Showing posts with label suicide. Show all posts
Showing posts with label suicide. Show all posts

Sunday, July 26, 2015

Petits mots doux ( Sweet nothings)



Je l'ai tué.

Il ne bougeait pas. J'ai vu du sang couler.  J'ai compris qu'il était mort. Mais, je n'ai rien senti. Absolument rien senti, car il était mort dans mon cœur depuis longtemps. Je n'ai jamais tué personne dans ma vie, même pas un animal , j'ai toujours pensé que Tuer est un péché très grave. Bizarrement, devant son corps, je n'ai pas ce regret épouvantable qui m'envahit chaque fois que je tue un insecte qui essaie de sucer mon sang. Les moustiques ne sucent que du sang, lui, il a sucé toute mon âme. Je crois que j’ai bien eu raison de le tuer. Dieu, je ne sais pas l'existence d'un tel monsieur, Bouddha, je sais bien il est mort il y a longtemps, donc qui peut me juger ? Qui peut me punir ?
Le Joker au tribunal, diplômé de Fac de Droit ?


Je l'ai tué parce que je l'aime. Je l'aime plus que ma vie. Je ne supportais pas qu'il soit vivant sans moi, qu'il respire sans moi, qu'il existe sur cette terre sans moi. Jamais je n'ai aimé un homme comme ça et je suis devenue paranoïaque. Quand les hommes remplissent les rues, les bureaux, les transports publics je commence à les haïr tellement, ce débordement des hommes  sur la planète. Car je voulais le voir partout, je voulais que le monde soit pour lui et qu'il soit le seul homme sur la terre. Je l'aime et l’aimais tellement qu'il commençait à me détester , m'ignorer, me laisser seule dans le noir et finalement me quitter avec le sang froid.


Je l'ai tué car je voulais simplement qu'il aille au paradis vite et qu'il renaisse vite ( je suis une croyante fidèle) car il m’avait promis qu'il serait homme de ma vie dans la prochaine vie. Il n'avait pas le projet de vivre avec moi dans cette vie. En fait, Il ne l'a pas promis non plus. Je lui ai suggéré qu'on serait ensemble dans la prochaine vie, et il l’a accepté pour me consoler du chagrin qu’il me causait. Je crois au Paradis, comme un refuge car je veux qu'il reste sain et sauf dès que j'arrive. Maintenant, je me soucie de l'Enfer.  Que de bêtises on raconte sur cet endroit ! Cela n’existe pas, j’en suis sûre !


Comme toutes les femmes, je ne voulais pas attendre patiemment. Cette patience de vivre, Vivre qui prend  du temps. Se réveiller tous les jours, travailler, manger, faire pipi , voyager, dormir, la vie est toujours lente. Cette lenteur m’irritait, je suis devenue furieuse. Je ne pouvais pas attendre qu’il vieillisse doucement avec sa petite amie et qu'il change ses projets au cours de sa vie. Si elle change son avis S’il lui vient à l’idée de vivre avec lui dans la prochaine vie aussi, je suis certainement foutue.


Quand j'ai coupé sa gorge , exactement là où je l'ai embrassé, j'ai eu le même bonheur qu’en l'embrassant. Le sang qui touchait mes lèvres était chaud, avait un goût de lui. Je suis sûr que je ne lui pas donné un mort très difficile, il n’a pas eu le temps de réfléchir, il m'a pas même vu car on manquait de et enlever la  lumière. Je reniflais le sang comme une tigresse , j'avais très envie de lui, même à ce moment-là. La chaleur restait dans son corps irrésistible, je l'ai embrassé partout, en prenant mon temps. Ce n’était pas une  folie  ou une passion brûlante mais une tranquillité immense, une méditation de l'amour.


Je l'ai tué car il ne m' écoutait pas dans cette vie.
" Darling, je t'aime, est-ce que tu m'aimes ?" J'ai posé cette question deux ou trois fois quand j'ai perdu toute la dignité . Il m’a répondu une seule fois, c'était dans un court mail. Il a déclaré son amour pour moi. "Darling I love you, I think a lot about you when I masturbate"
Jamais dans ma vie,  je n’avais été si heureuse de ces petits mots doux. Mon amie me disait que c'était un connard, mais je trouvais ce connard adorable. Jamais les hommes ne doivent confier ses leurs  « vrais » sentiments aux femmes car elles les utilisent plus tard les dire à tout le monde . Elles ne sont jamais discrètes, même les femmes anges ont un coté chiant quand elles sont blessées.


Je détestais aussi son enthousiasme à vivre sans moi, ses vacances préférées avec les amis, son anniversaire avec ses parents, son travail qui l'occupait, ses aventures avec les filles que je trouve « très cool ». Je ne trouvais pas une place précise dans sa vie, je me sentais comme son passe-temps préféré ou l'oiseau exotique qu’il n’avait pas l’intention de garder. Il venait me voir de temps en temps, me donnait des illusions d'amour et puis il partait. Il savait que je l'aimais comme dans les romans, avec une passion intense. C'était trop pour lui, "trop d'amour" il disait, c'était mon seul défaut. Il ne voulait pas montrer ses émotions comme moi. Pourtant il m'aimait. Je le savais, sinon pourquoi je le tue ?


Parmi ces mots je cache sa tête coupée. Les policiers viendront faire l’enquête. Je vais m'enfuir bientôt , ils ne me trouveront pas c'est rigolo, ils essaieront de trouver le criminel , la cause de cette mort cruelle, ils essuieront le sang qui sera pourri tout noir , dans sa gorge, ils  le transporteront  à un hôpital, les journalistes prendront  beaucoup de photos, sous plusieurs angles de caméras. Je les regarderai lui aussi, il les regardera tout en souriant avec ses yeux étincelants. Ils attendront la justice pour sa vie, par la loi. Mais lui et moi, on n'attend rien. Je sais qu'il me haïrait pas, il me pardonnerait comme toujours, en secouant sa tête doucement, il m'embrasserait, son tueur, il me câlinerait avec une telle passion. Il me jugerait pas, jamais.


Je suis très contente, c'est une euphorie insupportable. Est-ce qu'il y a des criminels contents ? J'ai de la chance. La souffrance finie, l'attente finie, la douleur finie , lui et moi aussi.
Le vrai bonheur commence dès sa mort.

Aujourd’hui il est mort à 23.59hrs.


Demain on sera ensemble à 00.01hrs. Mais, il faut encore patienter.

Par Jahooli Devi

Wednesday, June 17, 2015

හොල්මන් මැදුර Haunted House Angeline ou la maison hantée



මීට අවුරුදු දෙකකට පමණ පෙර මම පොආසි වලින් උතුරු කරයේ  පිහිටි ඔර්ගේවාල් ප්‍රදේශයේ පාලුවට ගිය මාවතක බයිසිකලය පදවමින් සිටියෙමි. හදීසියේ  නෙත ගැටුණු, මාවත අයිනේ  පිහිටා තිබූ එම නිවසේ  දර්ශනය මා හද කොතරම් සසල කලාද කිවහොත් මා බයිසිකලයෙන් බිමට පැන්නුනේ එය මැනවින් නිරීක්ෂණය කිරීමටය. 

මළවුන්ගේ මාසයේ, අළුවන් වූ අහස තලය යට සීත මද නලට දිරා ගිය කොළ රොඩු තැනින් තැන විසිර තිබිණි. ශත වර්ෂ ගණනාවක් පැරණි  තුරු ගොමුවකින් සමන්විත හාත්පස විසිරී ගිය විශාල ඉඩමක් මාධ්‍යයේ ගඩොල් වලින් නිමවූ එම නිවස කිසිදු විශේෂ  ලක්ෂණයක් නොපෙන්වීය.

නමුත් එය මනුෂ්‍යය වාසයෙන්  තොරව අත්හැර දැමීම තුළ ගැබ්ව තිබුනේ සුවිශේෂී  ත්‍රාසය ජනක බවකි. ගත හිරි ගඩු  පිපෙන එම සිතුවිල්ල නිවසට අද්භූත බවක් ආරූඪ කර තිබිණි. ගේට්ටු පියන් ගැලවී ගොස් තිබූ අතර වර්ෂාවෙන් තෙත බරිතව ගිය විශාල බෝඩ් ලෑල්ලක සඳහන් වූයේ " මෙම නිවස විකිණීමට ඇත" යන්නයි. මැඩ ගත නොහැකි කුතුහලය නැමති නොතිත් ආශාවෙන් නොසන්සුන් බවට හා පීඩාවට පත් මම ගෙවත්තට ඇතුලු වීමි.

වර්ෂ තිහ හතලිහක පමණ පෙර සිට නිවස මනුෂ්‍යය  වාසයෙන් තොරව ගොස් ඇති හැඩය. දිය සෙවෙල් බැඳී තිබුණු ලීස්තර හා උළුවස්සේ ගඩොල් සීත ඍතු  වලදී  ගැලවී ගොසිණි.  අකාලයට රැළිවැටුණු මුහුණක් සේ දිස්වුණු නිවසේ ඉදිරිපස බිත්ති වල කුඩා විවර සෑදී තිබිණි. කිසිවකුත් ඒ පිළිබඳව තව දුරටත් සැළකිල්ලක් නොදැක්වීය. 

ඊට පහලින් වූ අධික හිම පතනයෙන් ඉරිතලා ගිය කටු පඳුරු වලින් මාර්ගය ඇහිරුණු පියගැට පෙළ දිස්වූයේ අඳුරු අපායේ දොරටුවක් මෙනි.  ඒ සියල්ලටම වඩා කොලු කුරුට්ටන්ගේ ගල් පහර වැදී කැඩී බිඳී ගිය වීදුරු වලින් යුත් තිර රෙදි නොදැමූ අව පැහැ ගැන්ව ගිය  කවුළු පියන් පත් තුළින් ජනිත වූයේ හද කකියවන ශෝකාකූල බවකි. 
ආත්මය හැරයාමෙන්  ප්‍රාණය නිවී ගිය මනුෂ්‍යය ශරීරයක දොඹ ගෙඩි තරම් විශාලව වූ දෙනෙත් යුගලක් මෙන් හුදකලාවට ගිය කාමර මැනවින් දර්ශනය විය. පෙර කල මැනවින් සකස්කර තිබූ මල් ගොමු හඳුනා ගත නොහැකි තරමට  කටු පඳුරු වලින් ගහණව තිබිණි. කුඩා පාරවල් වල් වැදී සැඟවී ගොසිණි. මල් ගොමු කුඩා වන ලැහැබ් වලට පරිවර්තනය වී ඇත. හුදකලාව ගිය  විශාල රුක් ගොමු වල සෙවණ යටින් අත් හැර දැමූ සොහොන මත වල් බිහිවී තිබිණි.  එදින, සරත් ඍතුවේ මන්ද මාරුතය ශෝකාරාවයේ පැමිණිල්ල අත දරා වැළපෙමින් දසත සිසාර හමා ගියේ ඉතිරිව තිබූ තුරු පත්ද තැනින් තැන විසිරවමිණි.

සෑම වස්තුවකින්ම නිකුත් වූ ජීවිතයේ ශුන්‍ය බව රැඳී අඳෝනාව හමුවේ කර කියා ගත නොහැකිව මා දෙලොවක අතරමං  වූ සේය. මා හද සන්ත්‍රාසයෙන් හා සන්තාපයෙන් එක විට වෙළී ගොසිණි. එනමුදු මා වටා ඇති මේ ඛේදනීය දුක්ඛ සමුදාය පිළිබඳ සියලු තතු දැනගැනීමේ මහත් අභිලාශයෙන් මම උද්යෝගයට පත් වූයෙමි. එතනින් නික්ම යාමට තීරණය කළ මම හදිස්සියේම මාවතේ අනිත් පස හන්දියේ පිහිටි කුඩා තානායමක් දුටුවෙමි. කඩා වැටීමට ආසන්න වූ එම ගොඩනැගිල්ලේ තැබෑරුමට මා ඇතුල්වූයේ ගම්මුන් සමඟ පිළිසදරක යෙදීමේ අටියෙනි.

එතැන සිටියේ මහළු කාන්තාවක් පමණි. ඇය කෙඳිරි ගාමින් අවුත් මා හට බියර් වීදුරුවක් පිළිගැන්වූවාය. දිනකට බයිසිකල් කරුවන් දෙදෙනෙක්වත් පසු නොකරන මේ පාළු මණ්ඩියේ තානායම පිහිටීම ගැන ඇය මැසිවිලි නැඟුවාය. අස්ථාවර ස්වරයකින් කථා කල ඈ කතාව දිග හැරියාය.  ඈව හැඳින්වූයේ තුසැන් අම්මා  නමිනි. වෙර්නොන් ප්‍රදේශයේ සිට සැමියාත් සමඟ ඈ මෙහි පැමිණ ඇත්තේ කුඩා තානයම මිලදී ගැනීමටයි. මුල් කාලයේදී කිසිදු අතුරු අන්තරාවක් සිදු වී නොමැති අතර සියල්ලටම හෙනහුරා ලැබුවේ ඈ වැන්දඹුවක් වූ දා පටන්ය. ඇගේ මේ අතොරක් නොමැති වාග් සල්ලාපය අවසානයේ මා යාබද නිවස ගැන ප්‍රශ්න කිරීමට සැරසුණෙමි. ක්ෂණයෙන් අඳුරු වලා පටකින්  වැසෙන්නා සේ ඇගේ වත සැකයේ සේයාවෙන් පිරී ගොස් මා වෙත අවිශ්වාස බැල්මක් යොමු කලේ මා ඇගෙන් ලෝක ප්‍රසිද්ධ රහසක් හෙලි කර ගැනීමට තනන්නාක් මෙනි.

