Advertisement

පෙම්බරා
එනු මැන
කිරිල්ලිය හා කුරුළු පැටවුන්
අතහැර
මා වෙත ...
බැඳීම් ඉරා විසිකර
නැවතත්
බැඳෙන්නට
ඇගේ තටු සිඳ දමා
මා හා ඉගිලෙන්නට
කුරුළු පැටවුන් පෙළා
මා හා කිචි බිචි ගාන්නට
පෙම්බරා
එනු මැන විගස
මා කූඩුවක්
තනන්නට පෙර ...
By Jahooli Devi
No comments:
Post a Comment