Friday, January 8, 2016

Women Les femmes ගෑණු

Advertisement


මට ගෑණුන්ව රුස්සන්නේ නැහැ. 
උන් දැක්කමත් මට තද වෙනවා. 
කට්ටියක් ඉන්නවා ගෙදරමයි
අප්පිරියම ජාතිය.
හැමවෙලාවෙම සතුටින් පිරිලා ඉතිරිලා 
හුස්ම ගන්නෙත් ගැඹුරින්. 
රෑ කෑම හදන්න හැමදාම 
ගෙදර දුවන්නේ 
පුදුම හදිසියකින්.
මේ කරුණාවන්ත නෝනලා 
ලාවට හිනාවෙවී කියනවා 
"හැමදේම සල්ලි නෙමේනේ මෙයා"
ඒ මදිවට මට පෙන්නන්න එනවා 
අලුතින් මහපු සාරී  හැට්ටේ 
" මං  අනේ මේක මැහුවේ "
සිරිකත තරුණි පත්තර අතේමයි. 
කෑම වට්ටෝරු ජීවිතෙමයි. 
අනේ , දෙවියනේ  මට නම් උන්ව රුස්සන්නෙම නෑ.  



තව කට්ටියක් ඉන්නවා හරිම සංවේදී පැළෑටි වගේ. 
එගොල්ලේ හැමෝටම වඩා වෙනස්,  
එයාලම එහෙම කියා ගන්නවා.
කවුරු හරි හැමවෙලෙම  
ඒ කට්ටියගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා. 
හැමදෙයින්ම ඒගොල්ලෝ කම්පා වෙනවා. 
කඳුළු වගුරවන එකමයි වැඩේ.
කතා කරන්න කැමතිත් 
ඇත්ත දේවල්, වැදගත් දේවල් විතරයි. 
ඔව් , ඒගොල්ලෝ  දන්නවා
ඒගොල්ලන්ට හොඳට ලියන්න පුළුවන් කියල. 
චාරිත්‍ර වාරිත්‍ර ඒ කට්ටිගේ හුස්ම හිර කරනවා. 
දවසක මේ හැමදෙයකින්ම ගැලවිල්ල යන්න 
මග බලන් ඉන්න  මුන්ව  
දිව්‍යලෝකේට වත් යවන්න පුලුවන්නම්! 


තවත් කට්ටියක් ඉන්නවා හැමවෙලේම අමාරුවේ, 
ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න 
ඔව් හැමවෙලේම 
සාමාන්‍යයෙන්  ඒගොල්ලන්ට තියෙන්නේ හස්බන්ඩ් ගේ ප්‍රශ්න. 
මේගොල්ලෝ රැවටිලා.
මේ ගෑනුන්ව  කාටවත් තේරුම් ගන්න බැහැ. 
හැම වෙලේම බර කල්පනාවෙන් ,
බැරිවෙලාවත් කතා කලොත් ,  ඔන්න පටන් ගන්නේ 
"මම ඉතින් තනියෙන් දුක් විඳින්න ඕනේ
කවුරුත් මේවා දැන  ගන්න ඕනේ නැහැ" කියල 
ඊට  පස්සේ වරු ගානක් වුණත්  කියවයි. 


ඊට පස්සේ තවත් කට්ටියක් ඉන්නවා "බහුශ්‍රැත"
නියම වසංගතයක් !
මුළු ලෝකෙම වෙන දේවල් ඒගොල්ලෝ දන්නවා. 
හරිම කැමැත්තෙන් ඔගොල්ලන්ටත් කියයි.
ඒගොල්ලන්ගේ රාජකාරිය තමා 
තොරතුරු නිවැරදි කිරීම. 
දින වකවානු , වාසගම් පෙළපත් නම් හැමදේම 
දන්නා මුන්ගෙන් ප්‍රවෘත්ති ගලනවා.
මටනම් නිදි මතයි දැක්කමත්
ඒගොල්ලන්ට හිතා ගන්න බැහැ  
කොච්චර උත්සාහ කලත් 
ඇයි මිනිස්සු ඒගොල්ලන්ට කැමති කියලා. 
උන්ට පුළුවන් අනුන්ගේ මිනිහෙක් ගැන 
හොඳට විස්තර කියන්න. 
මොනවද කිව්වේ 
එහෙම කියදී මිනිහගේ මූණ කොහොමද -
"අනේ  මන්දා අනේ , ඇයි  මම විශේෂ ?"
කොහොමද , නියමයි මේ ජාතිය?

තව කට්ටියක් ඉන්නවා නැව ගිලුනත් බෑන් චූන්. 
ඒගොල්ලෝ ගොඩක් වෙලාවට "අවිවාහකයි".
ඒගොල්ලොන්ගේ වැඩේ 
කට්ටියක් පුදුම කරවන්න 
කිචි කිචි ගගා පොඩි පොඩි තෑගි ඔතන එක.
මෙන්න ඒගොල්ලෝ මට කියනව   
ඒගොල්ලෝ වගේ වෙන්නලු. 
හැම වෙලේම සුබවාදීව හිතන්නලු. 
මගෙන් අහනව එගොල්ලන්ගේ  හාස්‍ය රසය නැතිව 
වැඩක් වේවිද කියල ?
සමහර වෙලාවට  මට මුන්ව මරන්  කන්නම හිතෙනවා. 
ඕනෑම උසාවියකිනුත්  මාව නිදහස් කරයි. 
මට ගෑනු රුස්සන්නෙම නැහැ 
උන් දැක්කමත් මට තද වෙනවා. 

  
Translated by Jahooli Devi

Translation of the poem " Women" by Dorothy Parker
Post a Comment