Showing posts with label Comparative Literature. Show all posts
Showing posts with label Comparative Literature. Show all posts

Monday, July 23, 2018

තුලනාත්මක සාහිත්‍යය (Comparative Literature) Littérature Comparée



තුලනාත්මක සාහිත්‍යය  යනුඑක් දේශයකටඑක් ජාතියකටඑක භාෂාවකට  සීමා නො වී,  විවිධ භාෂා වලින් නිර්මාණය වූ ලෝක සාහිත්‍යයන් වල ඇති අන්තර් සම්බන්ධතා පිළිබඳ කරන විචාරාත්මක අධ්‍යනයකි.  තුලනාත්මක සාහිත්‍යය, සාහිත්‍ය විචාරයේ  එක්  න්‍යායක් වන අතර එහි ක්‍රමවේදය විකාශනය වෙමින් පවතී. එහි දී සාහිත්‍යය සහ අනිකුත් කලාත්මක හා සංස්කෘතික මානව ප්‍රකාශන වන චිත්‍ර  කලාව සංගීතය හා නර්තනයමූර්ති කලාවගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම ශාස්ත්‍රීය හා සමාජ විද්‍යාත්මක විෂයයෙන් වන දේශපාලන විද්‍යාවඉතිහාසයදර්ශනයසමාජ විද්‍යාව හෝ ආගම් විශ්වාස  සහ ඇදහිලි  වැනි විවිධ විෂය පථ වල ඇති අන්තර්  සබඳතා ද තුලනාත්මක ව විශ්ලේෂණය කෙරේ.  
තුලනාත්මක සාහිත්‍යකරුවාගේ කාර්ය  භාරය වනු යේ හුදෙක් ලෝක සාහිත්‍ය නිර්මාණ අතර ඇති  සමානතා හා විෂමතා හැදෑරීම නොවඑක නිර්මාණයක් තව නිර්මාණයක් කෙරෙහි සෘජු ව හෝ වක්‍ර ව බලපෑ ඇත් දඑසේ වී නම් ඒ  සඳහා හේතු සාධක නිශ්චය කිරීමවිදේශීය බසකින් ජාතික භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයා  මුහුණ දෙන භාෂාත්මක සහ සංස්කෘතික අභියෝග අධ්‍යනය මෙන් ම  සාහිත්‍ය කෘතියක් වෙනත් කලාත්මක ප්‍රකාශනයකට අනුවර්තනය කිරීමේදී නිදසුනක් ලෙස නවකතාවක්  සිනමාවට අනුවර්තනය කිරීමේ දී   අනුගමනය කරන ලද ශාස්ත්‍රීය ශිල්ප ක්‍රමසාහිත්‍යය රසය සහ සිනමාත්මක රසය අතර ඇති පරස්පරතා වැනි දෑ  පිළිබඳ  විචාරාත්මක ව විග්‍රහ කිරීමයි.
තුලනාත්මක සාහිත්‍යයේ  ආරම්භය
බොහෝ සාහිත්‍ය කරුවන් ග්‍රීක සහ රෝම වැනි සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනය කිරීමට  අතීතයේ  සිටීම පුරුදු වී සිටි අතරතුලනාත්මක සාහිත්‍ය පිළිබඳ  යුරෝපයේ කතිකාවත ඇරඹෙන්නේ 19 වැනි ශතවර්ෂයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ  යටත් විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතෙක් ජාතික භාෂා සහ සාහිත්‍ය වලට මෙන් ම එක රටකට නැඹුරුව සිටි ජනතාව, දැනුම සොයා සංචාරය කිරීමටත්,  විවිධ ජනවාර්ගික කලා ප්‍රකාශන කෙරෙහි උනන්දුවක් දක්වන්නට පටන් ගත්හ. එම නිසා යුරෝපය තුල රෝමෑන්ටික වාදයයථාර්ථවාදය ස්වාභාවවාදයඋපස්ථිතිවාදය වැනි   පොදු සාහිත්‍ය සහ කලා ප්‍රකාශන බිහි වූ අතර පෙරදිග සංචාර වලින් ආභාෂය ලැබ එම සමාජ වල චරිත සහ සිදුවීම් ද තම නිර්මාණවලට ඇතුළත් කළහ. එම නිසා සාහිත්‍ය කෘතිවලට  බහුරූපී අර්ථකතන ලබා දිය හැකි විය.
ප්‍රධාන ගුරුකුල
