Friday, October 12, 2018

සොයමි මම තව!


මම,
ඒ නුඹ දැයි විමසමි,
ඔව් ඒ මම යැයි, නුඹ කියයි,
ඔව්...
ඒ නුඹම යැයි වරෙක මටද සිතෙයි,
මා පෙලන, මා දවන, නුඹ!
මා සොයන, නුඹ නොවන නුඹ,
ඉතින් මට අයෙත් හමු වෙලා,
මා නොවන මා,
නුඹ නොවන නුඹ,
සොයමි මම තව!

By Manu Fernando

Sunday, September 16, 2018

Je vis, je meurs by Louise Labé - Sinhala Translation

දුක - සැප 

දිවි ගෙවමි, මියයමි, දැවෙමි, ගිලෙමි, මම
අයිස් සීතල මතද මට මහත් රස්නියකි, 
ජීවිතය බොහෝ සැහැල්ලුය, බොහෝ දුෂ්කරය.
සොම්නසින් පිරුණු පටලැවිලිද ඇත, මට.

වරෙක මම සිනාසෙමි සහ හඬමි
සැප මත දුක් ගොඩක් දරමි
සතුට කිසිදිනෙක මා නොරැදී පලා යයි
මා එක විටම පරවෙමින්, පිබිදෙයි.

මෙලෙස ප්‍රේමය අස්ථිරව මා මෙහෙයවයි
වේදනාවෙන් පිරී යයි සිතන මොහොතක
නොසිතාම මා නිදුකින්ද සිටියි.

ඉක්බිති, සතුට ස්ථිර බව දැනෙන විට
මුළු ලොවක් ජයගත් ලෙස සිතෙන විට
එය මගේ සුපුරුදු දොම්නසටම ඇද දමයි.

Translated by Jahooli Devi

Sunday, August 26, 2018

Colombo - Rewriting of London by William Blake


I wander thro' each High Tea buffet,
Near where the Colombo ladies do flock.
And mark in every face I meet
Marks of hastiness, marks of hunger.
In every plate of every Man,
In every plate of every Woman,
In every Salad bar: in every Dessert corner,
The overflowing plates full of food
How the Fat ass man grab all the battered prawns
Everytime the waiter fills the dish,
And the five-inch-heels-makeup aunties
Ruin all the carpets of luxury hotel halls
But most thro' High Tea buffets I hear
How the words & accents have changed
From Malli to Malla, Appachchi to Appuchcha
Long time no see , Anee Panee
And thus Gluttonous Sinners continue...

By Jahooli devi

Friday, August 17, 2018

Une allée du Luxembourg by Gérard de Nerval - Sinhala Translation



ලුක්සම්බූර් උයනේදී

ඈ ගියා මා පසු කර, යෞවනිය
තටු සලන විහඟකු මෙන් උද්යෝගයෙන්
අතැතිව රැගෙන බැබලෙන කුසුමක්
මුවගින් නිරතුරුව නොලියූ කවක්

ඇයට පමණකි මෙලොව සමහරවිට
මහද පිලිතුරු දෙනු ඇත්තේ
පැමිණෙමින් ඝනදුරු  රැයට
එක බැල්මකින් ආලෝකවත් කෙරුවේ

එනමුදු නොහැක, මා තුරුණුවිය හමාරය.
සුබ ගමන්! මා සුකොමල දිදුලන කිරණ
විලවුන්, යෞවනිය, සුසංයෝගය
සොම්නස මඟහැරුණි, පලා ගොස් සැඟවිණි. 


By Jahooli Devi


Une allée du Luxembourg est un poème de Gérard de Nerval écrit en 1832 et paru dans le recueil Odelettes en 1853. Il décrit le passage d'une jeune fille et les émotions que cela entraîne chez le poète.


Wednesday, August 15, 2018

නිදහස Translation of La Liberté by Paul Eluard


මගේ පාසැල් වැඩ පොත්හි
ඩෙස් බංකු වල, තුරු පෙල  මත
වැලි මත හිම මත
මම ඔබේ නම ලියමි

කියවූ පිටුවක් පාසා
හිස් පිටුවල පවා
ගලේ ලෙයින් කඩදාසියේ හෝ අළු මත
මම ඔබේ නම ලියමි

රන්වන් රූප මත
රණවිරුවන්ගේ අවි මත
රජ මැතිදුන්ගේ  ඔටුනු මත
මම ඔබේ නම ලියමි

වනාන්තර හා කාන්තාර උඩ
කැදැලි හා වන ලැහබ් මත
ළමාවියේ දෝං කාරය මත
මම ඔබේ නම ලියමි

අරුමැසි රාත්‍රී මත
හිස් වූ දවස් මත
සරණ බැඳි සෘතු මත
මම ඔබේ නම ලියමි
නීලවර්ණ සළුපිලි මත
හිරුකිරණින් තෙත්වූ පොකුණ මත
සඳ එලියෙන් පොපියන විල මත
මම ඔබේ නම ලියමි

ක්ෂිතිජයේ කෙත්වතු මත
සියොතුන්ගේ තටු මත
සෙවණැලි පංකා මත 
මම ඔබේ නම ලියමි

සෑම අරුණැල්ලකම
මහ මුහුද මත බෝට්ටු මත
වියරු වූ ගිරිශිඛර මත 
මම ඔබේ නම ලියමි

වලාකුලු පෙඳ මත
කුණාටුවේ දා බිඳු මත
මහ වැසි මත 
මම ඔබේ නම ලියමි
සෑම දිලිසෙන හැඩයකම 
නෙක පැහැ සීනුවල 
භෞතික සත්‍යය මත 
මම ඔබේ නම ලියමි 

අවදිවූ මාවත් මත 
දිග හැරෙන පාර මත 
සෙනග පිරි ස්ථාන වල 
මම ඔබේ නම ලියමි 
දැල්වෙන පහන මත
නිවී නිවී යන පහන මත
සියලු එකමුතු නිවෙස් මත 
මම ඔබේ නම ලියමි.

දෙපළු කල පලතුරක් මත
යහන් ගැබ කැඩපත මත
හිස් කවඩියක් වූ මගේ ඇඳ ම
මම ඔබේ නම ලියමි.

හුරතල් කෑදර මගේ බල්ලා මත 
උගේ එසවුණු  කන් පියන් පත
නොන්ඩි ගසනා ගාත් මත
මම ඔබේ නම ලියමි.

මගේ දොරගුල මත
සුපුරුදු භාන්ඩ මත
ගිනි ජාල මත 
මම ඔබේ නම ලියමි.

යටත් වුණු සෑම සිරුරකම 
මගේ මිතුරන්ගේ නළලත 
අත දිගු කරන සැම  මත 
මම ඔබේ නම ලියමි 

විස්මයට පත් කවුළු වල 
ඇහුන්කම් දෙන තොල් මත 
නිහඬ බව මතුපිටම 
මම ඔබේ නම ලියමි 

සුන්බුන්ව ගිය මගේ පැල මත 
ඇදවැටුණු ප්‍රදීපාගාර මත 
මගේ ප්‍රශ්න වල බිත්ති මත 
මම ඔබේ නම ලියමි 

විරාගීය නොපැමිණීම මත 
නිරුවත් හුදකලාව මත 
මරණයේ පියගැටපෙළ මත 
මම ඔබේ නම ලියමි 

සුවවුණු  තුවාල මත 
අතුරුදන් වූ සැකය මත 
අමතකවගිය බලාපොරොත්තු මත 
මම ඔබේ නම ලියමි 

වදනක ඇති බලය මත 
මම නැවත අරඹමි  දිවිය 
උපන්නෙමි මම ඔබ හමු වීමට 
ඔබ නමට අරුතක් දීමට 
නි     ද     හ       ස   


Translated by Jahooli Devi


The original title of the poem was Une seule pensée (A single thought). Éluard comments:
Je pensais révéler pour conclure le nom de la femme que j’aimais, à qui ce poème était destiné. Mais je me suis vite aperçu que le seul mot que j’avais en tête était le mot Liberté. Ainsi, la femme que j’aimais incarnait un désir plus grand qu’elle. Je la confondais avec mon aspiration la plus sublime, et ce mot Liberté n’était lui-même dans tout mon poème que pour éterniser une très simple volonté, très quotidienne, très appliquée, celle de se libérer de l’Occupant.
(I thought of revealing at the end the name of the woman I loved and for whom this poem was intended. But I quickly realized that the only word I had in mind was the word Liberté. Thus, the woman I loved embodied a desire greater than her. I confounded it with my most sublime aspiration, and this word Liberté was itself in my whole poem only to eternalize a very simple will, very daily, very apt, that of freeing oneself from the occupation.)
          https://en.wikipedia.org/wiki/Libert%C3%A9_(poem)

Colombo


I wander thro' each High Tea buffet,
Near where the Colombo ladies do flock.
And mark in every face I meet
Marks of hastiness, marks of hunger.
In every plate of every Man,
In every plate of every Woman,
In every Salad bar: in every Dessert corner,
The overflowing plates full of food
How the Fat ass man grab all the battered prawns
Everytime the waiter fills the dish,
And the five-inch-heels-makeup aunties
Ruin all the carpets of luxury hotel halls
But most thro' High Tea buffets I hear
How the words & accents have changed
From Malli to Malla, Appachchi to Appuchcha
"Long time no see , Anee Panee"
And thus Gluttonous Sinners continue...

Rewriting of the poem " London" by William Blake

By Jahooli Devi

Sinhala translation of the Francophone poem "En vain j'émigre" :Poet : Abdellatif Laabi


අපරාදේ මං දාල යන්නේ රට
හැම ටවුමකම මං බොන්නේ එකම කෝපි
මුස්පේන්තු වේටර්ලත් හැම තැනම 
සින්දුවක් අහන්න බෑ අල්ලපු මේසේ කිචි කිචිය
අපරාදේ මං දාල යන්නේ රට
දැන දැනම පිටස්තරයෙක්ව, හුදකලාවන බව
හැම අහසකම පේන්නේ එකම හඳ පළුව
මුරණ්ඩු තරු කැටවල නිහඬ බව
නින්දෙනුත් මං කතාව
සත්තුන්ගේ හඬවලින්, විවිධ භාෂා ගොඩකින්
මං ඇහෙරෙන්නෙත් ඉපදුණ කාමරේමයි
ඉතින්, අපරාදේ මං දාල යන්නේ රට
කුරුල්ලන්ගේ රහස තේරෙන්නේ නෑ මට
හරියට මේ කාන්දමේ රහස මෙන්
යන යන හැම තැනම
මගේ ගමන් මල්ල පිස්සු වට්ටන...

