Tuesday, September 22, 2015

පෙම් කුරුල්ලෝ The Sweethearts by Hans Christian Andersen




බඹරයකුයි   බෝලයකුයි අනිත්  සෙල්ලම් බඩු  එක්ක  එකම පෙට්ටගමේ ජීවත් වුණා. දවසක් බඹරය බෝලයට මෙහෙම කිව්වා.

අපි දෙන්න මේ පෙට්ටගමේ එකටනේ ඉන්නේ , ඉතින් ඇයි  අපි දෙන්න  යාළු වෙන්නේ නැත්තේ ?

තමන් හරි උසස් යැයි නිතරම හිතන ආඩම්බර නෝනා කෙනෙක් වගේ හිටපු මොරොක්කෝ රටේ පදම් කරපු හම් වලින් හදපු  බෝලය  මේ යෝජනාව තුට්ටුවකටත්  ගණන් ගත්තේ නැහැ.

පහුවෙනිදා මේ සෙල්ලම් බඩු වල අයිතිකාර පොඩි ළමයා ඇවිල්ලා  බඹරය රතු පාටිනුයි කහ පාටිනුයි පාට කරලා  මැද්දට පිත්තල ඇණයක් හයි කළා.  බඹරය කරකවද්දී දැන් හරි ලස්සනයි.

" මේ බලන්නකෝ මෙයා!  දැන් කොහොමද මං අපි දෙන්නා නියමෙටම ගැලපෙනවා . අපි ලව් කරමුද ඔය උඩ පනින්න මන් නටන්නම් . අපි දෙන්න තරම සතුටින් ඉන්න දෙන්නෙක්  මේ ලෝකෙම නැතිව ඇති " බඹරය බෝලයට කිව්වා.

" ආ එහෙමද ඔයා  හිතන් ඉන්නේ ? බෝලේ කිව්වා. " අපේ අම්මයි තාත්තයි මොරොක්කෝ ලෙදර් සෙරප්පු , මගේ ඇඟ මැද්දේ රබර් කෑල්ලකුත් තියෙනවා , ඔයාට මේවා තේරෙන්නේ නැති පාටයි. "

"ඔව් මට තේරෙනවා. ඒවුනාට මාව හදලා තියෙන්නේ මැහෝගනී වලින්!   බඹරය කිව්වා. විනිසුරු තුමා මාව හැදුවේ එයාගෙම ලියන පට්ටලේ දී . එයා හරි ආශාවෙන් තමා මාව හැදුවේ."

" මන් මේවා ඇත්තටම විශ්වාස කරන්න ඕනේ ?   බෝලේ කිව්වා.

" මන් බොරු කියනවානම්  ආපහු  කවදාවත් මට කැරකෙන්න බැරිවෙන්න ඕනේ" බඹරේ දිව්රලා කිව්වා. 

" ඔයා හොඳට කතා කරන්න නම් දන්නවා වගේ  . ඒ වූනාට මට බැහැ ඔයාට ලව් කරන්න. මම මුහුදු ලිහිණියෙක් එක්ක විවාහ ගිවිස ගන්න තරමට සුදුසුයි. 
මම උඩ යන හැම වෙලේම එයා  කූඩුවෙන් ඔලුව එලියට දාල අහනවා 
"කැමතිද ?" කියල.   මම හිතින් ඔව් කියලා කියල තියෙන නිසා විවාහ ගිවිස ගත්ත වගේ තමයි .  ඒත් මන් පොරොන්දු වෙනව ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියල. " බෝලේ කිව්වා. 

" , ලොකු උදව්වක්! "     බඹරේ කිව්වා.

ඊට පස්සේ ඒගොල්ලන් තවත් කතා කලේ නැහැ.


පහුවෙනිදා බෝලේ සෙල්ලම් කරන්න එලියට  ගෙනිච්චා.  බෝලේ කුරුල්ලෙක් වගේ දුර ඈත ආකාසේ උඩින් ගිහින් නොපෙනී යනවා  බඹරේ බලන් හිටියා. පොළොවට වැටෙන හැම වෙලේකම තවත් වේගෙන් බෝලේ උඩ  ගියා . එහෙම උනේ එයාගේ ඇඟ ඇතුළේ රබර් කෑල්ලක් තිබ්බ හින්දා.   නව වෙනි පාර බෝලේ අතුරුදහන් උණා. ආපහු ආවේ නැහැ. පොඩි ළමය හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.




