Thursday, September 25, 2014

එමා වොට්සන් : ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඔබේ ද ප්‍රශ්නයකි United for equality

Advertisement

එමා වොට්සන් :  
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඔබේ ද ප්‍රශ්නයකි.
දිනය : සැප්තැම්බර් 20, 2014

එක්සත් ජාතීන්ගේ කීර්ති නාම තානාපති , එමා වොට්සන්, "ඇය වෙනුවෙන් ඔහු" ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරන  අවස්ථාවේ දී පැවත්වූ කතාව

   ස්ථානය  : එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, නිව්යෝර්ක්

    අද දිනයේ  අප " ඇය වෙනුවෙන්  ඔහු" නමින් ප්‍රචාරණ  ව්‍යාපාරයක්‌  දියත්  කරනවා.


    මා  ඔබ  අමතන්නේ  ඒ සඳහා  උදව්  ලබා  ගැනීමටයි. ස්ත්‍රී  පුරුෂ අසමානාත්මතාවය අප අවසන් කල යුතුයි. එය  අවසන් කිරීමට ඔබ සියලු  දෙනාගේ  සහභාගීත්වය අපට අවශ්‍යයයි.  


    එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ  ආකාරයේ  ව්‍යාපාරයක් දියත් කල ප්‍රථම අවස්ථාව මෙයයි. අප උත්සාහ සහ උනන්දු කරන්නේ තරුණයන් හා  සියලු පුරුෂයන් මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිලිබඳ  පණිවුඩ  කරුවන්  බවට  පත් කිරීමටයි. අපට අවශ්‍යය වන්නේ  ඒ පිලිබඳ  කතා  කිරීමට පමණක්  නොව, එය  යථාර්තයක්  බවට ද  පත්කිරීමටයි.


    මීට මාස හයකට  පෙර  මා මේ  සඳහා පත් කල  අවස්ථාවේ සිට , ස්ත්‍රීවාදය  පිළිබඳ කථා කරන සැමවිටම මට  වැටහුනේ, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් සටන් කරන  ව්‍යාපාරය  බොහෝවිට පුරුෂයන්ට වෛර කරන  ස්වාභාවයක්  ගන්නා බවයි. මා  නිසැකවම දන්නේ , එය අවසාන විය යුතු බවයි.

    ස්ත්‍රීවාදය එහි නිර්වචනය අනුව  " ස්ත්‍රීන් හා පුරුෂයන් හට එක සමාන අයිතිවාසිකම් හා අවස්ථා තිබිය යුතු බව මතයයි . එය දේශපාලනික, ආර්ථික හා සමාජයීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිලිබඳ න්‍යායයි.


    මම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ උපකල්පන ප්‍රශ්න කිරීමට පටන් ගත්තේ, වයස අවුරුදු අටේදී " පාලනය කිරීමට කැමැති " කෙල්ලෙක් යැයි නම් ලැබීමෙන් ව්‍යාකූල  වීමෙනි.  මන්ද , අප  දෙමව්පියන් ඉදිරියේ රඟපාන නාට්‍ය මෙහෙය වීමට මට අවශ්‍යය වූ නිසාය. නමුත්,  සහෝදරයන් හට  එවැනි නමක් නොලැබිණි. 

    මට වයස දාහතරේදී , පුවත්පත් වල සමහර කරුණු මඟින් මා ලිංගික ලෙස හුවා දක්වා තිබිණි.


    මට වයස පහළොවේදී, මගේ මිතුරියන් , ක්‍රීඩා කණ්ඩායම් වලින් ඉවත් වූයේ  සියුමැලි නොවූ   පෙනුමකට කවුරුත්   රුචිනොවූ බැවිණි.

    මට වයස දහ අටේදී , මගේ මිතුරන්ට ඔවුන්ගේ  හැගීම් ප්‍රකාශ කිරීමට අපහසුවිය.