By Jahooli Devi

Sinhala translation of the Francophone poem "En vain j'émigre" by the Moroccan Poet : Abdellatif Laabi, عبد اللطيف اللعبي published in l'Etreinte du monde.Paris: La Différence, 1993

Monday, July 23, 2018

තුලනාත්මක සාහිත්‍යය (Comparative Literature) Littérature Comparée



තුලනාත්මක සාහිත්‍යය  යනුඑක් දේශයකටඑක් ජාතියකටඑක භාෂාවකට  සීමා නො වී,  විවිධ භාෂා වලින් නිර්මාණය වූ ලෝක සාහිත්‍යයන් වල ඇති අන්තර් සම්බන්ධතා පිළිබඳ කරන විචාරාත්මක අධ්‍යනයකි.  තුලනාත්මක සාහිත්‍යය, සාහිත්‍ය විචාරයේ  එක්  න්‍යායක් වන අතර එහි ක්‍රමවේදය විකාශනය වෙමින් පවතී. එහි දී සාහිත්‍යය සහ අනිකුත් කලාත්මක හා සංස්කෘතික මානව ප්‍රකාශන වන චිත්‍ර  කලාව සංගීතය හා නර්තනයමූර්ති කලාවගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම ශාස්ත්‍රීය හා සමාජ විද්‍යාත්මක විෂයයෙන් වන දේශපාලන විද්‍යාවඉතිහාසයදර්ශනයසමාජ විද්‍යාව හෝ ආගම් විශ්වාස  සහ ඇදහිලි  වැනි විවිධ විෂය පථ වල ඇති අන්තර්  සබඳතා ද තුලනාත්මක ව විශ්ලේෂණය කෙරේ.  
තුලනාත්මක සාහිත්‍යකරුවාගේ කාර්ය  භාරය වනු යේ හුදෙක් ලෝක සාහිත්‍ය නිර්මාණ අතර ඇති  සමානතා හා විෂමතා හැදෑරීම නොවඑක නිර්මාණයක් තව නිර්මාණයක් කෙරෙහි සෘජු ව හෝ වක්‍ර ව බලපෑ ඇත් දඑසේ වී නම් ඒ  සඳහා හේතු සාධක නිශ්චය කිරීමවිදේශීය බසකින් ජාතික භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයා  මුහුණ දෙන භාෂාත්මක සහ සංස්කෘතික අභියෝග අධ්‍යනය මෙන් ම  සාහිත්‍ය කෘතියක් වෙනත් කලාත්මක ප්‍රකාශනයකට අනුවර්තනය කිරීමේදී නිදසුනක් ලෙස නවකතාවක්  සිනමාවට අනුවර්තනය කිරීමේ දී   අනුගමනය කරන ලද ශාස්ත්‍රීය ශිල්ප ක්‍රමසාහිත්‍යය රසය සහ සිනමාත්මක රසය අතර ඇති පරස්පරතා වැනි දෑ  පිළිබඳ  විචාරාත්මක ව විග්‍රහ කිරීමයි.
තුලනාත්මක සාහිත්‍යයේ  ආරම්භය
බොහෝ සාහිත්‍ය කරුවන් ග්‍රීක සහ රෝම වැනි සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනය කිරීමට  අතීතයේ  සිටීම පුරුදු වී සිටි අතරතුලනාත්මක සාහිත්‍ය පිළිබඳ  යුරෝපයේ කතිකාවත ඇරඹෙන්නේ 19 වැනි ශතවර්ෂයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ  යටත් විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතෙක් ජාතික භාෂා සහ සාහිත්‍ය වලට මෙන් ම එක රටකට නැඹුරුව සිටි ජනතාව, දැනුම සොයා සංචාරය කිරීමටත්,  විවිධ ජනවාර්ගික කලා ප්‍රකාශන කෙරෙහි උනන්දුවක් දක්වන්නට පටන් ගත්හ. එම නිසා යුරෝපය තුල රෝමෑන්ටික වාදයයථාර්ථවාදය ස්වාභාවවාදයඋපස්ථිතිවාදය වැනි   පොදු සාහිත්‍ය සහ කලා ප්‍රකාශන බිහි වූ අතර පෙරදිග සංචාර වලින් ආභාෂය ලැබ එම සමාජ වල චරිත සහ සිදුවීම් ද තම නිර්මාණවලට ඇතුළත් කළහ. එම නිසා සාහිත්‍ය කෘතිවලට  බහුරූපී අර්ථකතන ලබා දිය හැකි විය.
ප්‍රධාන ගුරුකුල
