Showing posts with label absence. Show all posts
Showing posts with label absence. Show all posts

Monday, November 9, 2015

Fathima & I



Fathima & I
We were Montessori friends
She’s a Muslim, I am a Buddhist
She always had Mehendi on hands
That was the only difference,
We danced 
for a concert
She was the Flower, I was the Butterfly.
That was quite a show!

"රන්වන් පාටයි සමනළයා 
රෝස මලේ පැණි බීල ගියා 
ආයිත් ඒවිද ඒ සමනළයා 
මල්වල පැණි බොන්ටා "

I did not meet her after Montessori days
I met her suddenly one day
We were 24 years old.
She was an English teacher, I was still at University
She was worried about her marriage:
“You know the girls in my age, all married 
& having children,
I am too late for everything”
She talked about Quran, I talked about Feminism
I said I wanted to travel more,
She laughed sighed & left.

I heard she got married when I studied for Masters,
She decided to wear Burqua
I knew she would because
Studying Quran was her favorite hobby
I had a fascination for her spiritual
Stories, 
I felt like a sinner.
She had two children, while I had two Masters
She wore all black, covered from head to foot
I had courage to wear a Bikini
Who won? Was there a contest between us?
Shame on us.

Recently, I was waiting in a queue
To get my driving license,
Lady in Burqua was standing behind me
A driving license?
I looked at her
She smiled at me
From her eyes,
That was all I could see
She smiled again
there was a sparkle in her eyes
But, there was no mouth
No nose, No face, No body
Not even Mehendi
All covered in black clothes,
She was still beautiful.

How can I know whether it’s Fathima,
My friend, The Flower?




By Jahooli Devi


Tuesday, August 4, 2015

Hold fast to dreams For if dreams die Life is a broken-winged bird That cannot fly



Sometimes you need freedom. Perhaps you may think, being in the same nest always is an imprisonment. I understand that. Suddenly you  fly far away. You never tell me, where you are going. I never ask you. You are always like that.

When I woke up in this morning, I searched for you. Then I realized you are not by my side. I remember very well, last night you were sleeping with me, just by my side. Before you fell into sleep, you touched my weary feathers with your pinky beak. It was not a dream. Because I can see one of your feather's inside my nest.

This is your routine. You do this from time to time. Perhaps, this nest is not warm and comfortable enough for you. Maybe, you don't like to eat the same food everyday. Same ambiance every day, that’s boring. I know, you are different than me. You think like a rebel, you dream about life always, you can never be a caged bird. That's why I like you this much too.

I remember one of my great grandparents told:

“There are birds that fly very far, even over the oceans, so they can migrate to other countries. They can avoid hard times & difficult places.  One day they come again when everything is fine." 

I am amazed, I’m not that type. Once I remember, when I went to the village by mistake, one boy pointed at me & said:

“Here, Look at this…. it is an “endemic bird”

I did not t realize what that boy said about me on that day. But now I know.

Suddenly, I am astonished what is happening in front of my eyes. I couldn’t believe my own eyes. You alighted on the twig of the big banyan tree. I looked at you all amazed. Then you started to twitter.  But, it was not you! Just a dream.

Sometimes you told me, the adventures that you have faced.  I was just listening to them with widened eyes, those stories were filled with full of adventures, like how you escaped humans traps, how you flew across  valleys & deserts, even in the winter. It was fascinating.

I realized  that you want to make sure that there are nice places to live in this world rather than residing here in Tropics forever. Or may be you are looking for an eternal stop to spend your life.  Perhaps, you are looking for a better partner. A companion who likes adventures like you do and live with him. Because I remember once you mumbled to yourself,

 "Next time when I meet, I tell him the truth, I can’t suffer this way..... I'm such a nice bird… he must pay more attention to me ".

Not only that, I remember  few months back, you came to me with weary feathers all pale looking. You sighed for weeks, didn’t eat much. But I didn’t ask.... because I thought, if I had asked you the reason, you might have got exhausted with my stupid questions. After a few days, you flew away again.

Sometimes.... I also want to fly with you long journeys, although I'm scared. (But you never asked me to come with you). Again, I think... no I must go alone and find my own adventures like you do. But... again, I think... if I also go away...

