Showing posts with label Paul verlaine. Show all posts
Showing posts with label Paul verlaine. Show all posts

Wednesday, May 3, 2017

Il pleure dans mon cœur par Paul Verlaine - Sinhala version


මගේ හදවත හඬා වැළපෙයි 
වැසි වසිනා ලෙසට නුවරට 
කිමද මේ සන්තාපය 
මසිත පසාරු කරවන ?

මහ පොලොව හා පියැසි මත 
චිචිරි චිචිරි ගා වැටෙන වැහිබිඳු 
ගීයකි ය අගනා කන්කළු 
මලානිකව ගිය හදකට

අහේතුකවම කඳුලැලි සලයි සිත 
ගිලන් කරමින් හදවත 
නමුත් නැත කිසිදු රැවටීමක්, විරහයක් 
මේ දොම්නසට හේතුවක්!

ආලයක් වෛරයක් නොමැති වත් 
මහද වැළපේනම් නිතිත් 
හේතුවක් නොදැනීම නොවෙද 
දැරිය නොහැකිම දුක මෙලොව?

Translated by Jahooli Devi

Related image