" අම්මෝ ඔව්, හොල්මන් ගුහාව, ගම්මු කියන්නේ එහෙම තමා ... මම නම් මහත්තයෝ ඕවා ගැන මොකුත්ම දන්නේ නෑ. මන් ඉන්න කාලේ නෙමේ ඕවා වෙලා තියෙන්නේ . මං  දැන් මෙහාට ඇවිත් පාස්කු මංගල්ල තිහක් විතර ඇති. අවුරුදු හතළිහකට උඩදී තම ඔය කියන දේවල් වුනේ. අපි මෙහාට එද්දිත්, ගේ  ඔය විදිහටමයි තිබ්බේ, මහත්තයෝ. ඉර පායනවා, ඉර බහිනවා, කාලේ ගෙවිලා ගියාට මොකුත් වෙනසක් නම් වෙන්නේ නැහැ.. අන්න ගල් ටික නම් ගැලවී ගැලවී යනවා."

"ඒත් ඇයි විකුණන්න තියෙද්දිත් කවුරුත් ඒක  ගන්නේ නැත්තේ ? අවසානයේ මම එසේ ඇසීමි.

"අනේ, මං  දන්නවාද ඕවා ? මිනිස්සු නම් එක එක දේවල් කියනවා"

නිසැකයෙන්ම මම ඇගේ විශ්වාසය දිනා ගත්තෙමි. ඊට පසු ඈ  ගම්මුන්ගේ කට කතා අතොරක් නැතිව දොඩවන්නට වූවාය.  කථාව ආරම්භ කරමින් ඇය පැවසුවේ, යාබද ගමේ එක ගෑණු   පරාණයක්වත් ගොම්මන වැටුන විට " හොල්මන් ගුහාවට" පය තැබීමට නිර්භීත නොවූ බවයි. එයට හේතු වූයේ  අසරණ වූ ආත්මයක් සෑම රාත්‍රියකම එහි හොල්මන් කිරීමට පැමිණීමයි. මා මහත් විමතියට පත් වූයේ, පැරීසියට මෙතරම්  සමීප ප්‍රදේශයකත්, මෙවන් මිත්‍යා දෘෂ්ටික කතාවලට ඇති පිළිගැනීමය. දෙවුර ගැස්සු ඈ , මුලදී නිර්භීත බවක් පෙන්වූවත්, පසුව චිත්ත අභ්‍යන්තරයේ සැගවුණු භීතිය හෙලිකලාය.

" ඇත්තටම ගොඩාක් කථා තියෙනවා,මහත්තයෝ . ඇයි ඒක විකුණන්නේ නැත්තේ? ඕක සල්ලිවලට ගන්න ගොඩාක් කට්ටිය එනවා මම දැකලා තියෙනවා. ඒ  වුනාට ඒ හැමෝම ආපු වේගයෙන්ම ගිය ගියාමයි ආපහු මේ පළාතේ  පස් පෑගුවේ නැහැ.   එක දෙයක් නම් ඉර හඳ වගේ සත්තයි, ඒ කවුරුහරි   ඔය ගෙදරට රිංගන්න දහිරිය ගත්ත දාට අමුතු අමුතු දේවල් සිද්ධ  වෙන්න පටන් ගන්නවා. දොරවල් දැන් ඩාං ඩාං  ගාල වදිනවා. ඒවා ඉබේම ඇරෙනවා වැහෙනවා. හරියට කුණාටුවක් හමනවා වාගේ. වැළපිලි අදෝනා , හූල්ලන සද්ද බිම් ගබඩාවෙන් ඇහෙනවා. කවුරු හරි හිත හයියට හිටියොත් කන් බීරි කරන මර ලතෝනියක් ඇහෙනවා. ඇන්ජලීන්!     ඇන්ජලීන්!    එක හරියට ඇඟ හිරි වැටෙන විලාපයක්. මම මහත්තයට කියන්නේ ඇහැට දැකපු  දේවල්. හැමෝම කියන්නේ ඔය කතාව තමා. "          

සියුම් බියක් ඇතිව වුව ද, මට ඒ  පිළිබඳව  දැන ගැනීමට බලවත් ආශාවක් ඇතිවිය.
" ඉතින් කවූද මේ ඇන්ජලීන් ?
ඈ  මහත්තයෝ,  මහත්තයාට හැමදේම කියන්න එපැයි. මම නම් හංකවිස්සියක්වත් දන්නේ නැහැ" කෙසේ වුවත් අවසානයේදී ඇය සියල්ල පැවසුවාය.

මීට අවුරුදු හතළිහකට පමණ පෙර 1858 වර්ෂයේ පමණ ප්‍රංශයේ දෙවෙනි අධිරාජ්‍යයේ  ජයග්‍රහණය සමරන කාලයේදී  ජී ... මහතා ත්‍යුලෙරි හි වැදගත් තනතුරක් දැරීය.  ඔහුගේ බිරිඳ හදිස්සියේ මියයන විට ඇගේ ජීවමාන රුව බඳු , දස හැවිරිදි ඇන්ජලීන් දියණිය දායාද කර තිබිණි.   ඇ දිව්‍යමය ප්‍රතිමාවක් බඳු වූවාය. අවුරුදු දෙකකට පසු ජී... මහතා තවත් එවැනි ජෙනරාල්වරයකුගේ සුරූපී වැන්දඹුවක් හා විවාහ වූයේය.  දෙවැනි විවාහයත් සමගම ඇන්ජලීන් හා කුඩම්මා  අතර  කුරිරු ඊර්ෂ්‍යාවක් දළුලන්නට වූ බව කියවේ.  එක් අයෙක් තම මෑණියන්ගේ  අභාවයත් සමග එම හිස්තැන පිරවීමට හදිසියේම පැමිණි අමුත්තිය ගැන සන්තාපයෙන්ද අනෙක් තැනැත්තිය තමා ඉදිරිපස නිතර වෙලේ දර්ශනය වන මෙම ජීවමාන කාන්තා පිළිරුව සිතින් බැහැර කර ගත නොහී දුකින්ද  පසු වූවාය.  

ඒ කාලයේදී හොල්මන් ගුහාව පාලනය කලේ ජී... මහත්මියයි. එක සන්ධ්‍යාවක පියා මහත් ස්නේහයකින් තම දුවණිය සිප ගනු දුටු  ඈ ඊර්ෂ්‍යාව මැඩ  ගත නොහැකිව දරුවාට මරු පහරක්  ගසා ඇත.  එවිට අසරණ දරුවා එතනම බෙල්ල කැඩී මියගොස් ඇත.  ඊට පසුව සිදු වූ දේ ඉතා කුරිරුය.  සිහි විකල් වූ පියා , මිනී මරුවා නීතියේ රැහැනින් බේරා ගැනීමේ අටියෙන් ස්වකීය කැමැත්තෙන්ම තම දියණිය ගෙතුළ පිහිටි  බිම් ගබඩාවේ වල දමා ඇත. සිඟිති  දැරිවිය ඇගේ නැන්දාගේ නිවසේ  සිටී යැයි පවසූ බොරුව නිසා ඇගේ  නිසල දේහය එහි වර්ෂ ගණනාවක් තිස්සේ සැගවී ගොස් ඇත.  නමුත් දිනක් බල්ලෙක් උඩු බුරලමින් පොලොව පහුර ගා සිරුර සොයා ගත්  බැවින්  ඝාතනය පිළිබඳ සියලු තතු හෙළි වී ඇත. එය එකල  මුළු ත්‍යුලෙරියම කැළඹවීමට සමත්ව ඇත. මේ  වන විට ජී... මහතා සහ එම මහත්මිය මිය ගොස් ඇති අතර  ඇන්ජලීන්  ශෝකාලාපයන් වලට පිළිතුරු දීමට සෑම  රාත්‍රියක පැමිණෙන්නේ ගොම්මන් අඳුරු වලා පටල වලට වඩා ගුප්ත බවක් දරා ගෙනය.

" කවුරුත් මට නම් බොරු නම් කියන්නේ නැහැ. කිරි ගහට අන්න වගේ තමා  හැමදේම කිව්වේ" තුයිසන් අම්මා  කතාව අවසන් කළාය.

මේ හතර බීරි කතා ඇසීමෙන් වික්ෂිප්තයට පත් මම ඇයට  තව දුරටත් සවන් දුනිමි .  එම කථාවේ  අසාමාන්‍ය  කුරිරු බව හා ගුප්ත බව මා නිරුත්තර  කළේය.  ඉහත කී ජී... මහතා ගැන කතා කරනු මම මීට පෙර අසා ඇත්තෙමි. මා දන්නා පරිදි ඔහු නැවත විවාහ වූ අතර  පවුල් ආරවුලක් නිසා ඔවුන්ගේ ජීවිතයට  කණ  කොකා හඬා  ඇත. නමුත් එයද සත්‍යය?    කොතරම් දුඛිත ඛේදාන්තයක්ද?

මනුෂ්‍ය හැගීම් වලට ගොදුරුව මාරයා ආවේශ වී ඉතිහාසයේ දරුණුතම අපරාධයක්  සිදු වී තිබෙන සැටි!
කුඩම්මා  විසින් මරා  දැමූ  රෝස කැකුළක් වැනි  සුරුබුහුටි දියණිය සිත් පිත් නැති පියා  විසින් බිම් ගබඩාවක සඟවා තිබූ සැටි ! එය ඉතා හැඟුම් බර මෙන්ම පිළිකුල් සහගතද විය. මම තව දුරටත් ප්‍රශ්න කිරීමට සැරසුනෙමි.  නමුත් දැන් එයින් කුමන පලයක්ද? මෙවෙනි බියකරු කතාවක්  ප්‍රසිද්ධියට පත් නොවූයේ ඇයි?

බයිසිකලයට නැගී  මා අවසන් වරට හොල්මන් ගුහාවට නෙත් හෙලුවෙමි . සැන්දෑ අඳුර ගලාවිත් තිබිණි. සන්තාපයට පත් නිවෙස මළවුන්ගේ දෙනෙත් මෙන් වූ හිස් කවුළු පියන් තුලින් මා දෙස බල සිටි අතර සරත් සෘතුවේ චණ්ඩ මාරුතය මහලු තුරු ලිය අතර අඳෝනා දුන්නාය.





II

චිත්ත අභ‍යන්තරයට තදින්ම කිඳ බසා තිබූ මෙම අන්දරය මහත් පීඩාකාරී හිසරදයක් බවට පත් වූයේ ඇයි?  එය මහත් උගතෝකටික  ප්‍රශ්නයකි. මෙවැනි ජනප්‍රවාද ගම්වල නොයෙක් විට පැතිර ඇති නිසා   මේ කතාව මට තදබල බලපෑමක් නොකලේය. එනමුදු මිය ගිය ඇන්ජලීන් මා සිත තුල හොල්මන් කරවීය. වසර හතලිහක්  පුරාවට   අත් හැර දැමූ නිවසේ සෑම රාත්‍රියකම  කාමර සිසාරා යන ඇගේ  අසරණ  ආත්මය මා හද නොසන්සුන් කලාය.

සීත සෘතුවේ  පලමු මාස දෙකේ මම තව දුරටත් විස්තර සෙව්වෙමි. නිසැකවම මෙවැනි අතුරුදහන් වීමක් , මෙවැනි කුරිරු ඝාතනයක්  පිටස්තර ලෝකයට අභිරහසක්ව තිබිය නොහැක.  එම නිසා එකල තිබූ පුවත්පත් මේ පිලිබඳ වාර්තා කර තිබිය යුතුය.  ජාතික පුස්තකාලයේ  ලිපි ගොනු ඇවිස්සූ මට මීට සමාන කතාවක් පිලිබඳ අකුරක්වත් සොයා ගත නොහැකි විය. ඊට පසු මම ත්‍යුලරියේ  සමකාලීනයන්ගෙන් ප්‍රශ්න කලෙමි. පරස්පර  විරෝධී  කතා වලින් යුත් ඔවුන්ගෙන් කිසිවෙක්  මා හට පැහැදිලි පිලිතුරක් දීමට අපොහොසත්විණි .  සත්‍යය  සොයා ගත නොහැකිව මංමුලා වූ මා තව දුරටත්  අභිරහස් ගොදුර බවට පත් වී  සියලු බලාපොරොත්තු  අත් හැර දැමීමට සූදානම් වුණි . නමුත් අනපේක්ෂිත ලෙස එක දිනක් හිමිදිරියේ මම පරීක්ෂණයේ නව මාවතකට පිවිසුණෙමි.

 සති දෙකකට තුනකට වරක් මහලු වී... කවියා මුණ ගැසී  සුහද පිළිසඳරේ යෙදීමට මම පුරුදු වී සිටියෙමි. සැට වන වියට පා තබා තිබූ ඔහු පසුගිය අප්‍රියෙල් මාසයේ මෙලොවින් සමු ගත්තේය. පාද වල ඇති වූ දීර්ඝ කාලීන අංශ භාග රෝගී තත්වය හේතුවෙන් ඔහු අසාස් මාවතේ පිහිටි කුඩා කන්තෝරු කාමරයේ හාන්සි පුටුවකට  කොටු වී සිටියේය. එහි කවුළුව ලුක්සම්බූර් උද්‍යානයට මුහුණ ලා තිබිණි. යතාර්ථයෙන් බැහැරව පරිකල්පිත ලෝකයක සැරිසරිමින් ඔහු ඉතා සන්සුන්ව තම සුර ලොවක් බඳු දිවිය හමාර කරමින් සිටියේය.  ඔහුගේ ප්‍රසන්න මුහුණ,  කුඩා දැරිවියකගේ මෙන් රැළි ගැසුණු ධවල වර්ණ කේශ, තාරුණයේ අහිංසකවත්ය කැටි කර ගත් නීල වර්ණ මලානික නෙත් යුගල අප කෙසේ අමතක කරම්ද ? ඔහු සැමවිටම මුසා වදන් දොඩවන බව කිව නොහැක. නමුත් සත්‍යය හා අසත්‍ය අතර කඩ ඉම මායිම් සොයා ගත නොහැකි වන තරමට ඔහු නිරන්තරයෙන් කතා මැවීය. සැබවින්ම සිත් ලගන්නා මහල්ලෙක් වූ ඔහු සැබෑ ජීවිතයෙන් බැහැරව දිගු කලක් ගත කර ඇත. එම නිසා ඔහු සමග කෙරෙන සංවාදය අද්භූත නොපැහැදිලි දේ ගැන කෙරෙන හෙළිදරව්වක් මෙන් යයි මට සිතුණි .

එදින මා ගිනි උදුනෙන් මනාව උණුසුම්ව තිබූ එම කුඩා කාමරයේ කවුළුව අසලට වී ඔහු සමග පිළිසදරේ යෙදුනෙමි. පිටත හිම පතනය දරුණු විය. ලුක්සම්බූර් උද්‍යානය ධවල වර්ණ සේද සළුවක් මෙන් ඉමක් කොනක් නොපෙනන තරමට සුදු හිම වලින් වැසී තිබිණි. සිතට මහත් වධ දෙන "හොල්මන් ගුහාවේ" අන්දරය ඔහුට කෙසේ පවසම් දැයි මා ලත වුණි .  නැවත විවාහ වුනු පියා , ඊර්ෂ්‍යා  සහගත කුඩම්මා, මෑණියන්ගේ ජීවමාන පිලිරුව, බිම් ගබඩාවේ සැගවීම... දුක් සැප දෙකෙහීදීම පෙන්වන මුවගට නැගුනු සීන් සිනහ  රැල්ලකින් යුත් ඔහු  මනා සංයමයකින් යුතුව මට සවන් දුනි . නිහඩතාවයක් පැතිරිණි. මලානික දෙනෙත් යුග හාත්පස හිමෙන් වසා ගත් ලුක්සම්බූර් උද්‍යානයට යොමු කරගෙන ඔහු කල්පනා සයුරේ ගිලුනේ සිහින ලොවකට පාවෙමිණි .

" මම ජී... මහත්තයාව  හොඳට අඳුරනවා , ඔහු සෙමින් පැවසීය. මම එයාගේ පළවෙනි ගෑණු කෙනාවත් දන්නවා. හරියට  කිරිගරුඩ පිළිමයක් වගේ. මම දෙවැනි කෙනාවත් දන්නවා. එයාත් අරයට දෙවෙනි නෑ ලස්සනයි. කවදාවත් කිව්වේ නැති වුනාට මං  ඒ දෙන්නා  ගැනම  ආදරයෙන් පිස්සු වැටිලයි හිටියේ. මම ඇන්ජලීන්වත් දන්නවා. මිනිස්සු දණින් වැටිලා ආදරය ඉල්ලන තරමට ඈට තිබුණේ  හිත්  වශී කරවන රූපයක් .... ඒ  වුනාට  දේවල් සිද්ධ වුනේ ඔහේ කිව්ව  විදිහටම නෙමේ. "

එයින් මා සිත කුතුහලය ඇවිස්සිණි. මේ මහත් බලාපොරොත්තුවෙන්  සිටි සත්‍යය හෙළි කරන මොහොතද? මා හට සියලු විස්තර  ලැබෙයිද? මුල දී මම කිසිත් අවිශ්වාස නොකලෙමි.

" ආ මගේ  මිත්‍රයා ! ඔයා මට කරන්නේ කොච්චර උදව්වක්ද ? අම්මෝ අන්තිමේ මගේ ඔලුව මේ බරින් නිදහස් වෙන්නයි  යන්නේ. ඉක්මනට කියන්න. හැමදේම කියන්න මට. "

නමුත් ඔහු මට සවන් නොදුණි . ඔහු මහා කල්පනා ලෝකයක අතරමං  වී සිටියේය. ඉන්පසු ඔහු සිහිනයෙන් මෙන් කතා කලේය. ඔහු අනාවරණය කල චරිත හා සිදුවීම් ඔහු විසින්ම මවා ගත්  බවක් පෙනිණි.

දොළොස් හැවිරිදි ඇන්ජලීන් හිරිමල් යෞවනයේ සුන්දරත්වය විදිමින් සිටියාය. සෑම දිනකම තම පියාට තුරුළු වී පෙම් බස් දොඩන අලුත් කුඩම්මා ගැන ඈ  බලවත් ඊර්ෂයාවකින් පෙළෙන්නට පටන් ගෙන ඇත. තමා මහත් පාවා දීමකට හසු වූ වා යයි  හැගීමකින්  ඇය  කනස්සලු වූවාය. එය තම මෑණියන්ට කරන නිග්‍රහයකටත්  වඩා   තමාට දෙන දරුණු වදයක් ලෙස සිතුවාය. සෑම  රාත්‍රියකම  ඈට  ඇසුණේ  තම මෑණියන් සොහොන් ගර්බයේ සිට ඈට අඬ ගසන බවයි. එක රාත්‍රියක ස්නේහය දරා ගත නොහැකිව වේදනා බරිතව මේ ලපටි දැරිය තියුණු පිහියකින් ලය පාසාරු කර ගත්තාය. මට කෑ ගැසුණි.

" දෙයියන්ට ඔප්පු වෙච්චාවේ! එහෙම වෙන්න පුලුවන්ද? කොයි තරම් බයහිතෙන  කතාවක්ද ? නොඇසුන් කන් ව ඔහු කතාව දිගටම කළේය. ඊට පසු දින ජී... මහතා සහ එම මහත්මියට , පිහි  තලයෙන් ලය පාසාරු කරගෙන , ඇද මත වැටී සිටි ඇන්ජලීන්ව හමු වී ඇත. මෙම යුවල ඉතාලියේ සංචාරය කිරීමට සූදානම්ව සිටි අතර නිවසේ සිටියේ දැරිවිය බලා ගැනීමට සිටි මහලු ස්ත්‍රිය පමණි. අපරාධයට  තමන්ට වග කිව යුතු වෙයි  බියෙන් ඔවුන් මහලු ස්ත්‍රියගේ උදව් ඇතිව අගේ දේහය නිවස පිටුපස විශාල දොඩම් ගසක් පාමුල වල දමා ඇත. මෘත දේහය එතනින් සොයා ගන්නා විට මාපියන් මිය පරලොව ගොස් ඇති අතර මහළු මෙහෙකාර ස්ත්‍රීය මෙම සිදුවීම පවසා ඇත.

මෙම කතාව පිළිබද  සැක සහිත නිසා  මම  කනගාටුවෙන් යුතුව ඔහුව හොඳින් නිරීක්ෂණය කලේ ඔහු කතා ගොතනවාද නැද්ද යනුවෙන් සිතින් විමසිමිනි.    

"ඒ වුනාට ඔබතුමාට විශ්වාස කරන්න පුලුවන්ද යටිගිරියෙන් කෑ ගසන අභිරහස් කට හඬට  උත්තර දෙන්න හැම රාත්‍රියකටම ඇන්ජලීන්ට එන්න පුළුවන් බව ? මම ඇසුවෙමි.

මෙවර ඔහු මා දෙස බලා නොසැලකිලිමත් ලෙස සිනාසෙන්නට වූවේය.

"පුනර්භවය , මගේ මිත්‍රයා ආ,  හැමෝම නැවත එනවා ! ඇයි  ඔබේ මේ ආදරණීය පුංචි ආත්මය ඈ  ආදරය කරපු දුක් විදපු තැනට ආපහු එනවට අකමැති?  අපට ඇහෙනවනම් කවුරු හරි  ඈට  කතා කරනවා , ආ තාමත් අලුත් ආත්මයක් ලබලා නැතිව ඇති, ආ අනිවාර්යයෙන්ම ආපහු එයි. ඒකෙ  නම් ආයේ දෙකක් නැහැ . මොකද හැමදේම පටන් ගන්නවා., මොකුත් නැතිවෙලා යන්නේ නැහැ. ආදරය, ලස්සන, හැම දේම !

ඇන්ජලීන්!  ඇන්ජලීන්!  ඇන්ජලීන්! ඇ මේ ඉර හඳ  යට කොහේ හරි ආපහු ඉපදේවි."

කෙසේ හෝ මේ කතා බහෙන් මට කිසිත් ඉස්පාසුවක් නොවීය. මගේ මහලු මිත්‍ර වී... කවියා මා තවත් කරදරේ පැටළුවා පමණය . නිසැකවම ඔහු කතාවක් ගෙතුවා විය හැකිය. සමහරවිට ඔහු අන් අය මෙන් දේවල් අනුමාන කළා විය යුතුය.

" ඔබතුමා  මට කියන දේවල් ඔක්කොම ඇත්තද ? සිනාසෙමින් ඔහුගෙන් ඇසීමට මම නොපැකිලුනෙමි. ඔහු ප්‍රීතියෙන් උද්දාමයට පත්විය.

"සත්තයි ... ඒක තමා  ඇත්ත. සෑම අවසානයක්ම ඇත්තක් නෙමේද ?

ටික කලකට පැරීසියෙන් බැහැරට යාමට සිදු වූ නිසා ඒ  මා ඔහු දුටු අවසන් වර විය. ලුක්සම්බූර් උද්‍යානයේ ධවල ස්තර වෙත නෙත් යොමාගෙන කල්පනා ලෝකයක අතරමං වෙමින් නමුදු අවසානයක් නොමැති තම සිහිනයේ ස්ථීරත්වය හමුවේ ඉතා සන්සුන්ව සිට ඔහුගේ රුව තවමත් මට මැවී පෙනේ.
එනමුදු මා සදාකාලික  සත්‍යයක් සොයමින් යන මං  මුලාවකු සේය.

   

III


මාස දහ අටක් ගෙවිණි. ඒ අතර තුර මට සංචාරය කිරීමට සිදුවිය. දුක සැප දෙකම මා දිවිය රසවත් කල අතර අලුත් දෑ සෙවීමට මම උනන්දු වීමි. නමුත් සමහරවිට ඈත  දුරක සිට පැමිණි එම ශෝක ජනක විලාපය මා දෙසවන් දෝංකාර දුණි. 

ඇන්ජලීන් ! ඇන්ජලීන් ! ඇන්ජලීන් ! 
සැකය නමැති යදම් වලින් වෙලා සිටි මම  සත්‍ය දැන ගැනීමේ වියරු ආශාවෙන් වෙව්ලමින් සිටියෙමි. මා හට කිසිවක් අමතක කල නොහැක. සැකය තරම් දරුණු අපායක් මා හට තවත් නැත.

ජූනි මාසයේ එක් පැහැබර සැන්දෑ වරුවක බයිසිකලයට නැගී හොල්මන් ගුහාවට දෙසට ඇදෙන අතුරු පාරේ යාමට මා ගත්  තීරණය ප්‍රහේලිකාවකි. මට නිවාස නැවත හරියාකාරව නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වූවාද? එවිට රාත්‍රී 8 ට පමණ ඇත. වර්ෂයේ දීර්ඝතම දවස් නිසා වලාකුළු තොරවූ අහස් කුස ,තවමත් රන්වන හිරු කිරණ වලින් ඒකාලෝක වී ඇත. සිහින් මදනල කොතරම් සිහිල්ද ? තුරුලිය හා තණ ගොමුවල පුසුඹ කොතරම්ද ? දසත විහුදුන  නිස්කලංක තණ පිටි හදවතට ගෙනෙන්නේ කොතරම් සෞම්‍ය බවක් ද ?



ප්‍රථම වතාවේ මෙන්ම හොල්මන් ගුහාව ඉදිරිපිට දී මා බයිසිකලයෙන් බිමට පැන්නේ මහත් විමතියෙන් ය .මම මොහොතකට  පැකිලුනෙමි. එය තව දුරටත් පැරණි නිවසක්  නොවීය. අලුතින් දැමු ගේට්ටු පියන් බැස යන හිරු කිරණ පතිත ව දිලිසෙමින් තිබිණි .


තුරු පෙළ අතරින් යාන්තමට පෙනුණු නිවස නව ප්‍රාණයක් ලැබ සිරියාවන්තව දිස් විය. එසේ නම් මෙය පෙර පැවසු පුනරුත්පත්තියද ?දුරින් ඇසුණු ස්වරය කන වැකුණු ඇන්ජලීන් නැවත ජීවය ලබා ගෙනද?


ඒ දෙස මුව අයාගෙන පාරේ නැවතී සිටි මම , අසලින් ඇසුණු පා හඬකින් තිගැස්සුනෙමි . ඒ අසල තණ පිට්ටනියෙන් එළදෙන දක්කාගෙන එන තුසැන් අම්මා  විය.


"එහෙනම් ඒ කට්ටිය බය වෙලා නැහැ ? නිවස දෙසට අතින් සන් කළ මම පැවසුවෙමි.


ඈ මා හඳුනාගෙන එළදෙන නවත්වා ගත්තාය. 

"ආ මේ මහත්තයා නේ .සමහරු යක්කුන්ටත් බය නැති උදවිය නේ. දැන් අවුරුද්දක් වෙනවා ගේ විකිණිලා .කලා කාරයෙක් තමා ඕක ගත්තේ බී... මහත්තයා, කලා කාරයින්ට හැමදේම ඔට්‌ටුයි නේ " ඊට පසුව ඈ හිස වනමින් එළදෙන දක්කාගෙන යන්නට  ගියා ය.

කොහොම හරි වෙච්ච දේවල් ටික දැනගන්න ඕනේ.


බී... චිත්‍ර ශිල්පියා ; පැරිසියේ සුරුපිනියන්ගේ චිත්‍ර ඇදපු විශ්වකර්ම කලාකරු ! මම ඔහුව තරමක් දුරට දැන සිටියෙමි .නාට්‍ය ශාලා වලදී ,චිත්‍ර ප්‍රදර්ශන වලදී මෙන්ම අප හමු වූ සෑම ස්ථානයකදීම අතට ඇත දී ආචාර කළෙමු .එකවරම නිවසට ඇතුළු වීමට මට ඇති වූයේ මැඩලිය නොහැකි ආශාවකි .ඒ හොල්මන් ගුහාව පිලිබඳ මා දන්නා සියලු තතු හෙළි කිරීමටය. බයිසිකලයේ යෑමෙන් දුවිල්ලෙන් නැහැ වුණු මගේ වස්ත්‍ර පවා තැකීමෙන් තොරව මා හනික බයිසිකලය ගසක් පාමුල ගාල් කලෙමි. ගේට්ටුවේ එල්ල තිබුණු සීනුව නාද කල විට සේවකයෙක් පැමිණියේය . හැඳුනුම්පත පෙන්වූ විට ඔහු මා මොහොතක් ගෙවත්තේ රඳවා ආපසු ගියේය .


වට පිට නිරීක්ෂණය කිරිමෙන් මගේ විශ්මය ඉහ වහා ගියේය. ඔවුන් නිවසේ ඉදිරිපස අලුත්වැඩියා කර ඇත .එහි තව දුරටත් කුඩා විවර හෝ ගැලවී ගිය ගඩොල් දක්නට නොලැබිණි . රෝස මලින් අලංකාර වූ පියගැට පෙළ දැන් ප්‍රීතියෙන් සිනා සෙන පිළිගැනීමේ දොරටුවකි. සුදු තිර රෙදි වවලින් සැඟවුණු නැවත ජීවය ලත් කවුළු පියන්පත් තුලින් දොරේ ගලා යන ප්‍රීතියක් පෙනිණි . කටු පඳුරු වලින් තොර වූ උද්‍යානය දිස්වුයේ සුගන්ධවත් මල් පොකුරක් විලසිනි. වසන්ත රන් රිවි කිරණින් නැහැවී , තනිව පිහිටි තුරු ගොමු නව ජවයකින් පිබිද සන්සුන් වී ඇති සේය .



සේවකයා නැවත පැමිණ තම හාම්පුතා අසල ගමකට ගොස් ඇති බවත් නමුත් විගසින් පැමිණෙන බවත් දන්වා මා විසිත්ත කාමරයට කැඳවාගෙන ගියේය.මා එහි කල්පයක් ගත කරන්නට ඇත.එනමුදු මා විසිත්ත කාමරය නිරීක්ෂණය කරමින් ඉවසිලිවන්තව සිටියෙමි. අනර්ඝ පාපිසි , ඝන කපු රෙදි වලින් මැසූ දොර රෙදි , විශාල කවිච්චියකින් හා හාන්සි පුටුවලින් යුතු වූ කාමරය රාජකීය ලෙසින් සැරසි තිබිණි . මේ තිර රෙදි කොතරම් ඝන ව මසා තිබුනාද කිවහොත් හදිසියෙන්ම කළුවර වීම ගැන මවිත විමි.


ඊට පසු  සම්පූර්ණයෙන්ම හාත්පස  අඳුර වැටී රාත්‍රිය උදාවිය. මා එතනට වී කොතරම් වේලාවක් ගත කළාදැයි නිනව්වක් නොමැත.  සියල්ලන්ට මා අමතකව ගොස් ඇති අතර නිවසේ පහන් පවා දල්වා නැත. අඳුරේ  අසුන්ගෙන මා නැවතත් ඇගේ ඛේදජනක  ඉරණම  ගැන ආවර්ජනා කරමින් සිහින ලොවකට පිවිසුණෙමි.  ඇන්ජලීන්ව කිසිවකු ඝාතනය කලාද ? නො එසේනම්  පිහිතලයෙන් ලය පාසාරු කරගෙන සිය දිවි නසා ගත්තාද ? ඝන අන්ධ කාරයේ වූ මේ හොල්මන් නිවස මා භීතියට පත් කලාය.  කොටින්ම කියතහොත් එයේ එසේ මෙසේ නොසන්සුන් තාවයක් නොව සිත කීරි ගසමින් ඇඟ  හිරිගඩු පිපෙන මහත්  සංත්‍රාසයකි. මනස කුණාටුවකට හසුව කැළඹව ගොස් ගත සීතල වී බියෙන්  සැලීනි .


මුලදී මා සිතුවේ නොපැහැදිලි ශබ්ද කන වැකුණේ ඈතින් කියාය. නිසැකයෙන්ම  ඒවා  නැගෙන්නේ බිම් මහලේ  ගැඹුරු  ආගාධයකිනි. වැළපිලි , අදෝනා  වේදනා සහගත  සුසුම් වැල් , භූතාත්මය තදින් පා තබන හඬ... ඈ  පිය ගැට පෙළ නැග්ගාය.  මා අසලට කෙමෙන් ලං වූවාය.  ඝන  කළුවරේ තිබූ නිවසේ මහත් පාළු  බියකරු  මූසල බවක් පැතිරිණි. එසැණින්ම  මර ලතෝනිය ඇසිනි.

ඇන්ජලීන්  !   ඇන්ජලීන්!     ඇන්ජලීන්!      ඇන්ජලීන්!      

යටි ගිරියෙන් නැගූ හඬේ  සීතල සුසුම් මා වත වෙලාගති. විසිත්ත කාමරයේ  දොරක් වේගයෙන් විවෘත වුනි. ඇන්ජලීන්   ඇතුල් වූවාය.  මා දෙස නොබලූ ඇය කාමරය හරහා ගියාය.  ඈ ත්  සමගම කාමරයට  ඇතුළු වූ එලියෙන් මම ඈ  හදුනා ගතිමි .  නියත වශයෙන්ම මියගිය දොළොස් හැවිරිදි  ළදැරිය වූවාය. 