තුලනාත්මක සාහිත්‍ය විචාරයේ දී ප්‍රධාන ගුරුකුල දෙකකි. සෝබෝන් සරසවිය මූලික කරගෙන ප්‍රංශ ගුරු කුලය බිහිවීමට ක්ලෝද් ෆොරිඑල් ( (Claude Fauriel , 1772-1844)  හා  රෙනේ එතිඔම්බ්ල්  (Réné etiemble, 1909-2002) වැනි  උගතුන් දායක වී ඇත.   ප්‍රංශ  ගුරු කුලය අනුවතුලනාත්මක අධ්‍යනය කරනුයේ සම්ප්‍රදායික සාහිත්‍ය විචාර ක්‍රමය අනුවය. එහිදී සාහිත්‍ය කෘතියක් හා බැදී පවතින බාහිර සාධක වන නිර්මාණ කරුවාගේ චරිතාපදානයසමාජ සන්දර්භයසාහිත්‍ය සම්ප්‍රදායින්  අධ්‍යනය කරන අතරතුරසාහිත්‍ය කෘති හරහා විවිධ දෘෂ්ටිවාදයන්  සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය නිදසුනක් ලෙස  අනුකරණ, අනුවර්තන, උපහරණපරිවර්තන කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. 
රෙනේ වෙලෙක් (René Wellek, 1903 - 1995) හා එච්. එච්. රේමක් ( H. H. Remak, 1916-2010) වැනි වියතුන්ගේ ආභාෂයෙන් බිහි වූ ඇමෙරිකානු ගුරුකුලය අනුව, සාහිත්‍ය කෘති නිර්මාණයේ දී එකිනෙකකට ඇති බලපෑම වැදගත් නොවේ. ඔවුහු සාහිත්‍යය අනිකුත් කලාත්මක ප්‍රකාශනවලට සැසඳීමට ආරම්භ කළහ. බාහිර සාධක ගැන නො සලකා  කෘතියක ඇතුලාන්තයේ අඩංගු සෞන්දර්යාත්මක කරුණු සහ ස්වරූපය  නිදසුනක් ලෙස තේමාවෙන්, සාහිත්‍ය න්‍යායන් වලට ඇති සම්බන්ධතාව  අධ්‍යනය කළහ.  බල්ගේරියානු- ප්‍රංශ ජාතික  විද්‍යා සාහිත්‍ය විචාරක ජූලියා ක්රිස්ටේවා ට අනුව  සෑම කෘතියකම , සෑම වාක්‍යයකම අර්ථය මතු වන්නේ  තවත් කෘතියක ආභාෂයෙනි.  කිසිවිටෙක කෘතියක් හුදකලාව නොපවතින  අතර පාඨකයා අර්ථය මතු කරගන්නේ පෙර නිර්මාණය වූ කෘති වලිනි.  අන්තර්භාෂිකත්වය හෙවත් Intertextuality යනුවෙන් මෙය හැදින්වේ.
කාලීන වැදගත්කම                    
වර්තමානයේ තුලනාත්මක  සාහිත්‍යයේ  වැදගත්කම වන්නේ, විවිධ රටවල විවිධ භාෂාවලින් බිහි වූ සාහිත්‍ය නිර්මාණ සියල්ලට ම  එක සමාන තත්වයක් ලබා දීමට ඇති හැකියාවයි. එමගින් අන්තර් සංස්කෘතික (Intercultural) සංවාදයකට මුල පිරිය හැක. නිර්මාණයක සාහිත්‍ය වටිනාකම තීරණය වන්නේ එහි බාහිර සාධක වන කතුවරයාගේ ජනප්‍රියතාවය හෝ ප්‍රධාන ධාරාවේ බසින් ලියූ  කෘති නිසා නොව, හුදෙක් එහි අන්තර්ගත විශ්වීය තේමාවන් හා හරයන්   නිසාවෙනි. ඊට අමතරව තුලනාත්මක සාහිත්‍ය කරුවන්ගේ පර්යේෂණවලින් වලින්  එක් සාහිත්‍ය ආකෘතියක සිට විවිධ ආකෘති වලට පරිවර්තනය හා අනුවර්තනය වෙමින් තව තවත් නිර්මාණ බිහි වීම තුල කලාවේ ඇති  උත්පාදන ශක්තිය තවදුරටත් පෙන්නුම් කෙරේ. 
By Jahooli Devi
මූලාශ්‍ර නාමාවලිය
Bassnett, S., 1993. Comparative Literature: A Critical Introduction. Wiley, John & Sons, Incorporated.
Guyard, M., 1965. La littérature comparée. Presses Universitaires De France.
Pageaux, D., 1994. La Litterature Génerale et Comparée. A. Colin.
Saussy, H., 2006. Comparative Literature in an Age of Globalization. Johns Hopkins University Press.