" මන් දන්නවා එයා කොහෙද ඉන්නේ කියල ,එයා මුහුදු ලිහිණියාව කසාද බැඳලා එයාගේ  කූඩුවට වෙලා  ඇති " බඹරේ සුසුම් ලෑවා.   

බඹරේ මේ ගැන  හිතන  වාරයක් පාසා තව තවත් බෝලේ ගැන ආදරේ වැඩිවුණා. එහෙම උනේ කව දාවත් ඈව  ලබාගන්න බැරි වෙන නිසයි.  තව කෙනෙක් ඈව ලබාගෙන තියෙන නිසා මේ පිස්සුව තවත් වැඩි වුණා.

බඹරේ වෙනදා වගේ නැටුවත් කැරකුණත් බෝලේ ගැන නිතර හිතුව. එයාගේ හිතේ බෝලේ තව තවත් ලස්සනට  මැවිලා පෙනුණ. මේ විදිහට  අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ල මේක තවත් එක පරණ ආදරයක් බවට පත් වුනා.

බඹරේ තවදුරටත් තරුණයෙක් නෙමේ.

දවසක්  කට්ටිය  එයාව රත්තරන් පාටින්  පාට කලා. මෙයා සින්දු කියා කියා උඩ පැන පැන නැටුවා.

"මාත් දැන් ලොක්කෙක් ! "

බඹරේ එක පාරම පැන්න පාර උඩ වැඩිවෙලා ඈතට වීසි වෙලා ගිහින් නොපෙනී ගියා.

කටිටිය මෙයව හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.

මෙයා   හිටියේ කොහේද ?

මෙයා  වැටිලා හිටියේ පල්ලෙහා ගඳ ගහන කුණු බක්කියට !  කුණු වෙච්ච එලවලු පලතුරු , ඉරුණු කඩ මලු පිරුණු අත ඇරලා දාපු ලට්ට ලොට්ට මැද්දට.

" මෙන්න ජීවත්වෙන්න  කියාපුම  තැන! " මගේ රත්තරන් ආලේපේ ඉක්මනට ගැලවිලා යයි! මේ මොන අපායක්ද ?  "

එයා අප්පිරියාවෙන් බාගෙට කුණු වෙච්ච ගෝවා ගෙඩියක් දිහාවේ බලද්දී  පරණ වෙච්ච ඇපල් ගෙඩියක් වගේ රවුම් දෙයක් දැක්ක. ඒ වුනාට එක ඇපල් ගෙඩියක් නෙමේ. අවුරුදු ගානක් වතුරේ පල් වෙවී තිබ්බ පරණ බෝලයක්.

" අනේ  දෙය්යනේ ලොකු උදව්වක් අන්තිමේ දී  මට ගැලපෙන කෙනෙක් හම්බ වුණා.  අඩුම ගානේ කතා කර කර ඉන්නවත්. " බෝලේ  දිලිසෙන බඹරේ   දිහා බලල  කිව්වා.

" ඇත්තටම මාව හදල තියෙන්න මොරොක්කෝ ලෙදර් වලින් , කැටයම් දාල දක්ෂ කෙනෙක් තමා  හදල තියෙන්න.  මගේ ඇතුලේ රබර් කෑල්ලකුත්  තියෙනව. බැලුවට කාටවත් පිටින් කියන්න බැහැ. මන් මුහුදු ලිහිණියව කසාද බඳින්න තමා  හිටියේ. එවුණා ට මාව මේ පල් වෙච්ච කුණු බක්කියට වැටුණා අවුරු පහකට විතර ඉස්සෙල්ල  . කොච්චර කාලයක්ද තරුණ ගෑනු ළමයෙකුට !"

බඹරේ වචනයක්වත් කිව්වේ නැහැ.  එයා හිත හිත හිටියේ පරණ ලව් එක ගැන. තව කතාව අහගෙන යනකොට එයට තේරුණා මේ  එයාගේ පරණ ආදරවන්තිය බව.

එක පාරටම කුස්සි අම්මා කුණු බක්කිය සුද්ද කරන්න ආව.

"මේ බලන්න කෝ රත්තරන් බඹරයක් ! "

කට්ටිය උත්සවශ්‍රීයෙන් බඹරය එයා හිටිය තැනට වඩම්මවාගෙන ආව.  බෝලේ ගැන වගක්වත් නැහැ. බඹරේ එයාගේ පරණ  ආදරේ ගැන වචනයක්වත් ආපහු කතා කලේ නැහැ.  අවුරුදු  ගානක් තිස්සේ කුණු බක්කියේ පල් වතුරේ තැම්බි තැම්බී හිටිය  ආදර වන්තිය එයාට  අමතක වෙලා ගියා.