දිව්‍යාංගනාවක්  සේ රූපකායකින්  හෙබි  උරහිස් තක් වැඩුණු  තඹවන්  කේශ කලාපයක් ඇති සුදු වස්ත්‍රයකින් සැරසී සිටි ඈ සෑම රාත්‍රියකම පැමිණෙන ඇන්ජලීන් විය. ගොලුවෙක් සේ ඇය  නිශ්ශබ්දව  අනිත් දොරින් නොපෙනී ගිය  අතර නැවතත්  දුරින් මර ලතෝනිය  ඇසෙන්නට විය . 

ඇන්ජලීන් !    ඇන්ජලීන් !    ඇන්ජලීන්!    නළලට වැටෙන සිහින් දා බිඳු සහිතව භීතියෙන් කරකියා ගත නොහැකිව මම එතනට වී ගල් ගැසී බලා  සිටියෙමි.

එවිටම  සේවකයා රැගෙන ආ ලාම්පු එළියෙන්  මට බී... මහතා  හඳුනා ගත හැකි වූ අතර ඔහු මට අතට අත දෙමින්  ප්‍රමාද  වී පැමිණීම ගැන සමාව ඉල්ලා සිටියේය.  මම ව්‍යාජ ලෙන්ගතුකමක් නොපෙන්වා  සිදු වූ සියලු දෙය බියෙන් වෙව්ලමින් නොවලහා ඔහුට කීවෙමි.        


ඔහු ඉතා පුදුමයෙන් සවන් දුන් අතර ඉන් පසු  ඔහුගේ මුවගට සිනා රැලි නැගිණි.


" මගේ ආදරණීය මිත්‍රයා , සමහර විට ඔබ දන්නේ නැතිව ඇති මම දෙවැනි පාර කසාද බැන්දේ ජී මහත්මියගේ ඥාතියෙක් බව  .  අනේ අසරණ  ගෑනු  කෙනා, තාත්තා තරමටම දරුවට ආදරය කරපු ඈව මිනී මරුවෙක් විදිහට හංවඩු ගහපු හැටි! එකම  ඇත්ත තමා  ඒ  අසරණ කෙල්ල මෙහෙ අන්තරා වුනු බව.  සියදිවි හානි කරගත්ත නෙමේ  දෙවියනේ  ඈ මලේ  එක පාරමට හැදුණු  උණ  සන්නිපාතයක්  හින්දා . හෙණයක්  ගැහුව වගේ  එක පාරමට සිද්ද වුන දේ  දරා ගන්න බැරුව  දෙමාපියන් කවදාවත් ආපහු  මෙහාට ආවේ නැහැ.  එක තම මේ ගේ පාලුවට  ගිහිල්ල තිබුනේ. ඈ  මිය ගියාට පස්සේ  මේ ගේ විකුණන  එක වලක්වන්න නොයෙක් දේ  සිද්ද වුනා. අවුරුදු  ගානක්  බලන් ඉදලා  මට මේක මිලට ගන්න පුදුම ආශාවක් තිබුනේ. මං  මහත්යාට දිව්රලා  කියන්නම් අපි මෙහාට ආවට පස්සේ  ඔය කියන කිසි දෙයක් දැක්කේ නැහැ.


 වෙව්ලමින් මම ගොත ගසන්නට වීමි.  


"ඒ  වුනාට මම ටික වෙලාවකට කලින්  ඇන්ජලීන්ව ඇස්  දෙකෙන්ම දැක්කා. යටි ගිරියෙන්  කෑ ගසන හඬකින් එයා කතා කරා .  ආ මෙන්න මෙතනින් කාමරය හරහා ගියා."


 සිහි විකල් වූ පිස්සෙක් දෙස බලන්නාක් මෙන් ඔහු මා දෙස බැලීය .  එසැනින් ඔහු කොක් හඩලා  සිනාසුනි.


" ඒ තමා මගේ දෝණි.  එයාව තමා ඔයා දැන්  දැකල තියෙන්නේ.  ඇගේ ඇපකර පියා ජී...  මහත්තය තමා  එයාගේ දෝණි මතක් වෙන්න ඇන්ජලීන් නම එයාට  දුන්නේ .  එයාගේ  අම්මා කතා කරපු හින්දා  මේ කාමරය හරහා යන්නට ඇති "


මෙවර ඔහු දොරක් විවෘත කළේය  


ඇන්ජලීන්!  ඇන්ජලීන්! ඇන්ජලීන්! 


ප්‍රීතියෙන් උද්දාමය පත් කුඩා දැරිවිය මෙවර සැබෑවටම නැවත  පැමිණියාය .  උරහිස තෙක් වැඩුණු තඹවන්  කේශ කලාපයෙන් හා සුදු වතින් සැරසී ඉතා දැකුම් කළු වූ ඈ බලාපොරොතු පොදි  බැදගෙන සිටියේ  වසන්ත සමයේ ආදරෙය් හා ප්‍රීතියේ සංකේතය බඳු මල් කකුලක් මෙනි.


අහා! නැවත පැමිණි සොදුරිය , මිය ගිය දරිවියගෙන් ප්‍රාණය ලද නව ළදැරිය මරණය  සරදමකට ලක් කර ඇත .  මගේ මිත්‍ර වී... කවියා  පැවසුවේ මුසාවක් නොවේ . නැතිවන කිසිවක් නැත. සියල්ල යලි යලි පටන් ගනී. එය ආදරයේ ඇති සුන්දරත්වය මෙනි. 


මවුවරු ඔවුන්ට අඬ ගසති. අද දිනයේ ලපටි දැරියන් හෙට දිනයේ ආදරවන්තියන් වේ. මේ ඉර හද යට ඔවුන් නැවත නැවත ඉපදේ.


දැරියගේ  මරණය හමුවේ නිවස  භූතාත්මයන්ගෙන්  පිරී තිබිණි.  

නමුදු අද දිනයේ " නිවස" නැවත තාරුණ්‍යට හා ප්‍රීති ප්‍රමෝදයට පත්ව සදාකාලික ජීවිතයේ සතුට නැවත බුක්ති විදියි.                    



Translated from French to Sinhala by Jahooli Devi
Short Story : Angeline ou la maison hantée  by Zola

Saturday, November 15, 2014

සාරාංශය




පිහි තල රිදෙයි;
දිය සුලි සැඩයි;
වස විස කසයි;
දුන් කොළ සැරයි;
පතරොම් මිලයි;
බාල්ක කැඩෙයි;
ගෑසුත්  ගඳයි;
ජීවිතේ සැපයි!


Translated by Jahooli Devi





Résumé 
by Dorothy Parker


Razors pain you;
Rivers are damp;
Acids stain you;
And drugs cause cramp.
Guns aren’t lawful;
Nooses give;
Gas smells awful;
You might as well live.