Sunday, February 18, 2018

ජම්බු ගෙඩිය සහ අරුම පුදුම සත්තු

Image result for jambu tree paintingමා කුඩා කල සිතා  සිටියේ ගැහැණු ළමුන් ඉතා සංවර, ආඩම්බර, ඒ වාගේම හරිම ලජ්ජාශීලී, ශීලාචාර පිරිසක් ලෙසයි. ඔවුන් පිරිමි ළමුන්ව දකින්නේ යක්ෂයින් ලෙස යැයි ද මම සිතා සිටියෙමි. සමහර විට එසේ සිතීමට හේතු වූයේ  කුඩා කල මා හට ගැහැණු ළමුන් හා සෙල්ලම් කිරීමට හෝ කතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති වූ නිසා විය හැක. අඩුම තරමින් මා ඉගෙනුම ලැබූ පාසලද පිරිමි විදුහලක් වීම තුල මා හට ස්වභාවිකව ගැහැණු ළමුන් පිලිබඳ යම් කිසි හෝ අවබෝධයක් ලැබීමට තරම් ඉඩක් නොවුනි. අනෙක් කරුණ නම් මා ඉරිදා දහම් පාසැල ද දැඩි ලෙස මග හැරීමයි. ඉතින් මා හට කිසිම අයුරකින් කුඩා කල නම් මේ අපුරු සත්වයා  දැන  හැඳිනීමට  නම් නොහැකි විය.  හැම  විටම මා ගැහැණු ළමුන් පිලිබඳ අවබෝධයක් ලැබුවේ ඇස්  දෙකින් දැක, හැරුණු විට මිස,  ඔවුන් සමග කතා බස් කර හෝ ඔවුන්ට සවන්දීමෙන්වත්, ඔවුන් සමග එක්ව මොනයම් හෝ වාදයක යෙදීමක් තුලින් නම් නොව කෙටියෙන් කියතොත් මා ඔවුන්ව දන්නේ, ඔවුන් ගැන  මගේම හිතින් මා තුල ගොඩ නගා ගත්  ආකල්ප මත මිස, ඔවුන්ගේ ප්‍රායෝගික කතා මත හෝ හැසිරීම් මත නම් නොවේ.


ඉතින් මම ඔබට කියන්නම් දවසක්  අහම්බෙන් වගේ මම ඉරිදා දහම් පාසලට ගොස් උන අපූරු විපත්තියක්.

එදා මම උදෙන්ම වගේ ගිය දවසක්, මොකද තාත්ත මාව ඇත්තටම දහම් පාසලට "එලවපු" දවසක්. හැබැයි මම යනකොටත් මේ අපූරු සත්වයෝ හතර පස් දෙනෙක් පන්සලේ ගහක් යට ඩෙස් බංකු දෙක තුනක් තියන් වෙනද වගේම "තාවකාලික පන්තියක්" හදාගෙන. මම තමයි මුලින්ම ආපු පිරිමි පරාණේ. හැබැයි මම ගිය ගමන් දැක්ක, මේ අපූරු සත්තු ටික මේ තාවකාලික පන්තියට ටිකක් එහායින් තිබුන ජම්බු ගහක් යටට ගිහින්  එකේ තිබුන එකම ජම්බු ගෙඩිය කඩන්න වෑයම් කරනවා.
සමහරු උඩ පනිනවා ජම්බු ගෙඩිය කඩන්න. තව එකියක් පොඩි කෝටු කෑල්ලක් උස්සන් දඟලනවා. එකියක්  ගහ හොල්ලනවා. එකියක් කට ඇරන් ජම්බු ගහ දිහා හිනා වෙවී බලන් ඉන්නවා. මමත් ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටිය මේ අරුම පුදුම සත්තු මේ කරන දේ. ඔහොම බලන් ඉන්නකොට, මොන කරුමෙකටද මන්ද මටත්  හිතුන ගිහින් මේ ජම්බු ගෙඩිය කඩන්න.
මම ඉතින් කිසිම කතාවක් නැතුව බිල්ල වගේ ගිහින් එක පාරක් දෙකක් උඩ  පැනල ජම්බු ගෙඩිය තියෙන අත්ත අල්ල ගත්ත, ඊට පස්සේ හෙමින් හෙමින් පහත් කරලා ජම්බු ගෙඩිය කඩා ගත්ත. ඒත් එක්කම ජම්බු අත්ත අත ඇරලා, ජම්බු ගෙඩිය යට පැත්තේ හිටපු අහිංසක කළු කුඹි දෙතුන් දෙනා  අහකට යන්න හුළං පාරකුත් පිඹල දත් දෙකට තියල කෑල්ලක් හැපුව විතරයි. මෙන්න බොලේ මේ අපූරු සත්තු මාව වට කරන්  කියනවා,

"ආ....ඉන්න කියන්න ලොකු සර්ටයි, හාමුදුරු වන්ටයි. , ඔයා ජම්බු ගෙඩිය කැඩුව  කියල."  

 අනේ දෙවියනේ මේ මොකක්ද මේ උනේ? ඉතින් එයාලානේ මුලින්ම ඒක කඩන්න හැදුවේ, එකනේ මමත් ගිහින් කැඩුවේ! අනිත් එක ඒගොල්ලෝ කඩන්න හැදුවේ කන්න නෙමේද? මේ මොකක්ද මේ උනේ? හැබැයි ඉතින් මම එයාලට දුන්නේ නැහැ තමයි, අඩු ගානේ කෑල්ලක් වත් දුන්නේ නැහැ තමයි. අනික ජම්බු ගෙඩියක් කොහොමද කන්නේ පස් හය දෙනෙක්?
වෙරළු ගෙඩියක් හත් දෙනෙක්  කාපු  කතාවක් නම් මම අහල තියෙනවා. එත් ඉතින් මම ඔය කතාව  විශ්වාස කරේ නැහැ. මට රත් උනා. මම මේ මොකක්ද කර ගත්ත විනාසේ? මම ඇටි  කෙහෙල් ගිලපු උගුඩුව වගේ බලන් හිටිය  මේ අපූරු සත්තු දිහා. උන්ගේ මුනේ නම් කිසි අනුකම්පාවක් නැහැ, ඇස් ගෙඩි දිලිසෙනවා. උන් වියරු වැටිලා..හරියට කොටි දෙනුන් වගේ...නැහැ නැහැ  උන් මම දිහා බලන් හිටියේ මම හරියට උන්ගේ දීග දෙනකොට දෙන්න හිතන් ඉන්න දැවද්දම හොරකන් කරපු පල්  හොරෙක් දිහා බලන් ඉන්න තාලෙට.

