Wednesday, November 25, 2026

රැහැයියා - Le Grillon

Advertisement

 රැහැයියා





මල් පිපුණු තණ පලසක
සැඟව සිටි පුංචි රැහැයියෙක්,
තණබිම සිසාරා පියඹන
සමනලයෙකු දෙස බලා සිටියේය.

අහසේ නිලත්, දම් පැහැයත්,
රන්වන් එළියත් තැවරුණු
උගේ පියාපත් දිදුලයි.
යොවුන් රුවින් උදම් වූ ඌ
මලින් මලට පියඹයි,
සුන්දරතම මල් සිපගෙන
මොහොතකින් ඒවා හැර යයි.

“උගේ ඉරණමත් මගේ ඉරණමත්
කොතරම් නම් වෙනස් ද!”
රැහැයියා සුසුමක් හෙළීය.

“සොබාදහම ඌට සියල්ල දීලා,
මට කිසිවක් ඉතිරි කර නැහැ.

කැපී පෙනෙන දක්ෂකමක් නැහැ,
නෙත් වසඟ කරන රුවකුත් නැහැ.
කිසිවෙකුගේ බැල්මක් මා වෙත හැරෙන්නේ නැහැ.
මා සිටින බවවත් මේ ලොව දන්නේ නැහැ.

මෙලෙස දිවි ගෙවනවාට වඩා
නොඉපදී සිටියා නම් හොඳයි.”

රැහැයියාගේ දුක් සුසුම නිවෙන්නටත් පෙර
ළමයි රංචුවක් තණබිමට දිව ආහ.
හැම නෙතක්ම වසඟ කළේ
අර දිදුලන සමනල පියාපත් ය.

තොප්පිත් ලේන්සුත් අතැතිව
ඔවුහු සමනලයා පසුපස හඹා ගියහ.
ගැලවී යන්නට කොතෙක් වෙර දැරුවත්
ඌ ඒ පුංචි අත් අතර සිර විය.

එකෙක් පියාපතින් ඇද්දේය,
තවකෙක් සිරුර ඩැහැ ගත්තේය,
තෙවැන්නෙක් උගේ හිසින් අල්ලා ගත්තේය.

මොහොතකට පෙර
තණබිම පුරා පියඹා ගිය සුන්දරත්වය
දැන් ඒ අත් අතර
කැබලි වී ගොසිනි.

“අහ්! දැන් මට දුකක් නැහැ,”
රැහැයියා තණ අතරින් මිමිණුවේය.

“ලොව ඉදිරියේ බැබළෙන්නට
ගෙවිය යුතු මිල මෙතරම් ද!

ලොවට නොපෙනෙන මේ තණ සෙවණට,
මගේ මේ නිහඬ පුංචි ලෝකයට
මින් මතු මා කොතරම් පෙම් කරනු ඇත් ද!”

සතුටින් දිවි ගෙවන්නට නම්,
ලොවට නොපෙනී දිවි ගෙවමු.


ජොන් පියෙර් ක්ලාරිස් ද ෆ්ලොරියන් 

Florian, Jean-Pierre Claris de, « Le grillon », Fables, 1792.


           Un pauvre petit grillon

             Caché dans l’herbe fleurie

             Regardait un papillon

             Voltigeant dans la prairie ;

L’insecte ailé brillait des plus vives couleurs ;

L’azur, le pourpre et l’or éclataient sur ses ailes ;

Jeune, beau, petit-maître, il court de fleurs en fleurs,

             Prenant et quittant les plus belles.

Ah ! disait le grillon, que son sort et le mien

             Sont différents ! Dame nature

             Pour lui fit tout, et pour moi rien.

Je n’ai point de talent, encor moins de figure ;

Nul ne prend garde à moi, l’on m’ignore ici-bas :

             Autant vaudrait n’exister pas.

             Comme il parlait, dans la prairie

             Arrive une troupe d’enfants :

             Aussitôt les voilà courants

Après ce papillon, dont ils ont tous envie.

Chapeaux, mouchoirs, bonnets, servent à l’attraper ;

L’insecte vainement cherche à leur échapper,

             Il devient bientôt leur conquête.

L’un le saisit par l’aile, un autre par le corps ;

Un troisième survient et le prend par la tête :

             Il ne fallait pas tant d’efforts

             Pour déchirer la pauvre bête.

Oh ! oh ! dit le grillon, je ne suis plus fâché ;

Il en coûte trop cher pour briller dans le monde.

Combien je vais aimer ma retraite profonde !

             Pour vivre heureux, vivons caché.

No comments: