Tuesday, August 13, 2019

L’étranger by Charles Baudelaire - ආගන්තුකයා French poem



ආගන්තුකයා
French poem : L’étranger by Charles Baudelaire



-  ගුප්ත මිනිසා , පවසන්න

ඔබ වඩාත්  ආදරය කරන්නේ

ඔබගේ  පියාටද , මවටද , සහෝදරියටද , සහෝදරයාටද ?

- මට පියෙක්, මවක්, සහෝදරියක්, සහෝදරයෙක් නොමැත.

- ඔබගේ මිතුරන්ටද ?

ඔබ පවසන වදනේ  තේරුම මට අද වනතුරුත් පැහැදිලි නොමැත.

- ඔබගේ රටටද ?

- එය කුමන අක්ෂාංශයේ පිහිටියෑ දැයි වත් මම නොදන්නෙමි.

- රූප ශෝබාව ටද ?

 -  අමරණීය දෙවගනක්  බඳු රූපයක් ලබන්නට මමද කැමැත්තෙමි.

- රත්‍රන් ද ?

- ඔබ දෙවියන්  පිළිකුල් කරන තරමටම මම  එයටද අකමැතියි.

එසේනම් අමුතු  ආගන්තුකය,  ඔබ කැමති කුමටද ?

මම කැමති වලාකුළු වලටයි.   අර ඈතින් ඈතින්  පාවෙන වලාකුළු ...

මන බඳින   වලාකුළු වලටයි!



Translated by Jahooli Devi

Friday, August 2, 2019

ගසා ගෙන ගිය රුවල් නැව්


අතු කපා බිම හෙලූ ගහකට යලි දළු ලන්න හැකි නම්
වෙඩි වැදී ලේ ගැලූ සිරුරකට සුව වෙන්න හැකිනම්
ක්ෂිතිජයේ මිය යන ඉරක් පසු දිනම පිබිදේනම් 
මරණයට බිය වෙවී ඇයි අපි ජීවිතය විඳවමින් ...

අළු ගසා නැගීටු පක්ෂියා පියා සලමින් නොගියේද?
පරවී වැටුණු මලක නටුවෙන් යලි මලක් නොපිපේද ?
ගසා ගෙන ගිය රුවල් නැව් තොටක් කිසිදා නොදකීද?
අරමුණක් නැහැ කියා මිනිසා පෙරට යන ගමන නවතයිද ?

By Jahooli Devi