තුලනාත්මක සාහිත්‍ය විචාරයේ දී ප්‍රධාන ගුරුකුල දෙකකි. සෝබෝන් සරසවිය මූලික කරගෙන ප්‍රංශ ගුරු කුලය බිහිවීමට ක්ලෝද් ෆොරිඑල් ( (Claude Fauriel , 1772-1844)  හා  රෙනේ එතිඔම්බ්ල්  (Réné etiemble, 1909-2002) වැනි  උගතුන් දායක වී ඇත.   ප්‍රංශ  ගුරු කුලය අනුවතුලනාත්මක අධ්‍යනය කරනුයේ සම්ප්‍රදායික සාහිත්‍ය විචාර ක්‍රමය අනුවය. එහිදී සාහිත්‍ය කෘතියක් හා බැදී පවතින බාහිර සාධක වන නිර්මාණ කරුවාගේ චරිතාපදානයසමාජ සන්දර්භයසාහිත්‍ය සම්ප්‍රදායින්  අධ්‍යනය කරන අතරතුරසාහිත්‍ය කෘති හරහා විවිධ දෘෂ්ටිවාදයන්  සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය නිදසුනක් ලෙස  අනුකරණ, අනුවර්තන, උපහරණපරිවර්තන කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. 
රෙනේ වෙලෙක් (René Wellek, 1903 - 1995) හා එච්. එච්. රේමක් ( H. H. Remak, 1916-2010) වැනි වියතුන්ගේ ආභාෂයෙන් බිහි වූ ඇමෙරිකානු ගුරුකුලය අනුව, සාහිත්‍ය කෘති නිර්මාණයේ දී එකිනෙකකට ඇති බලපෑම වැදගත් නොවේ. ඔවුහු සාහිත්‍යය අනිකුත් කලාත්මක ප්‍රකාශනවලට සැසඳීමට ආරම්භ කළහ. බාහිර සාධක ගැන නො සලකා  කෘතියක ඇතුලාන්තයේ අඩංගු සෞන්දර්යාත්මක කරුණු සහ ස්වරූපය  නිදසුනක් ලෙස තේමාවෙන්, සාහිත්‍ය න්‍යායන් වලට ඇති සම්බන්ධතාව  අධ්‍යනය කළහ.  බල්ගේරියානු- ප්‍රංශ ජාතික  විද්‍යා සාහිත්‍ය විචාරක ජූලියා ක්රිස්ටේවා ට අනුව  සෑම කෘතියකම , සෑම වාක්‍යයකම අර්ථය මතු වන්නේ  තවත් කෘතියක ආභාෂයෙනි.  කිසිවිටෙක කෘතියක් හුදකලාව නොපවතින  අතර පාඨකයා අර්ථය මතු කරගන්නේ පෙර නිර්මාණය වූ කෘති වලිනි.  අන්තර්භාෂිකත්වය හෙවත් Intertextuality යනුවෙන් මෙය හැදින්වේ.
කාලීන වැදගත්කම                    
වර්තමානයේ තුලනාත්මක  සාහිත්‍යයේ  වැදගත්කම වන්නේ, විවිධ රටවල විවිධ භාෂාවලින් බිහි වූ සාහිත්‍ය නිර්මාණ සියල්ලට ම  එක සමාන තත්වයක් ලබා දීමට ඇති හැකියාවයි. එමගින් අන්තර් සංස්කෘතික (Intercultural) සංවාදයකට මුල පිරිය හැක. නිර්මාණයක සාහිත්‍ය වටිනාකම තීරණය වන්නේ එහි බාහිර සාධක වන කතුවරයාගේ ජනප්‍රියතාවය හෝ ප්‍රධාන ධාරාවේ බසින් ලියූ  කෘති නිසා නොව, හුදෙක් එහි අන්තර්ගත විශ්වීය තේමාවන් හා හරයන්   නිසාවෙනි. ඊට අමතරව තුලනාත්මක සාහිත්‍ය කරුවන්ගේ පර්යේෂණවලින් වලින්  එක් සාහිත්‍ය ආකෘතියක සිට විවිධ ආකෘති වලට පරිවර්තනය හා අනුවර්තනය වෙමින් තව තවත් නිර්මාණ බිහි වීම තුල කලාවේ ඇති  උත්පාදන ශක්තිය තවදුරටත් පෙන්නුම් කෙරේ. 
By Jahooli Devi
මූලාශ්‍ර නාමාවලිය
Bassnett, S., 1993. Comparative Literature: A Critical Introduction. Wiley, John & Sons, Incorporated.
Guyard, M., 1965. La littérature comparée. Presses Universitaires De France.
Pageaux, D., 1994. La Litterature Génerale et Comparée. A. Colin.
Saussy, H., 2006. Comparative Literature in an Age of Globalization. Johns Hopkins University Press.