“Who will be there to welcome you? When you come back after your adventures?"



Title quoted from the poem dreams by Langston Hughes

Thursday, July 9, 2015

Un Paradis Oublié Forgotten Paradise

Aimer mon pays
un amour tardé un devoir manqué, Possédé 
par des fantômes blancs désillusionné par les mirages luxes On a abandonné notre patrie au milieu de
l'Océan Indien
pour pleurer 
de sa forme... On l'a blessée torturée dévorée 
par la honte de sa pauvreté... Quand on a faim et soif on a cherché 
les terres lointaines Inconnus pour mendier... On revient après des années
des années d'ignorance demandant pardon... Mon cher pays ! On t'a oublié poussant les voiles de fer pour te fuir à travers le ciel... On est revenu 
chercher nos racines parmi ses arbres gigantesques, la douceur parmi ces rivières chevaleresques, la fierté, sur ces montagnes pittoresques, pour Vivre, respirant sa pureté... Aimer, toi ta gentillesse ton courage malgré la misère battue par les moussons, tes sourires éclatants venant d'un cœur plus chaud qu'un soleil éternel, tes hommes, femmes, enfants 
partageant leur riz au curry épicé sous l'ombre des cocotiers, tes prières spirituelles plus fortes que les vagues bleues qui te frappent, cet enchevêtrement envahissant, cette simplicité de la vie, cet amour tardé le devoir manqué
c'est pour toi,
On te porte comme un collier pierres 
précieuses dans nos âmes criantes Vive le Sri Lanka...


Par Jahooli Devi



Photo 1 : La Baie de Trincomalee, Sri Lanka

Photo 2 : Adam's peak, Sri Lanka ©Sébastien Javelle

Friday, April 24, 2015

දුරකතන ඇමතුමක් ( A Telephone Call by Dorothy Parker, 1944)





අනේ, දෙවියනේ, එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්න. දෙවි ස්වාමිනේ, එයාට මට දැන්මම කෝල් කරන්න ඉඩ දෙන්න. මම ඔබ වහන්සේගෙන් වෙන මොකුත්ම ඉල්ලන්නේ නෑ, ඇත්තෙන්ම වෙන මොකුත්ම ඕනේ නැහැ. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඔබ වහන්සේට මේක ඉතාම සුලු දෙයක්, දෙවියනේ හරිම හරි පොඩි වැඩක්. කෝල් කරන්න විතරක් ඉඩ දෙන්න. අනේ, දෙවියනේ, ප්ලීස්, ප්ලීස්, ප්ලීස්.

මං ඒ ගැන හිතුවේ නැත්තම්, සමහර විට ෆෝන් එක රිං වෙයි. සමහර වෙලාවට එහෙම වෙනවා. මට වෙන මොනව හරි ගැන හිතන්න පුළුවන්නම්. වෙන මොනවම හරි ගැන හිතන්න පුළුවන්නම්. මං පහ ගානේ පන්සීයට ගණන් කලොත් ඒ වෙලේ රිං වෙයි. මම හෙමින් ගණන් කරන්න ඕනේ. මම හොර කරන්නේ එහෙම නැහැ. තුන්සීය වෙද්දී ෆෝන් එක වැදුනොත්, මම නවත්තන්නේ නැහැ, පන්සීයට යනකම්ම ඉන්නවා. පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ, හතලිහ, හතලිස් පහ, පනහ, ......අයියෝ , දැන්වත් වදින්නකෝ, ප්ලීස්.

