Advertisement
උස් තුරු මුදුන් වල
පිපුණු කුසුමක් පවා
වැනේ සුළඟට
අතු ඉති අතර
කන්දක් ලෙසම
ඉන්නට නොහැක
වැසි වසින කල
නාය යයි මහ රෑක
සිනාසෙන මුහුණක
පවා කඳුලක්
වැටේ නොසිතන
මොහොතක
යන්න සිතුණොත්
සුසුමක් පවා තෙරපන්නට
හැකිය සියුමැලි
දෙඅතකට දැඩිව.
By Jahooli Devi
1 comment:
suicide කරගන්න සීන් එකක්ද🤔
Post a Comment