    මා සිතා ගත්තේ මා ස්ත්‍රීවාදියක් බවයි , එය සංකීර්ණ දෙයක්  නොවීය. නමුත් , මගේ  වර්තමාන පර්යේෂණ අනුව මට තේරුම් ගියේ  "ස්ත්‍රීවාදය"  ජනප්‍රිය වචනයක්  නොවන බවයි.


    මට පෙනී ගිය ආකාරයට  , මා අයත් වූයේ , ඉතා ශක්තිමත් , ඉතා රළු, හුදකලා වූ ජීවිත ගත කරන , පිරිමින්ට වෛර කරන බස් දොඩවන  ගැහැණුන්ගේ  කාණ්ඩයටයි .


    මෙම වචනය මෙතරම්  අපහසු ඇයි ?


    මම බ්‍රිතාන්‍යයයේ වැසියෙක්, මම හිතනවා, ගැහැණියක්  ලෙස,  මගේ මිතුරන්ට  සමාන  ගෙවීමක් ලැබීම , සාධාරණ  දෙයක් බව. එමෙන්ම, මගේ  ශරීරය පිළිබද තීරණ ගැනීමට මට සාධාරණ අයිතියක් ඇති බව. එසේම , මගේ රටේ  ප්‍රතිපත්ති හා තීරණ ගැනීම්  ක්‍රියාවලියේදී කාන්තා සහභාගීත්වය  සාධාරණ  දෙයක් බව. එමෙන්ම, මා හට පුරුෂයන්ට සමාන සමාජීය  සැලකීමක් ලැබීම, සාධාරණ  දෙයක් බව. නමුත් , කනගාටුවට කරුණක් වන්නේ , සියලුම කාන්තාවන් හට මේ  අයිතීන් එලෙසෙම ලැබෙන ලෝකයේ කිසිදු රටක්  නොමැතිවීමයි.


    ලෝකයේ කිසිදු රටකට  ස්ත්‍රී  පුරුෂ සමානාත්මතාව ලඟා කරගෙන ඇතයි තවමත්  පැවසිය නොහැක.


    මෙම අයිතීන් මා සලකන්නේ මානව අයිතිවාසිකම්  ලෙසටයි. මම සැබවින්ම වාසනාවන්තයි. මගේ ජීවිතය විශේෂ වරප්‍රසාදයක් වූයේ , දියණියක්  ලෙස උපන්  නිසා මගේ දෙමව්පියන් මට අඩුවෙන්  ආදරය නොකළ බැවිණි. ගැහැණු දරුවෙක් වීම නිසා , මගේ පාසල මා  කොටු නොකළ බැවිනි. යම්  දිනයක  දරුවකු බිහි  කරන නිසා, මා වැඩි  දුරක් නොයා යැයි  යැයි මගේ ගුරුවරුන්  උපකල්පනය නොකළ බැවිනි.


     අද දිනයේ මා මේ තත්වයේ සිටින්නේ එවැනි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ තානාපති වරුන්ගේ  බලපෑමෙනි. ඔවුන් එය නොදන්නා මුත් , ඔවුන් සැබවින්ම  ස්ත්‍රීවාදීන්ය. අපට මෙවැනි අය ඉතා අවශ්‍යයයි. ඔබ තවමත් එම වචනයට අකමැති නම්,- වැදගත් වන්නේ වචනය නොව , එහි ඇති අදහස හා අභිලාශයයි. මන්ද, සියලු කාන්තාවන්ට මා හා සමාන අයිතිවාසි කම් නොලැබී ඇති බැවිනි. සංඛ්‍යාන වශයෙන් ඉතා සුළු පිරිසකි.


    1997 වර්ෂයේදී, හිලරි ක්ලින්ටන් මහත්මිය , කාන්තා අයිතීන් පිලිබඳ  බීජිංහී දී  ප්‍රසිද්ධ දේශනයක් පැවැත් වූවාය. කනගාටුවට කරුණක් වන්නේ , ඇයට වෙනස් කිරීමට අවශ්‍යය වූ බොහෝ දෑ  තවමත් එලෙසම වීමයි.