මං මේ අන්තිම වතාවට තමා ඔරලෝසුව දිහා බලන්නේ, ආපහු නම් බලන්නේ නැහැ. දැන් වෙලාව හතයි දහයයි. එයා කිව්වේ පහට කතා කරනවා කියලා.
" මං පහට කතා කරන්නම්, ඩාලිං". මං හිතන්නේ එවේලේ තම එයා "ඩාලිං" කියල කිව්වේ. මට හොඳටම ෂුවර් එයා එහෙම කිව්ව. මං දන්නව එයා මට දෙපාරක් ම "ඩාලිං" කියල කිව්ව. අනිත් වේලේ තම එයා යන්න හදද්දී, "ගුඩ් බායි ඩාලිං" කියල කිව්ව. එයාට හරියට වැඩ වැඩියි ඔෆිස් එකේ, ඒත් එයා, "ඩාලිං" කියල දෙපාරක්ම කිව්වා.
මං එයාට කෝල් කරපු එක එයාට ගාණක් නැතුව ඇති. මං දන්නවා නිතරම ටෙලිෆෝන් කරන හොඳ නැහැ කියලා. ඒගොල්ලන් ඒකට කැමති නැහැ. එහෙම කලාම, ඒගොල්ලන් දැනගන්නව අපි එයාල ගැන නිතරම හිතනවා, හැම එකටම ඕනේ වෙනව කියල, එතකොට ඒගොල්ලන්ට අපිව එපා වෙනවා. ඒ වුනාට මං දැන් එයාට දවස් තුනකින් කතා කරල නැහැ, දවස් තුනක්!

මං එයාගෙන් ඇහුවේ සැප සනීප කොහොමද කියල විතරයි, ඕනේ කෙනෙක් කතා කරල අහන විදිහට. එයාට ඒකට කේන්ති යන්න විදිහක් නෑනේ. මං එයාට කරදර කරනව කියල හිතන්න විදිහකුත් නැහැ"නෑ, කිසිම ප්‍රශ්නයක් නැහැ", එයා කිව්වා. ඊට පස්සේ එය කිව්වා මට කතා කරන්නම් කියලා. එය එහෙම කියන්න ඕනේ නෑනේ. මම එයාට කිව්වේ නෑනේ, ඇත්තෙන්ම නෑ . මට හොඳටම ෂුවර් , මං කිව්වේ නෑ .මං හිතන්නේ නෑ එයා මට කෝල් කරනවා කියලා , ඊට පස්සේ නිකන් ඉඳියි කියලා. අනේ දෙවියනේ , එයාට එහෙම කරන්න ඉඩ තියන්න එපා.

" මං ඔයාට පහට කතා කරන්නම් , ඩාලිං " " ගුඩ් බායි ඩාලිං" එය හරි හදිසියෙන් හිටියේ වැඩ ගොඩක් අස්සේ. එයා වටේ සෙනගත් ගොඩාක් හිටියා. ඒ වුණාට එය දෙපාරක්ම ඩාලිං කියලා කිව්වා. ඒක මගේ, එක මගේ . එයාව ආපහු ජීවිතේටම මුණ ගැහුණේ නැති වුනත් , මට ඒක ඉතුරු වෙලා තියෙනවා. ආපෝ, ඒ වුනාට ඒක මදි., හරිම කෙටියි. එයාව ආපහු දකින්න ලැබෙන්නේ නැත්තම් , මොන දේත් මදි. ප්ලීස් දෙවියනේ , මට එයාව එක පාරක් දකින්න ඉඩ දෙන්න. ප්ලීස්, මට එයාව ඕනෙම ඕනේ. ගොඩාක් ඕනේ. ඔබ වහන්සේ මට එයාව තව පාරක් හම්බ වෙන්න ඉඩ දුන්නොත්, මං හොඳ කෙල්ලෙක් වෙන්නම්. , අඩුම ගානේ උත්සාහ හරි කරන්නම්, සත්තයි. ඔබ වහන්සේ එයාට මට කෝල් කරන්න ඉඩ දුන්නොත්. අයියෝ, එයාට කෝල් කරන්න ඉඩ දෙන්නකෝ.

