙල්ල නරකම නැහැ . ටිකක් පණ්ඩිත පාටයි. හිතුවට වැඩිය පණ්ඩිතයි.  ලස්සන කෙල්ලෙක්. , හොඳ පෞර්ෂයක්, නියම සහකාරියක්.

"ඔයාට ගෙදර යන්න හදීසිද ?"

 "නැහැ හදීසියක් නැහැ"

"ආ එහෙනම් මෙහාට වෙලා ඉන්නකෝ .අපි කතා කර කර ඉමු."

 "ඔයා හරි හොඳයි අනේ"

 "ඔයා නතර වෙලා ඉන්නේ මොන හෝටලයේද ?"

එයා රුඔන් වල හෝටලයක නමක් කිව්වා.

"මිස් ඔන්න ඔයාගේ අනාගත...  නොතාරිස් ඔයාව අද රෑ කෑම වලට එක්කන් යනවා!"

 එයා පොඩ්ඩක් අදි මදි කරල කැමැත්ත දුන්නා.

"එහෙනම් රෑ හතට එනවා ඔයාව ගන්න"
 
"හා හොදයි සර්"

මං එයාව දොර ළඟටම එක්කන් ගියා.

හතට විතර මං එයාව හම්බවෙන්න ගියා.  එයා සෙන්ට් පව්ඩර් දාල මේකප් එහෙම දාල මාව ආදරයෙන් පිළිගත්තා.

එයාව මං දන්නා රෙස්ටුරන්ට් එකකට එක්කන් ගිහින්  අමුතුම කෑමක් ඔර්ඩර් කළා.

පැයකට පස්සේ  අපි හොද යාලුවෝ වගේ කතා කළා. එයා එයාගේ කතාව කියන්න පටන් ගත්ත.

වැදගත් පවුලක උපන් එයා ගමේ තමා හැදිලා වැඩිලා තිබුණේ . අම්ම තාත්තගේ බූදලේම අයිති උනේ එයාට. හැබැයි ඒගොල්ලොන්ගේ නම් ගම් කවදාවත්ම කියන්න බැහැ ,  කවදාවත්ම කියන්න බැහැ කියල කිව්වා.

මට ඉතින් එකෙන් වැඩක් නැති හින්දා එයාගේ බූදලේ ගැන විස්තර අහන්න පටන් ගත්ත.

එයා හරිම විශ්වාසයෙන් එයාගේ වත් කම්, ඉඩම් කඩම්,  යාන වාහන ,ඔප්පු තිරප්පු  ගැන කතා කරන්න පටන් ගත්තා. මට එයා ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් ඇතිවුණා  . සල්ලි ගැන කතා කරන එක පැත්තක තියල  එයාට කැමති බවක් ඇඟෙව්වා. 

එයා කිචි බිචි ගගා හිනා වෙවී විහිළු කරන්න පටන් ගත්තා . මං එයාට ෂැම්පෙන් වීදුරුවක් දෙන ගමන් මාත් එකක් බිව්වා. මගේ ඔලුව අවුල්වුනේ  එක නිසා.

මං  එන්න එන්නම මනමාල කතා කියන්න පටන් ගත්තා. මොකද මට බය හිතුන එය මාව දාල යයි කියල. 

කලබල නොවී ඉන්න මං ආපහු දෑ වැද්ද ගැන කතා කරන්න පටන් ගත්ත. මොනව උනත් මගේ සේවා දායකයා ව්‍යාපාරිකාවක් නේ !

"ඔයාගෙ වත්කම් නිරවුල්ද?"

"ඔව්  මං ඔක්කොම සාක්ෂි අරන් අරන් ආවේඑයා  කිසි ගානක් නැතිව කිව්වා.

"කොහාටද? මෙහාට?"

"ඔව්  මං අරන් ආව"

"හෝටලේ තියෙනවද ?"

"ඔව් අනේ "

"පෙන්නන්න පුළුවන්නද ?"

"ඇයි  බැරි!"

"අද හවසම ?"

"ඔව් පුළුවන්"

ඇත්තටම එය ඔක්කොම ඔප්පු තිරප්පු ටික අරන් ඇවිල්ල තිබුණා . කිසිම සැකයක් නැහැ මං ඒවා අතට අරන් අල්ලලා බලල කියවන්න ගත්තා.
මට කොච්චර සතුටක් දැනුණද කිව්වොත් සර් එයාව බදල අල්ලල  ඉඹ ගන්න හිතුණා.
මම ආදරෙයන් පිස්සු වැටිලා එයාව  ඉඹගෙන ඉඹගෙන ගියා . එක පාරක් දෙපාරක් නෙම දහපාරක්  විතර . ෂැම්පෙන් වල උදව්වෙන් මං ඉබේම යටත් උනා . නැහැ එයා යටත් වුණා .
"අයියෝ  සර්,  මට ජීවීතේ එපා වුණා  ඒකට පස්සේ! එයා  වැලහින්නක් වගේ  විලාප දෙන්න ගත්තා එයාව  දාල යන්න එපා කියල.  මම එයා ඉල්ලන හැම එකක්ම පොරොන්දු වුණා.  මම ගෙදර ගියේ හරිම කලකිරීමකින් ."