     නමුත් මා විමතියට පත් වූ කරුණ වූයේ ඇගේ දේශනයට සහභාගී වූ පිරිසේ සිටියේ  30% පමණක් වූ පිරිමි ප්‍රතිශතයකි.  මේ  ආකාරයට ලෝකයේ වෙනසක් ඇති කල හැකිද?


    පුරුෂයෙනි,  - මා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ ඔබගේ විධිමත් ආරාධනාව දීර්ඝ කිරීමටයි . ස්ත්‍රී පුරුෂ  සමානාත්මතාවය ඔබේ ද ප්‍රශ්නයකි!


    මන්ද, කුඩා කල, මගේ මව මෙන්ම මගේ පියාගේ ද අවශ්‍යතාවය මට එක හා සමානව වුවමනා වුවත් , සමාජය විසින් මගේ පියාගේ භූමිකාව අවතක්සේරුවකට ලක් කර ඇතිබවක් මට පෙනුන නිසාවෙනි.


    මම, මානසික රෝග වලින් පීඩා  විඳින එනමුත් කිසිදු උදව්වක් ඉල්ලා ගැනීමට බියෙන්  පසුවන තරුණයින් දැක  ඇත්තෙමි, මන්ද, එවිට ඔවුන්ගේ  දැඩි පුරුෂභාවය  හෑල්ලුවට ලක්වන  නිසාවෙනි . එක්සත් රාජධානියේ අවුරුදු 20- 49 අතර පුරුෂයන්ගේ මරණ වලට ප්‍රධානම හේතුව, රිය අනතුරු, පිළිකා හා හර්ද රෝග යන හේතු වලට පෙර, සියදිවි නසා ගැනීමයි.  සාර්ථකත්වය ළගා වීමට  නොහැකිව ලතවෙන පුරුෂයන් මම දැක ඇත්තෙමි. පුරුෂයන් හට ද සමාන වරප්‍රසාද නොමැත.


    අපි නිතරම , පුරුෂයන් ඒකාකෘති වල සිරවී සිටින බව කතා නොකරමු. නමුත්, මා දකිනේ  ඔවුන් එසේ සිරවී සිටින බවයි.  ඔවුන් එයින් නිදහස් වූවහොත්, ස්ත්‍රීන්ට ද ස්වාභාවයෙන්ම  දේවල් වෙනස්වනු ඇත.


    සමාජය විසින් පිලි ගැනීමට ලක්වීමට නම්,  පුරුෂයින් දැඩි වීම අවශ්‍යය නොවූහොත් , ස්ත්‍රීන්ට ද යටහත් පහත් වීමට බලකිරීමක් සිදු නොවේ. පුරුෂයන්ට  පාලනය කිරීමට සිදු  නොවුහොත් , ස්ත්‍රීන් ද පාලනයකට නතු නොවේ. 


    ස්ත්‍රී / පුරුෂ දෙපක්ෂයටම සංවේදී වීමට නිදහස තිබිය යුතුය. ස්ත්‍රී/ පුරුෂ දෙපක්ෂයටම ශක්තිමත්  වීමට  නිදහස තිබිය යුතුය.  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පරස්පර විරෝධී පුරුෂාර්ථ දෙකක් ලෙස තව දුරටත් නොසැලකිය යුතුය.


    අපි අප නොවන ලෙස  නිර්වචනය කිරීම නතර කර , අප සැබෑ කවුරුන්දැයි තේරුම් ගැනීමට පටන් ගතහොත් ,  අප සැමට නිදහස ලැබේ. "ඇය වෙනුවෙන් ඔහු" යනු එයයි. එය  නිදහස පිළිබඳ වේ. 


    මට අවශ්‍යය  වන්නේ  පුරුෂයන් මේ වගකීම  බාරගැනීමයි.  එවිට  ඔවුන්ගේ දියණියන්, සහෝදරියන්, මව් වරුන් පූර්ව මත වලින් නිදහස ලබන අතර, ඔවුන්ගේ පුත්‍රයින්ට ද මානුෂික වීම ට අවස්ථාව  ලැබේ. ඔවුන්ට අත්  හැරීමට සිදු වූ කොටස් නැවත  ලබා ගැනීමටත් , එසේ කිරීමෙන්  වඩා නිවැරදි හා සර්ව සම්පූර්ණ පුද්ගලයින් වීමටත්  අවස්ථාව ලැබේ.