මගේ මේ ඉල්ලීම සුළුවට ගන්න එපා. දෙයියන්ට නම් මොකද , කෙස් පැහිලා වයසට ගිය ඔබ වහන්සේ සුරංගනාවන් පිරිවරාගෙන , තරු කැට කඩා වැටෙන නිල් පාට ආකාසේ පාවී පාවී ඉන්නවා. මං ඔබ වහන්සේ ගාවට එන්න ටෙලිෆෝන් කෝල් එකක් වගේ පොඩි ඉල්ලීමකට. ආහ්, මේක විහිලුවකට ගන්න එපා. පේනවනේ , ඔබ වහන්සේ දන්නේ නෑ එකේ තරම. ඔබ වහන්සේ වලාකුළක පාවෙවී , ඔය ආසෙනට වේලා ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැතිව. මොනවා උනත් ඔබ වහන්සේ සැලෙන්නේ නෑ , කාටවත් අත වත් තියන්න බෑ. මේක හරි වේදනාවක්, පුදුම වේදනාවක් . ඔබ වහන්සේ මට උදව් කරන්නේ නැද්ද? ඔබ වහන්සේගේ පුතාගේ නාමෙන් වත් මට උදව් කරන්න. ඔබ වහන්සේ කිව්වනේ "එතුමා ගේ" නාමෙන් ඉල්ලුවොත් ඕනේ දෙයක් කරනවා කියලා. ඔබ වහන්සේගේ අති උතුම් පුත්‍රයා වන , ජේසු තුමාගේ නාමෙන්වත් , එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්න.

මම මේක නතර කරන්න ඕනේ. මේ විදිහට හැසිරෙන්න හොඳ නැහැ. හිතන්න තරුණ කොල්ලෙක් කියනවා කෙල්ලෙක්ට කෝල් කරන්නම් කියලා. ඊට පස්සේ මොනවහරි සිද්ධ වෙලා කතා කරන්නේ නැහැ. එක එච්චර ලොකු දෙයක්ද? මේ වෙනකොට ලෝකේ වටේ මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මට මොකක්ද තියෙන අමාරුව ලෝකේ වටේ වෙන දේවල් ගැන. ඇයි මේ ෆෝන් එකට රිං වෙන්න බැරි, ඇයි බැරි? ඇයි බැරි ? ඔයාට තනියම රිං වෙන්න බැරිද? අනේ ප්ලීස්, බැරිද ඔයාට? මොන මළ ඉලව්වක් ද? කැත විතරක් උඹේ! ඇයි රිං උනොත් රිදෙනවද? ආ ඔව්නේ , උඹට රිදෙයිනේ. මේ හතර මායිමේ උඹට ඉන්න ඉඩ තියන්නේ නැහැ. මං කුඩු පට්ටම් කරලා දානවා උඹේ ඔය කළු පාට මූණ. මක බෑවිලා පල!

නෑ , නෑ , නෑ . මං මේක කොහොම හරි නතර කරන්න ඕනේ. වෙන දෙයක් ගැන හිතන්න ඕනේ. මෙන්න මේකයි මං කරන්න යන්නේ. මම ඔරලෝසුව අනිත් කාමරයේ තියනවා. එතකොට මට ඒක බලන්න බෑනේ, මට ඒක බලන්න ඕනේ උනොත් නිදන කාමරයට යන්න වෙනවා , එතකොට ඒක වෙනම වැඩක් නේ. සමහර විට මම එක දිහා අපහු බලන්න ඉස්සෙල්ලා , එයා මට කෝල් කරයි. එයා මට කෝල් කලොත්, මම හරිම ස්වීට් විදිහට කතා කරනවා . අද රෑට හම්බ වෙන්න එන්න බෑ කිව්වොත් " , එකට කමක් නැහැ පැටියෝ, කිසිම ප්‍රශ්නයක් නැහැ ." හරියට එයාව පළමු වෙනි වතාවට හම්බවුන විදිහටම ඉන්නවා. සමහර විට එයා එතකොට ආපහු මට කැමති වේවි. මම හැම වෙලේම මුලදී හරිම ස්වීට්. ඔව් , ආදරය කරන්න පටන් ගන්න ඉස්සෙල්ල ස්වීට් විදිහට ඉන්න ලේසියි.
 