ඇයි ?

කුණු බක්කියකදී හම්බ වුනොත් ඔය කට්ටියටත්  ඈව අඳුරගන්න බැරිවෙන හින්දයි.   



Translated by Jahooli Devi

Wednesday, September 16, 2015

සියාතු උන්නැහැගේ වැස්සී Mr.Seguin's Goat La Chèvre de M.Seguin by Alphonse Daudet



සියාතු උන්නැහැට  හැමදාම වැස්සියන්ගෙන් කරදර !  

හැමදාම උන් නැති වෙන්නේ එකම විදිහට.  උදේ  ඇහැරිලා බලද්දී  , උන් ගාල කඩා ගෙන කන්ද උඩට ගිහින් කපටි කොටියට බිලි වෙනවා. 


උන්නැහැ කොච්චර  අත පත ගාල  නාවල කන්න බොන්න දීල  තියා  ගත්තත් උන්ව පරිස්සමෙන් තියා ගන්න බැරි වුණා.


ටික  දවසක ඉදන් වැස්සිට  මොනවා හරි ප්‍රශ්නයක් තියෙන බව සියාතු උන්නැහැට තේරුණා. කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ  ඔහේ බලන් ඉන්නවා.  දවසක් උදේ  කිරි දොවල ඉවර වුනු ගමන් වැස්සි එය දිහාට හැරිලා මෙහෙම කිව්වා.

"  සියාතු උන්නැහැ, මට මේ ගෙදර ඉදල එපා වෙලා තියෙන්නේ, මටත් යන්න ඕනේ කන්ද උඩට"

" හත් ඉලව්වයි , මෙන්න මේකිටත් ඕනේ වෙලා යන්න "  සියාතු උන්නැහැට කෑගැහුණා . පුන්නක්කු කූඩේ වීසි කරපු එයා , තණ කොළ ගොඩේ ඉද ගත්තා.

" මොනවා මගේ සුද්දී , උඹටත් ඕනේ මාව දාල යන්න?"

" ඔව් , සියාතු උන්නැහේ " සුද්දී ගානක් නැතිව උත්තර දුන්නා.

"ඇයි  උඹට මෙහෙ තණකොළ මදිද ?

 " ආ , ඒකම  නෙමේ "

" එහෙනම් උඹව බැදලා  තියෙන  කඹේ  දිග මදි ඇති . මන් ඒකත් දික් කරන්නම් කෝ"

" වැඩක් නෑ , සියාතු උන්නැහේ "

" එහෙනම් හත් දෙයයනේ තව මොනවද ? කියපන් උඹට ඕනේ තව මොනවද ?

" මට කන්ද උඩටයි යන්නේ ඕනේ, සියාතු උන්නැහේ"

" ඇයියෝ  මෝඩ වැස්සියේ , කන්ද උඩ  කොටියා ඉන්න බව උඹ දන්නේ නැද්ද ? ඌ ආවොත් මොකද කරන්නේ?"

"මං අං  දෙකෙන්  අනිනවා ඌට , සියාතු උන්නැහේ"

" කොටියට උඹේ අං දෙක දැක්කම හිනා යයි. උඹට වැඩිය අං තිබ්බ වැස්සියොත් ඌ කොහොම හරි බිල්ලට ගත්ත. ඇයි  මතක නැද්ද  ගිය අවුරුද්දේ මෙහෙ හිටිය රත්තී ? ආන්න ෂෝක් නාඹර  වැස්සි. ගොන් වස්සෙක් තරමටම  නපුරුයි.    

ඒකී මුළු රෑම  කොටිය එක්ක  හටන් කරලා , උදේ මළා.

"අනේ පව් නේද  රත්තී ? මට නං  මුකුත් වෙන්නේ නැහැ  , යන්න දෙන්න මට කන්ද උඩට"

"හපොයි , මේ විදිහට ඔක්කොම එළ දෙන්නු ටික නැතිකරගන්න බැහැ , කොටියා මේකිටත් වැඩේ දෙයි.
නෑ නෑ නෑ  කොහෙවත් යන්නේ නැහැ. උඹ අකමැති උනත් මන් කොහොම හරි පරිස්සම් කර ගන්නවා , කඹේ  කඩාගෙන යන්න දෙන්නේ නැහැ, මඩුව ඇතුලට දාල වහල තියන්නේ ඕනේ හැමදාම , මෙහෙ වරෙන් !"

