Wednesday, November 8, 2017

හොරු les voleurs Thieves



                                                                    
මහරගම සිට විජේරාම දක්වා බස් එකට රුපියල් දොළහයි. රුපියල් විස්සක් දුන්නම කලාතුරකින් තමා  ඉතුරු හම්බ වෙන්නේ.  අද උදෙත් වුණේ එකම සිදුවීම.    
රුපියල් විස්ස දුන්නම කොන්දොස්තර « මාරු නැද්ද  මිස් » කියල මුලින් වරදක් කළා කියලා මට ඒත්තු ගන්නනවා . ඊට පස්සේ අතේ තියෙන විස්සේ දහයේ සීයේ කොළ පෙන්නනවා .

" මේ පේන්නේ නැද්ද ?  මම ඉතින් කතා නැතුව ඔහේ බලන් ඉන්නවා.  පුළුවන් ඉක්මනට එයා ඉතුරු දෙයි නේ

කොන්දොස්තර හරිම කලබලයකින් බස් එකේ එහා මෙහා යනවා. එයාගේ මූණ බලන හැම වෙලාවකම මාව මග හරින්නේ හරින්නේ කසාද බඳින්න කතා කලා වගේ.  මට කතා කරන්නත්  හිතෙනවා,  ඊට පස්සේ හිතෙනවා රුපියල් අටයි නේ , රුපියලත් පාවෙනව නේ . එයා රුපියල් අට උදෙන්ම මගෙන් හොරකම් කරන්න  ලෑස්ති වෙනවා. මමත් හොරකමට අනුබල දෙනවා . ටිකට් එකකුත්  දුන්නේ නැහැ. විජේරාම හන්දියෙන් බස් එක නැවැත්තුවා , අනිත් අය බැස්සා , සමහරුන්ට ඉතුරු හම්බ වුණා, මම ඉල්ලපු නැති නිසා මට හම්බ වුනේ නැහැ.
මිනිස්සුන්ගේ අවංකකම බලන්න හොඳ අවස්ථාවක් !

ත්රීවීල් ගත්තත් මට වෙන්නේ එකම දේයි . පික්මි, මීටර් ටැක්සි නැති දවස් වලට නිකන් ත්රීවීල් එකකට නැග්ගොත් මූණ බලල තම ගාණ කියන්නේ.
 
« හොටෙල් ටොපෑස් එක ගාවට », මම ගාණ අහන්නේ නැතිව නගිනවා , ගාණ  රුපියල් සීයයි සාමාන්‍යයෙන්.
හැමදාම යන නිසා නගින්න ඉස්සෙල්ල ගැන අහන්නේ නැහැ මම කවදාවත්.  බහිද්දී රුපියල් එකසිය පනහක් දෙනව මම වැඩිපුර හොඳටත්  එක්ක

« තුන්සීයයි ගාණ » 

« තුන්සීයයි, කිලෝමීටරයක් වත් නෑනේ ! »

« මිස් පෙන්නේ නැද්ද මෙහෙ ලොකු කන්දක් තියෙනවා » 

මම ඉතින් ඇත්තටම සමනල කන්ද වගේ ලොකු කන්දක් තියනවද කියල බලනව නුවර  ටවුන් එක මැද්දේ. හන්තානට ගියා නම් කමක් නැහැ . මම කට වහගෙන තුන්සීය දෙනවා. එයා වීරයෙක් වගේ ත්රීවීල් එකෙන් ඉගිල්ලිලා යනවා.

මෙහෙම කියද්දී මගේ සහෝදරයා කියනවා මේකී නම් මී හරකෙක් , සමහරු හිතනවා නෝන්ජල් කෙනෙක්. ඉතුරු සල්ලි ඉල්ලන වත් ශක්තියක් නැහැ . මහා මෝඩයෙක් . රවට්ටන්න පුළුවන් ලේසියටම. දෙනෝ දාහක් මැද  කතාවක් කරන්න පුළුවන් මට , ඉදිරිපත් වීමේ ශක්තියත් හොඳට ම තියෙන මට , මිනිස්සු ගේ හොරකම් ඉදිරියෙ ඉදිරිපත් වෙන්න බැරි ඇයි ??

හොඳම අඹ , අලිගැට පේර කියල අමු ගැට පලතුරු විකුණන මුදලාලි - නෝනා  ,  ලස්සන වෙන්න ගාන්න කියල බොරු මීපැණි විකුණන පොලේ ගෑනි - මිනිහා, කොන්දොස්තර - දොස්තර, ත්රීවීල් අයිය- මල්ලි, වේටර් - මැනේජර්  , පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමති හැමෝම සල්ලි වෙනුවෙන් හොර තක්කඩි කම් කරන්න උත්සාහ කරනවා .

අතර මම වැඩි පඩි ගෙවන රස්සා හැරලා , නිකම් වැඩ කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා . මට කැමති දේ හම්බ වෙනව නම් , පඩි නැතුවත් නිදි මරාගෙන වැඩ කරන්න ලෑස්තියි කියල මම සමහර වෙලාවට හිතෙනවා .
අනුන්ට බනින මම හොරකමේත් පොඩි "ආතල්" එකත් තියෙනවා කියල දන්නවා . එක දවසක් ප්‍රංශයේ කොච්චියේ යැද්දේ මම යුරෝ පහක ටිකට් එකක ගන්නේ නැතිව නිකන් ම ගියා .   වුනත් යන අතර දුම්රිය පරීක්ෂක යන හැම මොහොතේම තිගැස්සීමක් ඇති වුණා . අපරාදේ ටිකට් එකක් ගත්ත නම් කියල හිතුණා.