මම හිතන්නේ තම එයා මට පොඩ්ඩක් හරි කැමතියි. එයා මට ටිකක් හරි කැමති නැත්තම්, අද මට දෙපාරක්ම "ඩාලිං" කියන්න බෑනේ. එහෙනම් හැම දෙයක්ම නැති වෙලා නැහැ, එයා මට ටිකක් හරි චුට්ටම චුට්ටක් හරි කැමති ඇති. ඔබ වහන්සේට පේනවද, පොඩ්ඩක් හරි එයාට මට ටෙලිෆෝන් කරන්න ඉඩ දෙනවනං , මම ඔබ වහන්සේගෙන් මොකුත්ම ඉල්ලනේ නැහැ. මම පරණ විදිහට හරිම සතුටින් ඉන්නම්. එතකොට එයා මට ආපහු ආදරය කරන්නන පටන් ගනියි. එතකොට ඔබ වහන්සේගෙන් කිසිම දෙයක් ඉල්ලන්න වෙන්නේ නැහැ. ඔබ වහන්සේට මේක පෙන්නේ නැද්ද? එයාට ඉඩ දෙනවද නැද්ද? දෙන්නේ නැද්ද? ප්ලීස්, ප්ලීස්, ප්ලීස් ?

ඔබ වහන්සේ මට මේ දඬුවම් කරනවාද මං මේ හරි නරක විදිහට හැසිරුණු නිසා. ඔබ වහන්සේ මාත් එක්ක තරහ මං "අරක" කරපු නිසාද? අයියෝ, දෙවියනේ තව කොච්චර නරක මිනිස්සු ඉන්නවද ? ඔබ වහන්සේ මට විතරක් තදින් ඉන්න හේතුවක් නෑනේ. ඒක එච්චර "නරක වැඩක්" නෙමේ. ඒත් නරක වෙන්නත් ඉඩ තිබුන. අපි කාටවත් හිරිහැරයක් කලේ නෑනේ. දෙවියනේ, නරක දේවල් කියන්නේ මිනිස්සුන්ට රිදෙන දේවල් වලට, අපි කුරා කූඹියෙකුටත් හිරිහැරයක් කරලා නෑ. ඔබ වහන්සේ දන්නවනේ , ඒක එච්චර නරක වැඩක් නොවන බව, ඇයි දන්නවානේ ? ඉතින් ඔබ වහන්සේ එයාට ඉඩ දෙනවද මට කතා කරන්න ?

එයා මට කෝල් කලේ නැත්තම් , මං දන්නවා දෙවියන් වහන්සේ මාත් එක්ක තරහ වෙලා බව, මම පහ ගානේ පන්සීයට ගණන් කරනවා. එතකොටත් එය මට කතා කරලා තිබුනේ නැත්තම් , මං දන්නවා දෙවියෝ ආපහු මට කවදාවත් උදව් කරන්නේ නැති බව. එක තම සංඥාව. පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ, හතලිහ, හතලිස් පහ, පනහ, පනස් පහ... "ඒක" නරකයි තමා , මං දැන ගත්ත ඒක "නරක වැඩක්" බව, කමක් නැහැ, එහෙනම් දෙවියෝ, මාව අපායට යවන්න, . ඔබ වහන්සේ හිතන්නේ ඔය අපාය පෙන්නලා මාව බය කරන කරන්නද ? හිතනවද ඔය අපාය මගේ අපායට වැඩිය නරක බව?

මම මේක කරන්න ඕනේ නැහැ. හිතන්න, එයට කතා කරන්න පොඩ්ඩක් පරක්කු වුනා නම්, මේක මේ පිස්සු වට්ට ගන්න ඕනේ වැඩක් නෙමෙයිනේ. සමහර විට එයා කෝල් නොකර මෙහාට කෙලින්ම එන්න හදනවා වෙන්නැති. මම අඬලා තියෙනවා දැක්කොත්, එයට කේන්ති යයි. ඒගොල්ලන් කැමති නෑ අපි අඬනවට, එයා අඬන්නෙත් නැහැ. අනේ මට එයාව අඬවන්න පුලුවන්නම්. එයගේ හදවත හොඳටම පාරල, කඳුලු බේරෙන කම් මට එයාව අඬවන්න පුලුවන්නම්. එහෙම අපා දුකක් දෙන්න පුළුවන්නම් නියමයි.