සියාතු උන්නැහේ අමාරුවෙන් වැස්සිව ඇදගෙන ගිහින් මඩුවට දාලා දොර වහල  ඉබි යතුරු දැම්මා

අවාසනාවක  මහත! පිටි පස්සේ දොර වහන්න අමතක වුණා . සියාතු උන්නැහේ එහා මෙහා වුණා විතරයි වැස්සි එළියට පැන ගත්තා.


එදා තමා සුද්දීගේ ජීවිතේ සතුටුම දවස ! පුදුම නිදහසක් !

ඉබා ගාතේ ඔහේ ඇවිදගෙන යනකොට , සරුවට වැවිච්ච තණ කොළ කකා හිටපු මී හරක් රංචුවකුත් හම්බ වුණා.  සුද්දීගේ ලස්සන දැකල ඒගොල්ලන් පිස්සු වැටුණ. හොදම තණකොළ කන්න දීල හොඳටම සැලකුවා. 

හවස් වෙද්දී ටිකෙන් ටික මීදුම වැටෙන්න පටන් ගෙන කන්ද උඩට කළුවර වැටුනා. 

"මෙච්චර ඉක්මනට?" පුදුම වෙලා එය පොඩ්ඩක් නතර වුණා. පහල ගම්මානේ ඔක්කොම මීදුමෙන් වට වෙලා. සියාතු උන්නැහැගේ  ගොවි පලත් මීදුමට වැහිලා ගිහිල්ල, වහලේ විතරයි පෙනුනේ. ඈතින් ගෙදර දක්කගෙන යන  හරක් ගෙ ගෙජ්ජි හඬ ඇහුන. සුද්දිට එක පාරටම ඇඬුණා . තඩි වවුල්ලු එහෙ මෙහා පියාඹනකොට මූසල බස්සෙක් හ්ම්ම් හ්ම්ම් ගෑවා . සුද්දී වෙව්ලල ගියා. එක පාරටම කන්ද උඩින් ගොරවන සද්දයක් ආවා.

 ග්ර්ර්  ග්ර්ර්ර්    

"ආපහු වරෙන් , ආපහු වරෙන් "  පල්ලෙහා කටිටිය අනතුරු ඇගෙව්වා.

සුද්දිට ආපහු ගෙදර යන්න හිතුණා , කඹෙයි , කළුවර මඩුවයි , රස පුන්නක්කුයි මතක් වුණා . එත් ඒ ජීවිතේ ආපහු ලබා ගන්න ඕනේ නැහැ ,  බැඳ  ගත්ත බෙරේ දැන් ගහන්න ඕනේ.


කපටි කොටියා පස්ස ගාත් දෙකෙන් වාඩිවෙලා සුද්දී දිහා කෙළ පෙර පෙරා කන්න වගේ බලා හිටියා.  කොහොමත් බිල්ලක් වෙන හින්දා කොටියට හදිසියක් තිබ්බේ නැහැ කඩන් පැනල බෙල්ලෙන් අල්ලන්න. 

සුද්දී හැරුණ ගමන් කොටියට හිනා ගියා. 

"හා හා හා  සියාතු උන්නැහේගේ තවත් හුරතල් වැස්සියෙක්‌ ! " රතු පාට දිව දික් කරලා කොටියා  වැක්කෙරෙන  කෙළ  ගිල්ල. 

සුද්දී අතරමං වුනා වගේ.  එයාට එක පාරටම රත්තිගේ අවාසනාවන්ත කතාව මතක් වුණා. උදේ වෙනකන් ඉඳල මැරෙන්න ඕනේ නැහැ  දැන්ම මැරිලා යන එක නම්බුවක්. එක පාරටම සුද්දී ඔලුව පාත් කරගෙන අං  දෙක ඉස්සරහට දාගෙන  නිර්භීතව ඉස්සහරට පැන්න.   එයාට කොටියව මරන්න ඕනේ උනේ නෑ . කවදද අනේ වැස්සියෝ කොටියෝ මැරුවේ!?  

එයාට ඕන උනේ රත්ති වගේ කොචර වෙලා සටන් කරන්න පුලුවන්ද කියල බලන්න.    

