Advertisement
දුර පිපෙන මල් සුවඳ
මල් ළඟම නවතීද?
« සන්ත වික්තුවා » පව්වට නැඟෙන
අකීකිරු වලාවට අත තියන
ඒ විසල් කුරුසියට මඟ හැරුණ
කඳුළු බිදුවක් තිබේ
කටු ඔටුණු හිස දරන
මධ්‍යධරණිය උකුළෙ
හිස තියාගෙන නිදන කළපුවේ
« ආක් ගඟ » ආත්මය
නිදහසේ
ඉකිගාගා වැළපුණේ
ඩිම්පලීයව සොඳුරු සුලි රැඳුණු
අනතීත දෙකොපුලේ
කන්දරාවක් සිහින
හිතකින්ද රළ නඟනු වැළකුවේ
ඇරඹුම ම නො දන්නා කම කියූ කවි පොතේ
පිටු ලිහා
නැවත අමුණමි සෙමින්
නොදන්නා වෑකරණ ඉහ ඉහා
ප්‍රංශ සංදේශයක් එවන්නෙමි
සිංහලෙන් ප්‍රංශ වැකි ලියන්නෙමි.
හරිද වැරදිද කියා නොදන්නෙමි
වැරදි බව දැනෙන විට මකන්නෙමි.
ළඟපාත කරකැවෙන සුළඟටත්
සෙ තූ ඔව් එපමණයි, කියන්නෙමි.
සෙ ෆිනී කියා සොඳුරු සිහිනයට
ඇහැරෙන්න කලියෙන්ම හැරෙන්නෙමි.
By Manjula Wediwardena
Annecy, France

No comments:
Post a Comment