ඒත් එයා නම් මට එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා නිසා මට හිතෙන දේවල් ගෙන එයා හාංකවිස්සියක්වත් නැහැ. මං එයාට ඒ දේවල් කියන්න යන්නේ නැතුව , එයාටම ඒවා තේරුම් ගන්න පුළුවන්නම් හොඳයි. ඒගොල්ලන් කැමති නෑ ,ඒ කට්ටිය නිසා අපි ඇඬුවා කියල කියනවට. අපි දුකින් ඉන්නවා කියල අහන්නත් ඒගොල්ලන් කැමති නෑ. එහෙම කලොත් ඒගොල්ලන් හිතන්නේ , පි හරි ඇණ කියලා . ඊට පස්සේ අපිව පෙන්නන්න බැහැ. කොයිම හරි වෙලාවක අපි ඇත්තටම හිතන දේ කිව්වොත් අපිව පෙන්නන්නම බැහැ. අපිට තියෙන්නේ පොඩි පොඩි මායම් දාන්න. ඒත් එහෙම වෙන්නේ නැත්තම් හොඳයි. ඇත්තටම මට හිතන දේ කියන්න පුලුවන්නම්. මම හිතන්නේ නෑ කවදාවත් . එයා මට ටෙලි ෆෝන් කලොත් මං එයාට කියන්නේ නෑ එයා නිසා මං දුක් වුනා කියලා . ඒ කට්ටියට අඬන ගෑණු පෙන්නන්න බැහැ . මම හරිම සතුටින් ඉන්නම්, ඉතින් එයා මට ගොඩාක් කැමති වෙයි. අනේ දැන් එයා කතා කරනවනම්, දැන්ම කතා කරනවානම්!

එහෙනම් එයා එහෙම තම කරනවා ඇත්තේ. එයා සමහරවිට කෙලින්ම මෙහාට එනව ඇති. සමහර විට මගදී මොකක් හරි කරදරයක් වෙන්න ඇති. නෑ. එයාට මොකුත් වෙන්න බෑ. එයාට මොනවා හරි වෙනවා කියල මට හිතන්නවත් බෑ . වාහනයකට වත් යට වෙලාද? එයා මිනී පෙට්ටියක වැතිරිලා ඉන්නවා මට මවා ගන්න බෑ . එයා මළානම් හොඳයි. ඒක මහා දරුණු ප්‍රාර්ථනාවක් . නැහැ, ආදරණීය ප්‍රාර්ථනාවක්. එයා මළොත්, එයා මගේ. එයා මළොත් මං අද දවස ගැනවත්, පහු ගිය සති කීපය ගැනවත් හිතන්නේ නැහැ. එතකොට මට මතකයේ තියෙන්නේ ආදරයෙන් හිටිය වේලාවන් විතරයි. අනේ එයා, මළොත් හොඳයි. මැරියන්, මැරියන්, මැරියන් .

මේක මහ මෝඩ වැඩක්. මිනිස්සු වෙලාවට කතා කලේ නෑ කියල, උන්ට මැරෙන්න කියල ප්‍රාර්ථනා කරන එක මහා පිස්සු වැඩක්. සමහර විට ඔරලෝසුවේ කටු වේගයෙන් කරකැවෙනවා ඇති, එකේ වෙලාව හරිද දන්නේ නැහැ. සමහරවිට එයා පරක්කු නැතිව ඇති, මොකක් හරි නිසා පරක්කු වෙලා ඇති, ඔෆිස් එකේ ඉන්න සිද්ධ වෙන්නැති. සමහර විට ගෙදර යන්න ඇති., එහේ ගිහිල්ල කතා කරන්න, ඊට පස්සේ සෙනග ඉන්න ඇති, එයා කැමති නැහැ අනිත් අය ඉස්සරහ මට කෝල් කරන්න,. සමහර විට එයා හරියට පසුතැවිලි වෙනවා ඇති, ටිකක් හරි , අඩුම ගාණේ ටිකක් හරි... මට බලන් ඉන්න වුන එක ගැන. , එයා හිතන්නේ ඇති මම එයට කෝල් කරයි කියලා . මට එක කරන්න පුළුවන්. , මට ටෙලිෆෝන් කරන්න පුළුවන්.