අං  දෙක දෙපැත්තට  වන වන සුද්දී ආවේශයෙන් නැටුමකට වගේ ඉස්සරහටම ට පැන්නා .  මන් මේ බොරු කියනව නෙමේ, කොටියාටත් වැඩේ ලේසි උනේ නැහැ.   දෙතුන් පාරක්ම හතිය වැඩිවෙලා ඌත් පැත්තකට උණා.  පොඩි විවේක කාලෙදී සුද්දී තැනක කොළ අහුරකුත් උලා කාල  ශක්තිය අරන් කට පුරවගෙන  ආපහු හටනට  ආව.  

මුළු රෑම මෙහෙම පොර කකා  ගෙවිල  ගියා. 

සුද්දී රෑ අහසේ තරු දිහා බලල සුසුම් ලෑවා. " අනේ උදේ වෙනකම්වත් මෙහෙම ඉන්න පුලුවන්නම්!"

එකින් එක තරු කැට  නිවිලා ගියා .  සුද්දී තවත් හයියෙන්  අං  දෙකෙන් ඇන්න  එතකොට කොටිය තවත් හය්යෙන් හපා කෑවා.  

පහු වෙනිදා වෙනද වගේම ඉර පෑව්වා , කුකුල්ලුත්  හැඬලුව . 

" ඉවරයි , ඔක්කොම!" අසරණ සුද්දී  ලේ පෙර පෙර බිම දිගා වුණා . එක  පාරටම   පැන්න කොටියා සියාතු උන්නැහේගේ  වැස්සිව  ගිලලම දැම්මා.




Translated by Jahooli Devi

Adaptation of the French short story " La chèvre de M.Seguin" by Alphonse Daudet
  



Wednesday, September 2, 2015

Le procès du French Kiss How to French Kiss



C’est fou ce que les mecs sont pro-french kiss. Tu rencontres quelqu’un, l’alchimie règne entre vous, au moment de la rencontre, l’autre que tu as beaucoup chauffé avec des " j’ai hâte de te rencontrer, j’aimerais tant être dans tes bras…etc", il est là, prêt à t’embrasser. Eh bien, au premier baiser…paf !! Il te fourre sa langue dans la bouche. Malheur !
J’ai toujours trouvé que, me mettre une langue dans la bouche d’emblée, dès la première fois, c’était égal à une violation de mon intimité. Mais je me laissais faire, en ayant le souci de ne pas tout foutre en l’air, à jouer à la fillette bleuette. Je me suis dite les mecs qu’il faut vous le dire: nous ne sommes pas fans des french kiss à la première rencontre. Si pour vous c’est dans un souci de nous démontrer votre expérience inégalable, pour notre part nous nous attendons a plus de romantisme la première fois.
Alors, voilà, comme toute progression qui se respecte, la première étape dans le baiser serait l'effleurement. Oui, tout simplement, les filles sont simples. 

Un simple bisou qui pourrait se faire en série de petits bisous. 

Puis la seconde serait l’entourage de la commissure des lèvres ou tu gouttes avec modération le goût de l’autre (comme un fruit que tu pourrais dire trop fade, trop amer, très sucre (hmmm !), trop acide il me faut un peu de sel…etc). Car on a bien le droit de ne pas passer aux prochaines étapes après cela. 

Graduellement, tâtez le pouls (non pas votre pantalon), pour savoir si on progresse tout de suite ou on reste au niveau 2 pour le moment. 

Ensuite les choses sérieuses peuvent être enclenchées. Alors, vous êtes avec nous ? 

Vous connaissez le french manicure ? C’est un procédé simple, minutieux, sa réussite dépendant du respect des étapes.
J’ai personnellement embrassé beaucoup de jolies lèvres. Mais toujours été choquée par la brutalité des baisers intrusifs. Ces mecs qui étalent leur attirail de séduction (comme il embrasse diablement bien !!). Non ! C’est juste pour les nanas un peu allumées et pas encore mures. De celles qui vous harcèleront à la rupture, de celles qui rendront la relation pénible jusqu’à l’asphyxie. 

Non, une vraie dame aime les vrais baisers ou toute leur personne, leur personnalité, leur fragilité, sont prises en compte. Oui même pour un simple baiser. Et ça c’est en y allant progressivement. Nous sommes SIMPLES. Maintenant si nous sommes passionnées faudra suivre le rythme. En plus, c’est le signe que nous pourrons vous faire confiance à nous respecter. Si vous respectez cela, nous ne nous lasserons pas de vous.
 Voilà messieurs, respectez les étapes et soyez attentifs, vous n’en serez que comblés.

Par Métisse d' Ibiza