Sunday, April 28, 2019

ආදරය නම් වස්තුව

නෙක මිනිසුන් අතරින්
ආදරය  නම් වස්තුව
ලොකු මල්ලක
පුරවා කරින් ගෙන
පැමිණියේ ඔබ පමණයි

ආදරය එපා  කී විට
ආදර මල්ල විවර කර
රන් මිණි මුතු වන්
කරුණා දයා සෙනේ
පෙන්නමින්
මා සිත් සැනසුවේ
ඔබම පමණයි

රැජිනක් නොවන මා
කිරුළක් පළඳවා
ආදර ලෝකයේ
සිහසුන් රදවන්න
වෙහෙසෙන රජුත් ඔබමයි

එබැවින්
මා සිත් දොරටු ඔබට විවරයි
මගේ ලොව රජු ඔබයි
මගේ ආදරය ඔබට පමණයි.


Written by Jahooli Devi