නෑ , නෑ, නෑ කොහෙත්ම නෑ, අනේ දෙවියනේ මට එයාට කෝල් කරන්න නම් ඉඩ තියන්න එපා, ඒවගේ දෙයකින් මාව ඈත් කරලා තියන්න, මං දන්නවා, එයා ඇත්තටම මං ගැන හිතනවානම්, මං ගැන ටිකක් හරි හොයල බලනවනම්, කොතන හිටියත්, කොච්චර සෙනග එක්ක හිටියත්, මට කතා කරන්න ඕනේ. අනේ දෙවියනේ මට ඒක දැන ගන්න දෙන්න. අනේ , මට බලාපොරොත්තු තියාගන්න ඉඩ දෙන්න එපා. මාව සනස ගන්න දේවල් කියන්න ඉඩ තියන්න එපා. ප්ලීස් , මට බලාපොරොත්තු තියා ගන්න ඉඩ තියන්න එපා.


නැහැ, මම කතා කරන්නේ නැහැ, . ජීවත් වෙලා ඉන්නකම්, ආපහු කතා කරන්නේ නැහැ, . එයා අපායේ දුක් විදලා මැරෙයි. මට ඔබ වහන්සේගෙන් ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. මං ගාව තියෙනවා ඒක ඕනේ තරම්. එයාට ඕනේ නම මට කතා කරයි එයා දන්නවනේ මං කොහෙද ඉන්නේ කියල. එයා දන්නවා මං එයාගෙන් කෝල් එකෙක් එනකම් බලා ඉන්න බව. එයට මං ගැන හොදට ෂුවර්, සීයට සීයක් විශ්වාසයි. මට තේරෙන්නේ නැහැ , ඇයි ඒගොල්ලන් අපිට වෛර කරන්නේ හොදටම ෂුවර් උනාම. ඇත්තටම ෂුවර් වෙන එක හරිම ස්වීට්.

මං එයාට ටෙලිෆෝන් කරන එක ලේසි වැඩක්. ඊට පස්සේ නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන්. ඒක එච්චර මෝඩ වැඩක් නෙමේ. එයා බනින එකක් නෑ. එයා සමහරවිට ඒකට කැමති වෙයි. සමහරවිට එයා කෝල් කරන්න හදන්න ඇති. කෝල් කරන්න ට්‍රයි කරද්දී , දුරකතනය ක්‍රියා විරහිත කර ඇත කියල කියන්න ඇති. මේවා මේ මම සැනසෙන්න කියනවා නෙමේ, එහෙම අනන්තවත් වෙනවා. ඔව්, ඇත්තටම වෙනවා. අයියෝ, ඔය කෙහෙල්මල් ෆෝන් එකෙන් මාව අයින් කරලා තියන්න , මාව ඈතට කරලා තියන්න. අඩුමගානේ පොඩ්ඩක් හරි මාන්නේ තියාගන්න ඉඩ දෙන්න. දෙවියනේ පොඩ්ඩක් හරි තියාගන්න දෙන්න. , දෙවියනේ එක විතරයි මට ඉතිරි වෙලා තියෙන්නේ.


අයියෝ, එයා මට කතා නොකර ඉද්දී මට ඉවසගෙන ඉන්න බැරි නම් , ආඩම්බරකමෙන් ඇති වැඩේ මොකක්ද ? ආඩම්බරකම කියන්නේ මහා පුස් දෙයක් නේ. හැබෑ ආඩම්බරකම කියන්නේ , ලොකුම ආඩම්බරකම කියන්නේ, මොනම ආඩම්බරක්මක්වත් නැති එක. නෑ, නෑ මම එහෙම කියන්නේ , මට එයාට කෝල් කරන්න ඕනේ හින්දා නෙමේ. එක ඇත්ත. , මම මේ පුංචි පුංචි ආඩම්බරකම් වලින් මිදිලා දවසක ලොකු වෙන්නම්කෝ.

