Thursday, April 23, 2020
Monday, September 16, 2019
ගැහැණු ඉරණම් Destiny of women
ගැහැණු ඉරණම්
ලියන්නට හැකිනම්
කථාවක් අලුතින්
කියාවි සුප්පා දේවියන්
සිංහයා ලෙනට එන විට
සවසට ලයන් සෙය්යයාවෙන්
මූනම් මහා
තිරිසනෙක්
ඇසුවොත් යලිත්
මනමේ කුමරියගෙන්
කඩුව දුන් හේතුවක්
සිඳින්නට කුමරුන්ගේ ගෙල
පවසාවි ඈ නොපැකලී
නොලද බව
සුරතාන්තයක්
පිටපතින් පිටට ගොස්
ජැක් සීතලේ නොගිලී
මියැදුණේ නැත්තම්
රෝස් කයි අද රෑටත්
රෝස් පාන්
සම්බෝල සමගින්
රාමුවෙන් පිටට පැන
සිනා සෙන්නට හැකිනම්
ලෝපතළ
මොනාලීසා ටත්
පෙන්නාවී
ඈ කැඩුණු දත් හතර
මිනිහාගේ පා පහරින් ....
By Jahooli Devi
Tuesday, August 13, 2019
L’étranger by Charles Baudelaire - ආගන්තුකයා French poem
ආගන්තුකයා
French poem : L’étranger
by Charles Baudelaire
- ගුප්ත මිනිසා , පවසන්න
ඔබ වඩාත් ආදරය කරන්නේ
ඔබගේ පියාටද , මවටද , සහෝදරියටද , සහෝදරයාටද ?
- මට පියෙක්, මවක්, සහෝදරියක්, සහෝදරයෙක් නොමැත.
- ඔබගේ
මිතුරන්ටද ?
ඔබ පවසන
වදනේ තේරුම මට අද වනතුරුත් පැහැදිලි
නොමැත.
- ඔබගේ රටටද ?
- එය කුමන
අක්ෂාංශයේ පිහිටියෑ දැයි වත් මම නොදන්නෙමි.
- රූප ශෝබාව ටද ?
- අමරණීය
දෙවගනක් බඳු රූපයක් ලබන්නට මමද
කැමැත්තෙමි.
- රත්රන් ද ?
- ඔබ
දෙවියන් පිළිකුල් කරන තරමටම මම එයටද අකමැතියි.
එසේනම්
අමුතු ආගන්තුකය, ඔබ කැමති කුමටද ?
මම කැමති
වලාකුළු වලටයි. අර ඈතින් ඈතින් පාවෙන වලාකුළු ...
මන බඳින වලාකුළු වලටයි!
Translated by Jahooli Devi
Labels:
french poems,
Sinhala translations,
translations
Subscribe to:
Posts (Atom)