 මම යන්තම් හපපු ජම්බු කෑල්ල හපන ගමන්, මතක් කර ගත්ත මුළු දහම් පාසලේම ළමයි ඉස්සරහ ලොකු සර් "මේ ජම්බු ගෙඩියේ හොරකම" කියල මට අර මහතා වේවැලෙන් පත බානවා. ඉන් පස්සේ ඔක්කොම ළමයි ටික මට දානවා නමක් "ජම්බු හොරා" කියල. තවත් නම් මම ජීවත් වෙලා ඉවරයි.  මගේ අත පය වෙව්ලලා ගියා. දෙවියනේ මම දැන් මොකද කරන්නේ? දහම් පාසලේ උදේ ගාථ කියන්න බෙල් එකත් දැන් ගහයි...අය්යෝ...මේ ජම්බු ගෙඩියකුයි මේ ගැහැණු පරාණ ටිකයි මට කරපු වින්නැහිය...ඉතින් නම් තවත් මට මේ දේවල් හිතන්න නම් තවත් බැරිය. මම ඉක්මනට ගිහින් පොත් දෙක අතට අරන් ගෙදරම දුවන් ආවා එක ආවා හැල්මෙම. හිතට දැනුනේ හරිම සැහැල්ලුවක් මේ අපූරු සත්තුන්ගේ දෑස් මානෙන් මිදුනම. එත් මම අයෙත් දුවන ගමන් කල්පනා කරා, මේ සිද්ද වෙච්ච දේ තේරුම් ගන්න. අනේ දෙවියනේ..මගේ මේ පුංචි මොළ ගෙඩියට නම් එක තේරුම් ගන්න බැරි උනානෙ. ඒ කොහොම වෙතත් තාත්ත එලෙව්වත් ආයෙත් නම් දහම් පාසල් ගියේ නම් නැහැ.

ඉතින් මගේ කර දඬු උස මහත් වෙලා අහම්බෙන් වගේ මේ සිද්දිය ආයෙත් මතක් උනා. මම නිකමට වගේ හිතුව මොකක්ද එදා ඒ උන ගිනි  විජ්ජුම්බරේ  කියල. එතකොටනේ මට තේරුනේ, අය්යෝ අය්යෝ ...මම වගේ ගොන් හරකෙක්, මට තිබුනේ ඒ කඩපු ජම්බු ගෙඩිය, එතන හිටපු අර ලස්සන, සුදු, උස, හීන් දෑරි, ඇස් දිගටි,   නිල්  පාට ගවුමක් ඇඳන් හිටපු අපූරුම අපූරු සතාට දෙන්නයි.
එහෙම  කරා නම් මේ වෙනකොට මම  හොඳට බණ දහම් දන්නා ධර්මාචාර්‍යය කෙනෙක් වෙන්නත්  තිබුන. කරුමෙක මහත! 

Written by Manu Fernando

Saturday, February 10, 2018

The other wife L'autre femme අනිත් බිරිඳ - Sinahala translation


Image result for l autre femme colette



« දෙන්නෙක්ට කෑම ගන්නද?  මෙහෙන් එන්න සර්.  සර් යි  මැඩම් යි කැමති නම් මුහුද පේන්න ජනේලයේ ගාව ඉද ගන්න පුලුවන්, තව එක මේසයක් ඉතුරු වෙලා තියෙනවා. »