Monday, August 14, 2017

La littérature Sri Lankaise - Les romans traduits en français



Le Village Dans La Jungle 
( Original in English: The Village in the Jungle by Leonard Woolf/බැද්දේගම)

Ce unique et magnifique roman  publié en 1913, de Léonard Woolf (le mari de Virginia Woolf) l'Administrateur colonial entre 1904 et 1911 au Ceylan , est basé sur sa propre expérience dans la jungle au sud de l'île. Il y raconte l'histoire d'un chasseur solitaire Silindu et de ses deux filles Punchi Menika et Hinnihami qui résistent aux aléas du destin dans le cadre grandiose et hostile de la jungle. Ce livre est un grand classique de la littérature srilankaise du siècle passé. 


"C'était un monde étrange, un monde de faits bruts et nus, la superstition, l'imagination grotesque; Un monde d'arbres et de perpétuel crépuscule sous leurs ombrages; Un monde de faim, de peur, de démons, où l'homme est sans défense face aux puissances invisibles et inintelligibles que l’enivrent." 



Viragaya ou le Non-attachement 
( Original in Sinhala : Viragaya/විරාගය  by Martin Wickramasinghe)

 L'histoire d'Aravinda le synonyme pour la fleur de Lotus en cinghalais qui symbolise la pureté de l’âme  Aravinda, l’antihéros de ce roman est un homme vertueux, prisonnier de ses désirs  et de la pression culturelle. Il est indifférent aux conventions sociales et à la médisance.  Etranger à son propre destin,. il n’a pas d’ambition et son comportement presque absurde provoque des sentiments contradictoires dans la société. Son père voulait qu’il devienne médecin mais il le refuse car il n’a pas envie d’accéder à une haute position sociale.

"Lorsque je pensais à l’ avenir, j’avais peur comme si je m’approchais d’un précipice ténébreux. Peu a peu, je m’habituais à vivre sans songer à l’avenir. "
« Je tentais d’effacer le passé. Je ne pensais pas à l’ avenir. Je n’avais pas de présent auquel songer, qui fatiguerait mon esprit. Je ne songeais plus à Bathie."
               


