Sunday, January 1, 2017

Pour toi mon amour par Jacques Prévert - Sinhala translation


කුරුළු වෙළඳපොළට ගොසින් මා
මිලට ගත්තෙමි
කුරුල්ලන් 
ඔබට
මා සොඳුර ...

මල් වෙළඳපොළට ගොසින් මා
මිලට ගත්තෙමි
මල් පොකුරු
ඔබට
මා සොඳුර...

යකඩ වෙළඳපොළට ගොසින් මා
මිලට ගත්තෙමි
බර යදම් වැල්
ඔබට
මා සොඳුර ...

ඉනික්බිති
වහල් වෙළඳපොළ වෙත ගොසින් මා
සෙව්වෙමි සෑම තැනකම ඔබ ව
නමුත් හමු නොවුණි ඔබව මට
මා සොඳුර ...


Translated by Jahooli Devi