ඇලිස් හෝටලේ මැනේජර් පිටිපස්සෙන් ආවා.
« ආ ඔව් මයි, මාර්ක් එන්න කෝ. මුහුදෙ පාවෙන බෝට්ටුවක ඉන්නවා වගේ අපට කෑම කන්න පුළුවන් ».
ඇගේ ස්වාමි පුරුෂයා ඈව බාහුවෙන් ඇදල ගත්තා.
« අපිට අතන හොඳයි. »
« අතන? ඔක්කොම සෙනඟ මැද්දේ? මම නම් ආස.... »
« අනේ ප්ලීස් ඇලිස් ! »
ඔහු ඇගේ අත කොතරම් තදින් මිරිකුවා ද කිවහොත් ඈ ඉබේම හැරුණා.
« ෂ්ෂ්ෂ් »  ඔහු ඈ දිහා බලාගෙනම , මැද්දේ තියෙන මේසෙට එක්කගෙන ගියා.
« මාර්ක් ඇයි අනේ මොකද වෙලා තියෙන්නේ ඔයාට ?
« මන් ඔයාට පස්සේ කියන්නම් ඩාලින්, මුලින්ම අපි කෑම ඕඩර් කරමු. මොනවද ඔයාට ඕනේ? ඉස්සෝ ද? තම්බපු බිත්තරද? »
« ඔයා කැමති දෙයක්. ඔයා දන්නවානේ. »
දාඩිය පෙරාගෙන , හොඳටම වැඩකරලා හෙම්බත් වෙලා හිටිය හෝටල් මැනේජර් ගෙ වටිනා කාලය නාස්ති කරමින් මේ දෙන්නා කොමළ පාන්න ගත්තා. 
« ඉස්සෝ... »  මාර්ක් ඇණවුම් කලා. 
« බිත්තර එක්ක බේකන් . ඊට පස්සේ, සලාද කොල එක්ක කුකුල් මස්.
ක්‍රීම් චීස්? මොනවද මේකේ හොඳම කෑම එක? ආ ඒකත් ඕනේ.
අන්තිමට හොඳ උණු කෝපි දෙකක්.  අපි ඩ්‍රයිවර් මහත්තයාටත් කන්න කියමු. දෙකෙ වෙද්දී යන්නත් ඕනෙ නේ.
සයිඩර්? ඒක එච්චර හරි නැහැ. ෂැම්පේන් හොඳයි. »
ගිනි මද්දහනේ පාටක් නොමැති මහ සාගරයත්, සුදු පාට  අහස් තලයත් , ලොකු  එල්ලෙන වේලයක් තියෙන කුඩා මර්ක්යුර් තොප්පියක් පැලඳ සිටින ලස්සන බිරිඳ ත් දිහා බලලා ලොකු බරකින් නිදහස් වුණා වගේ ඔහු හුස්මක් පිට කලා.
« ඔයා හරි ලස්සනයි පැටියෝ. මුහුදේ තියෙන නිල්පාට ඔයාගේ ඇස් කොල පාටට හරවනවා. ට්‍රිප් ගිහිල්ලා ඔයා ටිකක් මහත් වෙලා. ලස්සනයි. හැබැයි ගොඩාක් මහත් වෙන්න නම් එපා! »
ඈ ආඩම්බරෙන් මේසේ උඩට බර වුණේ රන් තිසර යුගලත් පෙන්නමින්.
« ඇයි ඔයා මට ජනේල ගාව ඉඳ ගන්න දුන්නේ නැත්තේ? »
මාර්ක් සෙගියු ට බොරු කියන්න ඕනේ වුනේ නැහැ.
« ඔයා මන් අඳුරන කෙනෙක් ගාව තමා ඉඳ ගන්න ගියේ. » 
«  මන් අඳුරන්නේ නැති කෙනෙක්? » 
« මගේ ඉස්සෙල්ලා එක්කෙනා » 
ඈට වචන නැතිව ගියා. නිල් පාට ඇස් ලොකු වුණා.
 « ඉතින් අපිට මොකද ඩාලින්, ආපහු හම්බ වෙන්නත් පුලුවන්. අපිට එයාගෙන් වැඩක් නැහැ. »
 ඇලිස් ට ආපහු සිහිය ආව. පිලි වෙලකට අනිවාර්ය ප්‍රශ්න ටික අහන්න ගත්තා. 
« එයා ඔයාව දැක්කද? «  
« එයා දැක්කද ඔයා එයාව දැක්ක කියල? » 
« පෙන්නන්න එයාව මට ? »
« එක පාරටම පිටිපස්ස හැරිල බලන්න එපා ප්ලීස්. එයා අපි දිහා බලන් ඉන්නවා ඇති. පොඩ්ඩක් කලු, තොප්පියක් දාන් නැති කෙනා. අර තනියම ඉන්නේ. රතු පාට ඇඳන් ඉන්න ළමයි පිටිපස්සේ. »
« ආ ඔව් මට පේනවා. »
ඇලිස්, තොප්පියේ ලොකු වේල් එක යටින් , මීට මාස පහළොවකට ඉස්සෙල්ලා එයාගේ සැමියාගේ බිරිඳ වෙලා හිටිය ගෑණු කෙනාව නිරීක්ෂනය කලා.
« නොගැලපීම්! » මාර්ක් ඒ දවස් වල කිව්වා.
« කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. »
« අපි යාලුවො වගේ කතා බහ කරලා කිසිම ප්‍රශ්නයක් නැතිව  ඉක්මනටම දික්කසාද වුණා. »
« ඊට පස්සේ මන් ඔයාට ආදරේ කරන්න ගත්තා. ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න ඕනේ වුණා. අපි කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නේ? අපේ සතුටට වැරදි කාරයොවත් කාවත් බිල්ලට අරන්වත් නැහැ. »