මොනව කරන්නද?  මං මගේ සේවදායිකාව රවට්ටලා. ඒ වුනාට එතනදී මං තමා මෝඩ රැවටුණු සේවාදායකයා වෙලා තිබුණේ . මට එයාව දාල යන්නත් බැහැ . 

දෙවියනේ දෑවැද්ද ! කොහොමද ඒක දාල යන්නේ. ? දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහන්න ඕනේ.

මේ වගේ සෙල්ලක්කාර ගෑණියෙක් ව කොහොම විශ්වාස කරන්නද ?   

මං මුළු රෑ ම තීරණයක් ගන්න  බැරුව  දුකින් කල්පනා කලා . උදේම ආපහු හොඳ සිහිය ආව.

හොඳට ඇඳ පැළදගෙන මං එයා හම්බවෙන්න හෝටලයට ගියා උදේ 11ට. 

එයා ලජ්ජාවෙන් රතු වෙලා බිම බලා ගත්තා.

"මිස් මගෙන් වෙච්ච වැරැද්දට මට කරන්න තියෙන එකම දේ ඔයාව කසාද බඳින එක . ඔයා ඒකට කැමතිද ?"

"ඔව් කැමතියි. " එයා ගොත ගගහ කිව්වා .

අන්තිමේ මං එයාව බැන්දා.

හැම දේම හොඳට තිබුණා  මාස හයක්.  

මම  ගෙයක්  කුලියට  අරන් එයත්  එක්ක ජීවත් වෙන්න ගත්තා . පේන්න නම් එයාගේ කිසිම වැරැද්දක් තිබුනේ  නැහැ.

ඒ වුනාට ටික කාලෙකට පස්සේ මෙයා  කීප පාරක් එලියට යන්න පටන් ගත්ත. එක සතියක අඟහරුවාදා . ඊ ලග සතියේ සිකුරාදා.  මෙයා මාව රවට්ටනවා කියල හිතාගෙන දවසක් මං පස්සෙන්ම ගියා. 

අඟහරුවද දවසක හවස එකට විතර මෙයා රිපබ්ලික් පාරේ  පහල ගිහින්  දකුණට හැරිලා සේන්  ගඟේ  පාලම පහුකරලා ඉස්සරහටම ගියා . බයෙන් පස්ස හැරී හැරී තම  ගියේ.  මං හිගන්නෙක් වගේ වෙස් වලන් ගිය හින්දා එයට මාව අඳුරගන්න බැරි වුණා .
මෙයා වම් පැත්තෙන්  ස්ටේෂන් එකට  ඇතුල් වුණා .  මං  හරි, මෙයාගේ හොර මිනිහ   දෙකේ කෝච්චියේ  එනව  ඇති.

මං කෝච්චියක් පිටි පස්සට වෙලා හැංගිලා බලන් හිටිය.  

සයිරන් හඩ .  කෝච්චියේ යන එන මිනිස්සු.   

එයා ඉස්සරහට ගිහිල්ල  වැඩ කාරියෙක් එක්ක ආපු අවුරුදු තුනක විතර පොඩි ගෑණු  ළමයෙක් උස්සගෙන ඉඹගෙන ඉඹගෙන ගිය. 
ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා  වෙන වැඩ කාරියෙක් එක්ක ආපු තවත් පොඩි ළමයෙක්ව ඉඹගෙන ඉඹගෙන ගියා.  පොඩි පැටව්  දෙන්නා වැඩකාරියොත් එක්ක ආපහු පාලු පාරේ යන්න ගියා.
මම ඔලුව අවුල් වෙලා ගෙදර ආවේ මේ මොකුත් තේරුම් ගන්න බැරුව. 

එයා රෑ  කෑමට ආපු වෙලේ  මං කෑ  ගහ ගෙන  එයාගේ ඇඟට කඩා පැන්නා .    

"කව්ද  ඒ ළමයි?"

"මොන මයිද?"

 "සැන්  සේවෙර් ස්ටේෂමේ එනකන් බලන් හිටිය අය ?"

 එයා කෑගහගෙන කලන්තේ දාල වැටුණා .  සිහිය ආවම එයා අඬ අඬා  ඇත්තම කිව්වා .

"මට ළමයි හතර දෙනයි .  ඔව් සර්, ගැණු ළමයි  දෙන්නා  අඟහරුවාදට , පිරිමි ළමයි දෙන්න සිකුරාදාට ."

වස ලැජ්ජාවයි!!!  එහෙනම් මේක තමා මෙයාගේ මහ ලොකු දෑ වැද්දෙ රහස.   

තාත්තලා  හතරයි.  වන්දි මුදල් ගොඩයි.

සර් මං දැන් මොකක්ද කරන්න ඕනේ ?

පෙරකදාරු  මහත්තයා  බැරෑරුම්ව   උත්තර දුන්නා .

"'  ළමයින්ව බාර ගන්න "


Translated By Jahooli Devi

 

French short story : Guy de Maupassant : Divorce. Texte publié dans Gil Blas du 21 février 1888, puis publié dans le recueil Le rosier de Madame Husson.


Post a Comment