සල්ලි වෙනුවෙන් මිනිස්සු මරා ගන්නවා, සල්ලි වෙනුවෙන් මිනිස්සු ගුණ ධර්ම අමතක කරනවා , සල්ලි වැඩි කට්ටිය නිතරම ඒවා ගැන කතා කරනවා .සල්ලි කොළ ටිකක් විතරයි සල්ලි වැඩක් නෑ කියලා මම තරු පහේ හෝටල් වල ගාණත් බලනවා . සල්ලි ගිනි බෝල වගේ මගේ අතට ආවම මන් උඩ දදා  වියදම් කරනවා.

අස්සේ දේශනයකදී බලපු   1983 රොබර්ට් බ්රෙසන් අධ්‍යක්ෂණය කල   « සල්ලි »  ( L’argent) ප්‍රංශ චිත්‍රපටි  කතා වස්තුවත් මතක් වෙනවා.

Image result 
පැරිසියේ ඡායාරූප ශාලාවක මුදල් ගෙවීමේදී , ඉන්ධන පිරවුම් හලක සේවය කරන ඉවෝන් ටාජ්   හිත මතාම ව්‍යාජ මුදල්  «බොරු සල්ලි »  ලබා  දෙනවා . ඔහු දිවා ආහාරය සඳහා    සල්ලි වලින් බිල් ගෙවීම් කළ විට, ඔහු අත්අඩංගුවට ගෙන වරද කරුවෙක් කර  රැකියාව අහිමි කරනවා . ඔහුගේ පවුලට සහාය දීම සඳහා ඉවෝන් පාතාලයට සම්බන්ධ අපරාධ කරුවෙක් වෙනවා.

  අතර « ආනන්ද සර්පයා දුටුවාද ? , දිටිමි ස්වාමිනි »  කියල  දහම් පාසලේ පාඩම් මතක් වෙනවා

 « සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි කියල »  සින්දු දාල දෙවියන්ට පඬුරු  දානවා මිනිස්සු  « මල්ලිට »  ගිහින් දෙන්න කියලා.

« හීන තිබුණට  කෝටියක් අතේ නැහැ එක රුපියලක් »  ත්‍රීවීල් පිටි පස්සේ ගහල තියෙනවා. 

ප්‍රංශ නාටක ගුරු මොලියාර් ගේ « ලෝබයා »  නාට්‍යයේ  ගෙදර පිටි පස්සේ වලදාපු  සල්ලි පෙට්ටගම නැතිවෙලා කියල දැන  ගත්තම අර්පගොන් කෑ ගහන විධිය මතක් වෙනවා

HARPAGON:
"Au voleur, au voleur, à l'assassin, au meurtrier. Justice, juste Ciel. Je suis perdu, je suis assassiné, on m'a coupé la gorge, on m'a dérobé mon argent. Qui peut-ce être? qu'est-il devenu? où est-il? où se cache-t-il? que ferai-je pour le trouver? où courir? où ne pas courir? n'est-il point là? n'est-il point ici? qui est-ce? Arrête. Rends-moi mon argent, coquin... (Il se prend lui-même le bras.)
L'Avare , Act IV
HARPAGON:
Thieves! Thieves! Assassins! Murder! Justice, just heavens! I am undone; I am
murdered; they have cut my throat; they have stolen my money! Who can it be? What has
become of him? Where is he? Where is he hiding himself? What shall I do to find him? Where
shall I run? Where shall I not run? Is he not here? Who is this? Stop!
[To himself, taking hold of his own arm] 


 Image result for harpagon


















අතර සති දෙකකට ඉස්සෙල්ලා , මං පාරේ යද්දී වයසක මනුස්සයෙක් මගෙන් රුපියල් දොලොහක්  ඉල්ලනවා ඉස්පිරිතාලයේ යන්න.  කොන්දොස්තරට මං  දෙන ගාණම.

මං  රුපියල් සීයක් දෙනවා.   

එතකොට එයා කියනවා « අයියෝ    වැඩියි මිස්, රුපියල් දොලොහක්  හොඳටම ඇති කියල !!! »



Written by Jahooli Devi




Wednesday, November 1, 2017

La Carte et L'Épée


Image result for sri lankan map with a lion


J'ai dessiné une Carte
autour de moi
car j'avais peur...

Quand j'ai peur
Je vais au milieu de la Carte
tenant une épée à la main.

Je reste au centre de la Carte
Je n'ai plus peur
Grâce à cette Carte....

Pourtant,
J'ai peur
à cause de l'Épée.

Donc,
J'ai dessiné
une autre Carte.

Traduit par Jahooli Devi

Le poème en cinghalais : Sithiyama saha Kagapatha écrit par Prof.Liyanage Amarakeerthi

Monday, October 16, 2017

කුරුළු අනියම් පෙම


Image result for grey hornbills couple painting


පෙම්බරා
එනු මැන
කිරිල්ලිය  හා කුරුළු පැටවුන්
අතහැර
මා වෙත ...

බැඳීම් ඉරා විසිකර 
නැවතත්
බැඳෙන්නට
ඇගේ තටු සිඳ දමා
මා හා ඉගිලෙන්නට
කුරුළු පැටවුන් පෙළා
මා හා කිචි බිචි ගාන්නට

පෙම්බරා
එනු මැන විගස
මා කූඩුවක්
තනන්නට පෙර ...


By Jahooli Devi