අනේ දෙවියනේ, මට එයාට දිගටම ටෙලිෆෝන් කරන්න ඉඩ දෙන්න.
මට නම් තේරෙන්නේ නැහැ ආඩම්බරකම මෙතෙන්න එන්නේ කොහොමද කියලා . මේක හරි සුළු දෙයක්, හිතන්න තරම්වත් වටින්නේ නැහැ. මං එයා කියපු දේ හරියට තේරුම් ගන්නේ නැතිව ඇති. සමහර විට එයා කියන්න ඇත්තේ , පහට එයාට කතා කරන්න කියල වෙන්න ඇති. " පහට කතා කරන්න ඩාලින් " එය එහෙම කිව්වේ කියල මට ෂුවර් වගේ. අනේ දෙවියනේ, මේ විදිහට මට තනියම කතා කරන්න ඉඩ දෙන්න එපා. කියන්න මට, කියන්නකෝ.

මම වෙන මොනවහරි ගැන හිතනවා. නැත්තම් කට වහගෙන ඉදගෙන ඉන්නවා. මට එක විදිහකට ඉදගෙන ඉන්න පුලුවන්නම්. එකම විදිහකට ඉදගෙන ඉන්න පුලුවන්නම්. නැත්තම් මම පොතක් කියවන්න ඕනේ. ආපෝ , පොත් වල උනත් තියෙන්න ඇත්තට ආදරය කරන ජෝඩු ගැන . මොන මගුලකට ඒවා ගැන ලියනවද මන්දා. උන් දන්නේ නැද්ද ඒක පට්ටපල් බොරුවක් බව? ඒකෙ තියෙන අමාරුව දැන දැන , මොන රෙද්දකටද ඒක ගැනම ලියන්නේ . උන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ. මකබෑ වෙලා පලයල්ලා.

මං එහෙම කරන්නේ නෑ . කට වහගෙනම ඉන්නවා. මේක එච්චර උඩ පනින්න දෙයක් නෙමේ. හිතන්න. එයාව මං එච්චර දන්නා කෙනෙක් නෙමේ කියල. හිතන්න, එයා ගැණු ළමයෙක් කියල. මම නිකම් එයා ටෙලිෆෝන් කරලා කියනවා , " දෙයියන්නගේ නාමෙට ඔයාට මොකද උනේ, අනේ " ඒක තමා මම කරන්නේ. මම එක ගැන හිතන්නේ යන්නේ නැහැ . මං එයාට ආදරය කරනවා කියල ඇයි මට සාමාන්‍ය විදිහට ඉන්න බැරි ? මට ඉන්න පුළුවන්. ඇත්තටම ඉන්න පුළුවන්. මම එයාට නිකන් කතා කරලා, හරිම ප්‍රසන්න විදිහට ඉන්නවා. ඔබ වහන්සේ බලනන්කෝ , මම කරන්නේ නැද්ද කියල. එත් දෙවියනේ, මට නම් එයාට ආපහු කෝල් කරන්න ඉඩ තියන්න එපා. එපා. එපා. එපා.

දෙවියනේ, ඔබ වහන්සේ ඇත්තටම එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්නේ නැද්ද, ඔබ තුමාට ෂුවර්ද?
පොඩ්ඩක් අනුකම්පා කරන්න බැරිද ? බැරිද ?

මම ඔබ තුමාට කියන්නේ නැහැ මේ දැන්මම, එයාට කෝල් කරන්න ඉඩ දෙන්න කියල, තව ටික වෙලාවකින් කතා කරන්න ඉඩ දෙන්න.

මම පහ ගානේ පන්සීයට ගණන් කරන්නම්, මම හෙමින්ම, වරද්දනේ නැතුව කරන්නම්. එතකොටත් , එයා ටෙලිෆෝන් කරලා නැත්තම් මම එයාට කෝල් කරනවා, , මම කරනවමයි. ප්ලීස් , අනේ කරුණාවන්ත , ආදරණීය දෙවි ස්වාමිනේ , මම එක කරන්න ඉස්සෙල්ල, එයට කෝල් කරන්න ඉඩ දෙන්න, ප්ලීස්, ප්ලීස්!

පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ...


Translated by Jahooli Devi