තොප්පියක් නොපැලඳ සිටි සුදු හැඳි කාන්තාවගේ දිලිසෙන කේශ කලාපය මුහුදු අව් රශ්මියට කැඩපතක් මෙන් දිලිසුණා. ඈ ඇස් බාගෙට පියාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියා.
ඇලිස් නැවත ස්වාමි පුරුෂයා පැත්තට හැරිලා , ඉස්සෝයි බටර් යි හිමින් සීරුවේ කෑවා.
පොඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ
« ඇයි ඔයා මට කිව්වේ නැත්තේ , එයාට තියෙන්නත් නිල් පාට ඇස් කියල? »
« මන් ඒ ගැන හිතුවේ නැහැ »
පාන් වට්ටිය වෙත දිගු කරපු ඇගේ අත ඔහු සිප ගත්තා. ඈ ලජ්ජාවෙන් රතු වුණා.
මහත, දුඹුරු පැහැ සමක් හිමි ඒ කාන්තාව බැලූ බැල්මට ටිකක් රළු පාටයි. ඒ වුනාට නිතරම වෙනස් වන නිල් පාට ඇස්, රත්තරන් පාට කොන්ඩෙ නිසා  ඈ ටිකක් දුර්වල සංවේදී කෙනෙක් බවට පත් කරල තිබ්බා. ඈ හිටපු ස්වාමි පුරුෂයාට කිසියම් කෘතඥ තාවය පල කරන බවකුත්, ඉතා ම සතුටින් ඉන්න බවකුත් පෙනුණා.
ඔවුන් දෙදෙනා හොඳට කෑවේ බීවේ අනිත් කෙනා ව අමතක වෙලා වගේ.
ඇලිස් අසාමාන්‍ය ලෙස මහ හයියෙන් හිනා වුණා. මාර්ක් ඇගේ ඇඟ දිහා බලන් හිටියා. උරහිස හෙලෙවෙන විදිහ, බෙල්ල දික්වෙලා තියෙන විදිහ. 
කෝපි කෝප්ප දෙක එනකම් ඔහේ නිශ්ශබදව බලාගෙන හිටියා.
« එයා තාම එතැන ඉන්නව. »  ඇලිස් යාන්තමට මිමුණුවා.
« එයාට ඔයාව කරදරයක්ද? අපි කෝපි බොන්න වෙන තැනකට යමුද? »
« නැහැ නැහැ ඕනේ  නැහැ, එයාට තම වදයක් වෙන්න ඕනේ අපි ඉන්න එක. »
« එයා එච්චර සතුටින් ඉන්න බවක් නම් පෙන්න නැහැ නේද? »
« වැඩක් නැහැ. මන් දන්නව ඒ එයාගෙ හැටි »
« ආ ඇත්තද? එයාගේ හැටිද? »
සිගරැට් දුම් නාස් පුඩු වලින් පිම්බ ඔහු ඈට රැව්වා.
« හැටි??? නෑ... ඇත්තටම කිව්වොත් එයා මාත් එක්ක සන්තෝසෙන් නෙමේ හිටියේ. »
« ඒ කොහොමද? »
« ඔයා හරිම වටිනා වස්තුවක් පැටියෝ. මන් ඔයාට පිස්සු වැටිල ඉන්නේ මගේ රත්තරන්. ඔයා මට ආදරෙයි.  මට හරිම ආඩම්බරයි. ඔයාගෙ ඔය ඇස් දකින කොට. 
ඔව් ඒ වුණාට එයාගේ ඇස් . මන් දන්නේ නැහැ කොහොමද එයාව සතුටින් තියන්නේ කියලා. ඒක තමා ඇත්ත. මට තේරෙන්නෙ නැහැ. »
« එයා හරි අමාරු කෙනෙක් වගේ. »
පුටු විට්ටමට බරවෙලා සිගරැට්ටුව උරමින් කම්මැලි කමින්, හරිම සෑහීමකට පත් විලාසයකින් සිටි සුදු ඇඳි කාන්තාව දෙස විටින් විට බලමින් ඇලිස් නොරිස්සුම් සහගත ලෙසින් පවන් ගහන්න ගත්තා .
මාර්ක් උරහිස් ගැස්සුවා.
« අන්න හරිම වචනය. අමාරුයි. අපිට මොනවද ඒකට කරන්න තියෙන්නේ
මොනම දෙකින් වත් සෑහීමකට පත් නොවන අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒකට අපි! අපි නම් හරිම සතුටින් නේද ඉන්නේ ඩාලින්? »
ඇලිස් උත්තර දුන්නේ නැහැ.
ඈ ස්වාමි පුරුෂයාගේ මූණ දිහා හොඳට බැලුවා. මූණ ටිකක් රතු පාට යි.  තැනින් තැන ඉදිච්ච ගොරෝසු කෙස් ටික උඩට පීරගෙන. නියපොතු පිරිසිදුවට කොටට කපලා. පොඩි අත් දෙකක් . සාමාන්‍ය කෙනෙක්.
පලමු වතාවට ඈ මෙහෙම සැකයෙන් ඇහුවා.
 « එයාට මීට වඩා තවත් මොනවද ඕනේ කරල තිබුණේ?? »
මාර්ක් බිල ගෙවලා රියදුරු මහත්තයාගෙන් පාර අහලා, එතනින් යනකම් ම ඈට මේ සුදු ඇඳි කාන්තාව දිහා ඊර්ෂ්‍යාවෙන් හා කුතුහලයෙන් බලන එක නවත්තන්න බැරි වුණා.
මෙහෙමත් අමාරු, සතුටු කර්‍න්න බැරි , මාර ගෑණියෙක්!

Translated by Jahooli Devi

The original French short story " L'Autre Femme" by Colette from the short story collection " La femme cachée"
Image result for l autre femme colette