    සමහරවිට, ඔබ සිතනුයේ , හැරී පොටර්  කතා මාලාවේ මේ කෙල්ල කවුරුන්දැයි කියයි. එසේ නැතිනම් ඇය මේ එක්සත්  ජාතීන්ගේ  සභාව තුල කුමක් කරන්නේ දැයි කියා ය. එය වැදගත් ප්‍රශ්නයක්, මම ද එසේ සිතමින් සිටිමි. මෙතන සිටීමට මට අවශ්‍යය  සුදුසුකම් තිබේදැයි නොදනිමි.  මම දන්නේ මා මේ ප්‍රශ්නය පිලිබඳ සැලකිලිමත් වන බවයි . මට එහි ප්‍රගතියක් දැකිය යුතුය.



    මා මේ ලැබු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන යමක් පැවසිය යුතුය. එඩ්මන් බර්ක් ගේ  වැකියකට අනුව , "  නපුර ජය ගැනීමට අවශ්‍ය වන්නේ හැකිතරම් පුරුෂයින් හා  කිසිවත්  නොකරන ස්ත්‍රීන්ය .


    මේ කථාව පැවැත්වීමට  චකිතයෙන් හා අඩමානයෙන් සිටි මා තරයේම සිතා ගත්තේ : මා නැතිනම් වෙන කවුරු ද , අද නැතිනම්  වෙන කවදා ද යනුවෙනි.


     ඔබත් මෙවැනි අවස්ථා ලැබුනහොත් , මගේ මේ  වචන  ඔබට ද උදව් වනු ඇත.

        


    යථාර්තය වන්නේ, අප කිසිවක් නොකර සිටියහොත් , ස්ත්‍රීන්ට පුරුෂයින්ට ද සමාන ලෙස  ගෙවීමක්  ලැබීමට තවත් අවුරුදු  75ක් , මට අවුරුදු සීයක් වනතුරු බලා  සීටීමට සිදුවේ. 15.5 මිලියනයක් වූ ගැහැණු ළමුන් ඉදිරි වසර 16 තුල ළමන් ලෙස විවාහයට පත්වනු ඇත. වර්තමාන දත්ත අනුව , ගම්බද වෙසෙන සියලු අප්‍රිකානු ගැහැණු ළමයින්ට ද්වීතීක අධ්‍යාපනය ලැබීමට 2086 වර්ෂය වනතුරු  බලා සිටීමට සිදු වේ.



    මම සමානාත්මතාවය තරයේ විශ්වාස කරමි . ඔබද මා පෙර කියු  අනපේක්ෂිත  ස්ත්‍රීවාදියක් වනු ඇත. මම ඔබට  ඔල්වරසන් නගමි.


    අපි  අත්වැල් බැඳ ගත්  එක්සත් ලෝකයක්  තැනීමට වෙරදරමින් සිටිමු, සුබ ආරංචිය වනුවේ ඒ සඳහා එක්සත් වූ  වැඩසටහනක් තිබීමයි. එය "ඇය වෙනුවෙන් ඔහු" යි.


    මා ඔබ සියලු දෙනාටම පෙරට පැමිනෙන ලෙස ආරාධනා කරමි, ඇය වෙනුවෙන් පෙනී සිටින ඔහු වීමට ආරාධනා කරමි. මා නැතිනම් නම් වෙන කවුරු ද , අද නැතිනම්  වෙන කවදා ද යනුවෙන් ඔබ ඔබගෙන්ම අසන්නට  ආරාධනා කරමි.


    ස්තූතියි!



Translated by Jahooli Devi

Source :http://www.unwomen.org/en/news/stories/2014/9/emma-watson-gender-equality-is-your-issue-too

No comments: