Sunday, January 3, 2021

බලා හිඳිනා ප්‍රේමයක්

සැණකෙළි හඬ මැද 

ප්‍රීතියෙන්  සිනාසෙන 

මිනිසුන්  අතර 

වාඩිවී  තනිව 

සුසුමක් සමඟ සුහදව 

බංකුවක  කෙලවරක 

බලා හිඳිනා ප්‍රේමයක් 

මටත් ඇත.


සඳක් දිදුළන 

අහස් ගැබ පිරි තරු බලා 

රලක්‌  පෙරලෙන 

වෙරල මත හිඳ 

ගිලී ගිය නැව් එන තුරා 

ක්ෂිතිජය දෙසම 

බලා හිඳිනා ප්‍රේමයක් 

මටත් ඇත.


ප්‍රේමයෙන් මත් වූවන් 

පීඩා වූවන් , විඩා වූවන් 

අතරමං වූවන්  අතර 

කතරක, 

මිරිඟු දිය උල්පතක් ජනිත වන තුරා 

බලා හිඳිනා ප්‍රේමයක් 

මටත් ඇත.


අවාටයක් වූ ගතින් වෙන්වී 

සිතින් නිරතුරු වෙළාගත් 

නොදන්නා ක්ෂීර පතයටත් 

එහා දුර සිට පැමිණෙනා 

වේගයෙන් ,

දැවීයන උල්කාපාතයක් 

වෙනුවෙන්ම 

බලා හිඳිනා ප්‍රේමයක් 

මටත් ඇත.


By Jahooli Devi