Le Fantôme d'Anil  ( Original in English : Anil's Ghost by   Micheal Ondatje)

A trente-trois ans, Anil Tissera fait son "retour au pays natal", le Sri Lanka. C'est la guerre civile. Médecin légiste, Anil est mandatée par la Commission des droits de l'homme des Nations unies pour enquêter sur l'origine d'un massacre.
Qui est responsable ? La guérilla séparatiste ? Les paramilitaires ? Très vite, Anil plonge dans un monde étrange et mystérieux, où le réel et le surnaturel semblent inextricablement mêlés. 
Dans les temples désaffectés et les palais en ruine, à travers les restes dispersés de ce qui fut une grande civilisation, Anil rencontre d'étranges personnages - un archéologue aveugle, un artisan merveilleux, un chirurgien désespéré. Avec leur aide, elle parviendra à faire parler les morts. Mais il lui faudra d'abord affronter sa propre guerre civile, rouvrir la blessure qui lui a fait fuir son pays pour un Occident où elle n'a pas trouvé sa place.

"Jamais je ne comprendrai les gens à leurs forces. Ils ne révèlent ainsi rien d'eux-mêmes. Je ne les comprends qu'à leurs faiblesses."




Wave by Sonali Deraniyagala


Le matin du 26 décembre 2004, un tsunami frappe l'Océan indien. Sonali Deraniyagala, en vacances au Sri Lanka, son pays natal, en réchappe miraculeusement. Mais, de sa famille, elle est la seule. La vague lui a pris ses parents, son mari et ses deux petits garçons. 

Wave raconte l'histoire de ce jour, où elle a tout perdu, et de tous ceux qui ont suivi. Les mois, les années lorsque l'insupportable déchirement du souvenir succède aux premiers moments d'horreur. La matière de ce livre, c'est la peine impalpable, indescriptible de la narratrice. 
  
"Mon histoire est incroyable, même pour moi. Tous mes amours disparus en un instant, et je tournoie dans la boue. On croirait presque une légende antique. Encore aujourd'hui, je n'arrive pas à articuler : "Ils sont tous morts." Je reste vague quand il s'agit de ma famille, si je peux. Sans quoi je m'embourbe dans des mensonges."




Drôle de garçon ( Original : Funny Boy by Shyam Selvadurai)


Arjie est le deuxième fils d'une famille de bourgeois tamouls installée à Colombo. Peu à peu, alors que s'accentuent les tensions politiques et raciales qui divisent la société sri lankaise, Arjie passe de la transparente candeur de l'enfance aux clairvoyances de l'adolescence. 

 Parce qu'il est différent des autres - trop délicat, il ne se plaît que dans la compagnie de ses petites cousines, de sa mère et de ses tantes-, Arjie est le confident discret des adultes.

 En tombant amoureux d'un garçon de son âge, il se réconcilie avec sa véritable nature, il découvre les compromissions, les injustices et les haines qui précipiteront son pays dans la guerre civile.














Wednesday, May 3, 2017

Il pleure dans mon cœur par Paul Verlaine - Sinhala version


මගේ හදවත හඬා වැළපෙයි 
වැසි වසිනා ලෙසට නුවරට 
කිමද මේ සන්තාපය 
මසිත පසාරු කරවන ?

මහ පොලොව හා පියැසි මත 
චිචිරි චිචිරි ගා වැටෙන වැහිබිඳු 
ගීයකි ය අගනා කන්කළු 
මලානිකව ගිය හදකට

අහේතුකවම කඳුලැලි සලයි සිත 
ගිලන් කරමින් හදවත 
නමුත් නැත කිසිදු රැවටීමක්, විරහයක් 
මේ දොම්නසට හේතුවක්!

ආලයක් වෛරයක් නොමැති වත් 
මහද වැළපේනම් නිතිත් 
හේතුවක් නොදැනීම නොවෙද 
දැරිය නොහැකිම දුක මෙලොව?

Translated by Jahooli Devi

Related image

Sunday, December 27, 2015

නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරං!


"දේ කා හේ  පෙහෙලි බාර්

සාජන් කී ආන්කෝ මේ පෙයාර්"

තරුණ කඩවසම් සල්මාන් ඛාන් , උද්‍යානයේ තනියම නර්තනයේ යෙදෙන අතිශය රූමත් මදුරි ඩික්සිත් වෙත දිවගෙන එයි.

