Showing posts with label political satire. Show all posts
Showing posts with label political satire. Show all posts

Wednesday, August 26, 2015

මොන්තෙස්කිය, රිකාට ලියු පරණ ලියුමක් Persian Letters Les Lettres Persanes



ආදරණීය වැනීසියේ රිකා මල්ලී ,

මං දැන් ඉන්නේ ප්‍රංශයේ. මේ කට්ටියට විලාසිතා ගැන තියෙන්නේ පුදුම උණක්! මේ පාර සමර් එකට මොනවද ඇන්දේ කියල උන්ට මතක නැහැ. එතකොට වින්ටර් එකට  මොනව අඳියි ද කියල හිතා ගන්නවත් බැහැ. කසාද මිනිහට ගෑණිට අලුත් මෝස්තර වල ඇඳුම් පැලඳුම් අරන් දීලා තියා ගන්න කොච්චර වියදම් වෙනවා ඇතිද?!

ප්‍රංශ කට්ටියගේ ඇඳුම් මෝස්තර ගැන කතා කරන්නම වටිනවා.  දැන් මේ ලියුම ලියද්දීත් ඔක්කොම වෙනස් වෙනවා, ඔයාට ලියුම හම්බ වෙද්දී අලුත් මෝස්තර ඇවිල්ල හැමෝම කැලඹිලාත් ඇති!


පැරීසියෙන් එලියේ ගම් පලාතකට මාස හයක් විතර ගෑනු කෙනෙක් ගියොත් ආපහු එන්නේ අවුරුදු තිහක් විතර පරණ වෙච්ච කෞතුක භාණ්ඩයක් වගේ. කොටින් ම පුතා ත් තමන්ගෙ අම්ම දිහා බලන්නේ සැකයෙන්. හරියට අම්මා ඇමෙරිකන් ගෑණියෙක් වගේ.

කොණ්ඩා මෝස්තරත් ඒ වගෙම තමා. ඒවා තට්ටු තට්ටු උඩට නගින්නෙ පිස්සු හැදෙන වේගෙන්. හැබයි කැරල්ලක් ආවොත් ඒ වේගෙන්ම පහලටත් බහිනවා.
කාලයක් තිබ්බා ගෑනිගෙ මූණ ලස්සනයි නම් ඔක්කොම හරි කියල.  තරා තිරම ඔක්කොම මැන්නෙ එකෙන්.
ඊට පස්සෙ කකුල් දෙක තමා වැද ගත් වුනේ. බලන්න එපෑ ගෑණු  අඩි උස සෙරෙප්පු දාගෙන යනකොට. අහසේ පාවෙනවා වගේ. 
ඔයාට පුලුවන්ද  මේවා විශ්වාස කරන්න?

ඉතින් , ගෘහ නිර්මාණ ශිල්පියොත් මේවටම හැඩගැහිලා ඉන්නේ. කාලයක් උස්සනවා, කාලයක් බස්සනවා , දොරවල් ලොකු කරනවා , පොඩි කරනවා .  ඔක්කොම බිල්ඩින් ගෑණුන්ගේ  ඕනෑ එපාකම්  වලට මෝස්‌තර වලට හරියන්න විටෙන් විටේ  සකස් කරනවා.
මේක හරිම වෙනස්වෙන ජාතියක්!  අම්මල විදිහට නෙමේ දූලා හැදිලා තියෙන්න , ඔක්කොම වෙනස්!
විලාසිතා මන බඳිනා විලාසිතා ..... 
ප්‍රංශ කට්ටියගේ ලේ වලත් මේ මෝස්‌තර විලාසිතා තියෙනවා.  රජ්ජුරුවන්ගේ වයස අනුව මේ කට්ටියගේ හැසීරීමත් වෙනස් වෙනවා.  
ඒකාධිපති උතුමාට පුළුවන් මුළු මහත් ජාතියම වල පල්ලටම ගෙනියන්න. 
පුංචි  කුමාරයාත්  ව්‍යවස්ථාව, අර කෙටුම් පත් මේ කෙටුම් පත්,  කුරුටු ගගා එක එක විදියට මුද්‍රණය කරන්න කැමැතියි.  
කොටින් ම,  මහරජ තුමාගේ ආත්මය තමා හැමෝගෙම කොකිස් අච්චුව!
ඉතින් මේක හරි අපූරු රටක්, එන්න බලන්න! 
 මීට ,
 xxx
හඳ පායා ඇති රැයක පැරීසියේ අයිෆල් කුළුණේ සිට 

Translated by Jahooli Devi
extract of the book Lettres Persanes  (1721) by Montesquieu