ඔවුහු ගස් වටේ දුවති , අත්  අල්ලා ගෙන දුවති, සින්දු කියති,  දුව දුවා නටති,  නට නටා දුවති. බිම පෙරළෙති, නැවත නැගිට බදා ගෙන නටති .

මීදුමින් වැසුණු නිල්වන් කඳු පෙළ , දසත පැතිරුණු හරිත පැහැ තේ වතු  , සුගන්දවත් මල් පොකුරු , හදවතේ රිද්මයට වැයෙන සංගීතයට  ගායන කරන අල්කා යාග්නික් සහ බාලසුබ්‍රමනියම්.

මේ සියල්ල එක වූ තැන අනූව දශකයේ අති  සාර්ථක  හින්දි සිනමා නිර්මාණයක් වූ සාජන් චිත්‍රපටියේ මේ ගීතය  සිනමා ලෝලී තරුණ රසිකයෝ  තදින් ම වැළඳ ගනිති.

බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ මෙම සිනමා පටයේ කතා වස්තුව ප්‍රංශ ජාතික කවියෙක් හා නාට්‍ය කරුවක් වූ එඩ්මන් රෝස්ටන් විසින් 1897 දී රචනා කල  ලෝක ප්‍රසිද්ධ Cyrano de Bergerac නම් වේදිකා නාට්‍යයෙන් බොහෝ දුරට ආභාෂය ගෙන ඇති බවයි.


 ප්‍රංශ හමුදාවේ කඩු හරඹ වලට දක්ෂ , කවි ලිවීමට ඇති දක්ෂ නමුත් දිග නහයක් ඇති නිසා විරූපී යැයි සිතා ළතවුන Cyrano de Bergerac ,  
සුරූපී  Roxanne , අහංකාර Christain ගේ තුන් කොන් ආදර අන්දරය  කාල සීමාවන් , දේශ සීමාවන් , සත් සමුදුරු තරණය කර ඉන්දියාවට පැමිණෙන විට  පොහොසත්, කඩවසම් ආකාශ් ( සල්මාන් ඛාන්)
කවි ලිවීමට උපන් හැකියා ඇති අනාථ අමාන් ( සංජය දත් )
කවි අගය කරන රසිකාවියක් වූ පූජා සක්සේනාගේ (මදුරි ඩික්සිත්) ආදර අන්දරය බවට පත් වෙයි.

එය උප මහද්වීපයෙන් ශ්‍රී ලංකා දූපතට ගොඩ බසින්නේ  තවත් විශිෂ්ට ගීත නිර්මාණයක් සමගිනි. 

මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරන ලද විශාරද නන්දා මාලිනි   ගායනා කරන "යනවානම් අනේ මං අරන්  යන තැනකට යන්න රත්තරන් ගීතය"  නිර්මාණය වන්නේ සාජන් චිත්‍රපටියේ ඉහත ගීතයේ සමාන තනුවකටයි. 

"යනවානං අනේ මං අරං
යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොළපතක් අරං
ලුණුයි බතුයි කමුකො රත්තරං

සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය
හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරං
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං

සතය සතය එකතු කරල රහසේ කැටයකට දමල
නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරං
සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං"

සාජන් , Cyrano de Bergerac, යනවා නම්  අනේ මන් අරන්  , නාටකය , චිත්‍රපටය, ගීතය කලාවන් තුන ගැනම කතා කිරීමට ඇති අවකාශය තුලනාත්මක  සාහිත්‍යයයයි
( Comparative Literature) .

නාට්‍ය පිට පත , චිත්‍රපට පිටපතට පරිවර්තනය වීමත් , එය ගීතයක පදවැල් හා සංගීතය බවට පරිවර්තනය වීමත් , එතුලින් තව තවත් නිර්මාණ බිහි වීම තුල පෙන්වන්නේ කලාව තුල ඇති උත්පාදන ශක්තියයි. එමෙන්ම කලාව තුල උස්  පහත් බේදයක් ඇති කිරීම සුදුසු නැත. 

සම්භාව්‍ය ගීතයෙන් ඔබ්බට ගිය පද මාලාවක් සරසවි ඇදුරෙක් විසින් නිර්මාණය කිරීම නිසා එය අප සමාජයේ විවේචනයට ලක් වූයේ ගීත රචකයාගේ අරමුණ සාමාන්‍ය ජනතාවට නොවැටහුණ බැවින් බව සමහරු පැවසූහ

මෙය ශ්‍රවණය කල අනූව දශකෙයේ බිහිවූ ආදරවන්තයෝ කැට වලට ඇත්තටම  සල්ලි එකතු කරන්නට වූහ.

ලුණු බතුයි කන්න ලෑස්ති වී හොර රහසේ පැන ගොස්  ටජ් මහල් කෙසේ වෙතත් ටකරන් මඩුවල ජීවත් වූහ.

දුන්හිද දිය ඇල්ල ආදර වන්තයන්ගේ තෝතැන්නක් බවට පත් කළහ . ඒ අසල පෙට්ටි කඩ ගොඩ නැගී හකුරු බෙලිමල් ව්‍යාපාරයද සාර්ථක කළහ.

හානි මූන් යාමට ලංකාවේ සුදුසුම තැන නුවර එළිය බවට පත් කළහ.

මෙය දුටු දෙමව්පියෝ ගෙදර කෙල්ලන් පැන යතයි බියෙන් හින්දි සින්දු කීම , හින්දි චිත්‍ර පටි බැලීම් තහනම් කළහ.




ආදරය කරනවිට කරන ගොන් වැඩ කෙලින් නොකියා ගීතයක් තුලින් කලා නිර්මාණයක් තුලින් වක්‍රාකාරයෙන්  සමාජ ගත කිරීමට උත්සාහ කල මේ බුද්ධිමත් සුසංයෝගයට නිකරුණේ බැණුම් ඇසීමටද සිදුවිය.

සාමාන්‍ය ගීතයට එරෙහි  "සම්භාව්‍ය ගීතයක්"  ලංකාවේ නිර්මාණය වීමට හේතුව සිංහල භාෂාවේ ඇති ද්විරූපතාව හෙවත් කතා කරන හා ලියන බස වෙනස් වීම හේතුවකි.    

එකම පුද්ගලයා විසින් ලියූ  " යනවානං අනේ මං අරං යන තැනකට යන්න රත්තරං" අප්‍රිය වීමටත් « ප්‍රේමය නම්, රාගයෙන් තොර  සඳ එළිය සේ අචින්ත්‍යයි »  ප්‍රිය වීමටත් මෙයට බලපා ඇත.  

කතා කරන බස කතා කරන සමාජය ද නිරූපණය කරයි. « ආදරය » ශ්‍රී ලාංකික සමාජය තුල තහනම් වචනයකි. « ප්‍රේමය » අවසරලත් උතුම් වචනයකි !    

මෙලෙස සාධාරණීකරණය කිරීම තුල අජිත් මුතුකුමාරණ , නන්දා මාලිනී , අමරදේව , අජිත් කුමාරසිරි යන සෑම දෙනාටම  රිසි සේ  artist  ලේබලය අලවාගත හැක.  මේ සියලු දෙනාටම විවිධාකාර රසිකයන් පිරිසක් සිටිති. එය අමිහිරි වුණත් මිහිරි ලෙස පිළිගත යුතුය. 

මන්ද , කලාව යනු,
සමාජ සංස්කෘතික භාෂා සියලු බැමි වලින් මිදී ජනතාවගේ පාට පාට රොමෑන්ටික් සිහින , සිතුම් පැතුම් නිරූපණ කිරීමට ඇති එකම නිදහස් අවකාශය වන බැවිණි. 


By Jahooli Devi